ලඟදි විවහා වෙන්න නේද ඉන්නේ.විවාහයට අවශ්‍ය දේවල් නම් දැන් හොඳටම සුදානම් නේද.?ඒ වුනාට ඔබේ හිසකෙස් සඳහා මොන වගේ කොණ්ඩා මෝස්තරයක්ද ගැලපෙන්නේ කියලා තාම හිතුවේ නැද්ද ?.මංගල දිනය වෙනුවෙන් හැමදේම ලෑස්ති කරනවා වගේම ඔබේ කොණ්ඩය ගැනද විශේෂ අවධානයක් යොමු කල යුතුයි.මොකද විවහා දිනය ඔබේ ජිවිතයේ වැදගත්ම දවස නිසා මේකප් ,ඇඳුම් පැළඳුම් වගේම කොන්ඩ විලාසිතාව ගැනද අවධානය යොමු කරන්න ඕනි.මේ කියන්නේ ඒ සඳහා ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් ගැනයි
01) ඔබගේ මංගල ඇඳුම
ඔබ තෝරාගන්නේ සරල මංගල ඇඳුමක් නම් අලංකාර විලාසිතාවකින් යුතු කොණ්ඩා මෝස්තරයක් ගැලපෙනවා.මංගල ඇඳුම අධික විලාසිතාවකින් යුක්ත නම් එහිදී ඔබගේ කොණ්ඩා විලාසිතාව සරල ලෙස සකසා ගන්න.ඒ වගේම ඒ කොණ්ඩා මෝස්තරය ඔබගේ මුහුණේ හැඩයට මනාව ගැලපෙන්නට අවශ්‍යයි
02) හිසකෙස් වල ප්‍රමාණය
මංගල දිනයේ හිසකෙස් විලාසිතාව කල යුත්තේ ඔබගේ හිසකෙස් වල ප්‍රමණය සහ දිඟ පිළිබඳව අවබෝධයක් ඇතිවයි.මොකද ඔබ සාමාන්‍ය දිනකදී දමන විලාසිතාවට වඩා වැඩි ප්‍රමුඛතාවයක් මංගල දිනයේදී කොණ්ඩා විලාසිතාවට ලබා දීමට අවශ්‍යයි
03) රූපලාවන්‍ය ශිල්පියා සමඟ කතා කරන්න
ඔබට අවශ්‍ය කොණ්ඩා විලාසිතාව මොකක්ද කියලා රූපලාවන්‍ය ශිල්පියා සමඟ කතා කරන්න.ඒ වගේම ඔබම විවිධ විලාසිතාවන් ගැන අධ්‍යනය කරන්න.ඒ වගේම ඒවා ගැන රූපලාවන්‍ය ශිල්පියා දැනුවත් කර මංගල දිනයට පෙර ඔබට ගැලපෙනවද යන්න පරික්ෂා කර ගැනීමට අත්හදා බලන්න.
04) හිසකෙස් කැපීම
ඔබ හිසකෙස් වල අඟ කපා දමනවා නම් එය විවහා උත්සවයට මාස කිහිපයකට පෙර සිදු කරන්න.කිසිවිටකත් මංගල දිනයටපෙර දිනයේදී හිසකෙස් කැපීම සිදුකරන්න එපා .මොකද රුපලාවන්‍ය ශිල්පියාට අත්වැරදීමකින් හෝ හිසකෙස් වැඩිපුර කැපී හැකි නිසා



