Like
Like Love Haha Wow Sad Angry

පරිප්පු කියන්නේ අපි එදිනෙදා කෑම වේලට නැතුවම බැරි දෙයක්නේ.ඉතින් කෑම වේලට එකතු කරගත්තට පරිප්පු වලින් pack එකක් දාලා තියෙනවද.මම නම් හිතන්නේ නැහැ.ඉතින් curfew නිසා හෙට අනිද්දා marry කරන්න හිටපු ඔයාට marry කරන්න හම්බ වුනේ නැහැ නේද ?ඒ වගේම saloon යන්න එකට යන්න වුණෙත් නැහැ.මොකද ඉතින් saloon වහලනේ.ඉතින් එහෙමයි කියලා wedding එක නොගෙන බැහැනේ.කැමතිද wedding එක දවසට අනිත් අයට හිතාගන්නවත් බැරි ,තරමට ලස්සන වෙන්න.කොහොමත් කාටවත්ම හිතාගන්නවත් බැරි වෙයි.saloon යන්නේ නැතුව කොහොමද මෙච්චර ලස්සන වුණේ කියලා.වැඩි කතා නැතුව pack එක හදාගමු

මොනවද ඕනේ වෙන්නේ

  • රැයක් වතුරේ පොඟවා ගත් පරිප්පු (අවශ්‍ය ප්‍රමාණයට)
  • කිරි කෝප්ප 1/3ක්

හදාගන්නේ මේ විදිහට

  • පරිප්පු ටික blender කරගන්න
  • ඊටපස්සේ blender කරපු පරිප්පු වලට කිරි දාලා mix කරන්න
  • හදාගත්ත paste එක දැන් මුහුණේ ආලේප කරන්න
  • පැය භාගයකින් සෝදන්න

මේ පරිප්පු pack එක දාන එකෙන් සම පැහැපත් කරනවා ,ලප කැළැල් නැති කරනවා ,pimples ඇතිවීම වළක්වනවා,සම පිරිසිඳු කරනවා සහ skin එකේ oily ගතිය නැති කරනවා.ඒ නිසා ගොඩක් හොඳයි.

ගෙදර ඉන්න වෙලවට කරලා බලන්න.මේ දවස් වල saloon යන්න විදිහක් නැතුව හරි යන්න වෙලාවක් නැතුව හරි ඉන්න කෙනෙක්ට මේක ගොඩක් හොඳයි.saloon ගියත් මේ pack එක දාන්න නම් අමතක කරන්න එපා wedding එක දවසට ලස්සනට ඉන්න ඕනේ නම්

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here