ලස්සන Wedding එකක් ගන්න plan කරද්දී ඔයාට ඇති වන ලොකුම ගැටලුවක් තමයි cost එක. මොකද ඔයා හම්බ කරලා හෝ ඔයා ළඟ තියෙන සල්ලි වලින් කොච්චර ප්‍රමාණයක් වියදම් කරන්න පුළුවන්ද කියලා ඔයා දන්නවනේ. හැබැයි ඒ මුදලට වඩා මෙහිදී ඔයාගේ වියදම වැඩි වෙන්න පුළුවන්. ඒ විදිහට ඔයාගේ cost එක වැඩි නම් අනිවාර්යෙන්ම wedding එකට යන cost එක ටිකක් අඩු කරන්නම වෙනවා.
සාමාන්‍යයෙන් ඔයා wedding එක plan කරද්දී මුලින්ම list එකක් හදාගන්නවා. ඉතින් cost cutting කරද්දී මේ list මුලින්ම ළඟට ගන්න. දැන් ඔය list එකේ ඔයාට ලස්සනටම වෙන්න ඕන කියලා නම් කරපු අංග කීපයක් තියෙනවා. ඒ දේවල් ඔයාගේ හිතේ තියෙන විදිහටම සාධාරණ මිළකින් අදාළ සේවය ලබාගන්න. ඒවායේ වෙනසක් කරන්න යන්න එපා.හැබැයි ඔයාට ඒ තරම් වැදගත් නැහැ කියල list එකේ පහළට දාපු දේවල් තියෙනවා. ඒ දේවල් වලට ගැන තමා දැන් ඔයාගේ අවධානය යොමු වෙන්න ඕන. ඔයාගේ වියදම් අඩු කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඔයාලටත් මේ දේවල් ගැන ටිකක් හිතලා බලන්න.
- අමුත්තන් සංඛ්‍යාව අඩු කරන්න
- Bridesmaid, bestmen සංඛ්‍යාව අඩු කරන්න
- Non-alchoholic wedding නොගෙන ඉන්න
- Cake structures විදියට අර දැවැන්ත රිජිෆෝම් කෑලි වලට යන්නෙ නැතුව කන්න පුළුවන් simple cake එකක් සූදානම් කරගන්න
- කිරි කල නෑවීම්, champagne fountain වගේ ප්‍රදර්ශන වැඩ අත්හරින්න
- Going away change කරන්න ඕනමද කියල හිතන්න
- Pre shoot/ pre shoot video වගේ දේවල් ගැන දෙතුන් වරක් හිතන්න. මේවට Photography cost එකට අමතරව transport සහ ඇඳුම් වලට සෑහෙන ගණනක් වියදම් වෙන්න පුළුවන්
- Hotel එකක්ම ගන්නෙ නැතුව villa එකක් වගේ අරගෙන පිටින් catering කරන්නත් පුළුවන්
- ජනප්‍රිය band එකක් නැතුව ජනප්‍රිය නැති ලස්සනට play කරන band එකක් හෝ Dj එකක් හොයාගන්න.
- Wedding car rent කරනවා වෙනුවට යාළුවෙක්ගෙ car එකක් කතා කරලා ඒ දවසට arrange කරගන්න.
මේ විදිහට ඔයාගේ wedding එකේ cost එක අඩු කරගෙන Stress එකක් නැතුව ඔය දෙන්නටම relax එකේ wedding එක plan කරගන්න පුළුවන්. ජීවිත කාලෙම හම්බ කරපු ධනය හරි, රට වටේ ණය වෙලා ගත්ත සල්ලි වලින් හරි wedding කරන්න එපා.wedding එකට පස්සෙත් ඔයාලා කාලා ඇඳලා ජීවත් වෙන්න ඕන කියන එක මතක තියාගන්න. හැම වියදමකටම යන්න කලින් දෙපාරක් හිතන්න



