Scramble කියන්නේ අපි නිතරම කන දෙයක්නේ.හැබැයි එක එක ජාතියේ Scramble තිබුනට අපි Masala Egg Scramble කාලා නැහැනේ.සමහරවිට කාලා ඇති.හැබැයි ගෙදරදී හදලා කාලා නැහැනේ.ඒ නිසා මම අද ඔයාට කියල දෙන්නම් කොහොමද රසම රස Masala Egg Scramble එකක් ගෙදරදීම හදාගන්නේ කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය

- චොප් කරපු ළූණු ගෙඩියක්
- චොප් කරපු තක්කලි ගෙඩියක්
- චොප් කරපු අමුමිරිස් කරලක් දෙකක්
- තලාගත්ත සුදුළූණු බික් 2
- ලුණු
- ගම්මිරිස් තේ හැඳි 1/4
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- ගරම් මසාලා තේ හැඳි 1/4
- බිත්තර 2
- බටර් මේස හැන්දක්
- තෙල් තේ හැඳි 1/2
කොහොමද හදාගන්නේ

- තෙල් සමඟ බටර් රත්වෙන්න තියන්න.
- ඒකට ළූණු, සුදුළූණු, අමුමිරිස්, තක්කලි දාල තෙම්පරාදු කරගන්න.
- ළූණු බැදිලා එනකොටම අනිත් සේරම එක්ක ලුණු දාගන්න.
- තෙම්පරාදු වෙලා තක්කලි වලින් වතුර උනනකොටම වතුර මේස හැඳි 2ක් දාල අඩු ගින්දරේ විනාඩියක් දෙකක් කලවම් කරන්න.
- මේකට බිත්තර දෙක කඩල දාගෙන ගින්දර පොඩ්ඩක් වැඩි කරල ඉක්මණට Scramble කරගන්න.
ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි Masala Egg Scramble හදාගන්නේ.රසයි නේද.මේක ගෙදර අයටත් හදලා දෙන්න.ඔයා කොච්චර රසට හදලද කියලා එයාලත් ඔයාට කියයි.හැමදාම කන curry වලට වඩා වෙනසක්නේ.



