Like
Like Love Haha Wow Sad Angry

ඔයයි එයයි marry කරලා දැන් කොච්චර කාලයක් වෙනවද? සමහරවිට තවමත් දරුවෙක් නැති වෙන්න් පුළුවන්.ඒකට හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්,වැරදි සෞඛ්‍ය පුරුදු ,තරබාරුව වගේම සරුබව නොමැතිවීම වෙන්න පුළුවන්.හැබැයි ඔයාට පුළුවන් ඔයාගේ සරුබව වැඩි කරගන්න.මම ඔයාට කියලා දෙන්නම් සරුබව වැඩි කරගන්න පුළුවන් ආහාර වර්ග කිහිපයක් ගැන

01) නිවිති

නිවිති වලින් සිරුරට අවශ්‍ය Folic acid ලබා දෙන්න පුළුවන්.නිවිති විතරක් නෙමෙයි හැම පලා වර්ගයක්ම ගර්භනී මුල් කාලයේ ගොඩක් වැදගත් වෙනවා.

02) කෙසෙල්

විටමින් B6 ගුණයෙන් අනුන කෙසෙල් ශුක්‍රාණු හා ඩිම්බ වර්ධනය කරන නිසා ගැහැණු පිරිමි දෙපක්ෂයටම හොඳයි

03) මී පැණි

පොටෑසියම්, සෝඩියම්, සින්ක් වැනි ඛණිජ ලවන සහ ඇමයිනෝ ඇසිඩ් අඩංගු වන මී පැණි අතීතයේ සිටම සරුබව වෙනුවෙන් භාවිතා කරලා තියෙනවා

04) සුදුළුණු

Onion වල තියෙන සෙලනියම් සහ විටමින් B6 වලින් ගබ්සා වීම වළකන අතර ප්‍රතිශක්තිය සහ හෝර්මෝන ක්‍රියාකාරිත්වය ශක්තිමත් කරනවා.

05) බිත්තර

විටමින් D ගුණය තියෙන බිත්තර half boiled කරලා ආහාරයට ගන්න.ඒ විදිහට බිත්තර ආහාරයට ගත්තොත් ඔයාට අවශ්‍ය Progesterone සහ අනෙක් hormones නිපදවෙන්න ලේසි වෙනවා

06) පැඟිරි කුලයේ පලතුරු

දොඩම්, ලෙමන් , දෙහි සහ මිදි කියන පලතුරු වල විටමින් C ගුණය බහුලව තියෙන නිසා ශුක්‍රාණු ඩිම්බය කරා යාම ශක්තිමත් කරනවා.ඒ වගේම ඔයාගේ hormones ක්‍රියාවලියත් සමතුලිත කරනවා.

07) පෙයාස්

සින්ක් අඩංගු පෙයාස් වලින් කාන්තාවන්ගේ Estrogen සහ progesterone hormones සමතුලිත ලෙස පවත්වාගෙන යාමට උදවු කරනවා.

08) ආමන්ඩ් සහ අලිගැටපේර

ආමන්ඩ් සහ අලිගැටපේර වල තියෙන Vitamin C නිසා කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ සරු භාවය වැඩි කරගන්න පුළුවන්

ඉතින් ඔන්න ඔය කෑම වර්ග තමයි සරු බව වැඩි කරන කෑම.ඔයාගේ සරුබව කොහොම වුණත් මේ කෑම වර්ග කනවා නම් ඔයාගේ සරුබව වැඩි වෙනවා.එතකොට ඉතින් පුංචි පැටියෙක් ඉක්මනට ගෙදරට අරන් එන්න ඔයාට පුළුවන්

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here