Like
Like Love Haha Wow Sad Angry

Wedding වල Budget ගැන කියද්දී බයත් හිතෙනවා නේද.?මොකද ඉතින් ගොඩක් අය Wedding ගන්නකොට දස අතේ ණය වෙලා ලොකුවට Wedding එක ගන්නවානේ.ඊට පස්සේ ගෙවා ගන්න විදිහක් නැතුව ආයිමත් කරන්නේ අර ණය ගෙවන්න තව ණය වෙන එක.මොකද ඉතින් අපි නොදන්නවා වුණාට Wedding එකෙන් පස්සේ කවුරුවත් කියන්නේ නැහැනේ අරහෙට ණයයි මෙහෙට ණයයි කියලා.පොඩි කාලේ ඉඳන්ම ඔයා ඔයාගේ Wedding එක ගැන හීන බලනවා.ඒ නිසා ඔයා දැන ගන්න ඕනී ණය නොවී Budget එක Balance කර ගන්න.ඉතින් ඒ නිසාමයි මම අද ඔයාට කියන්න හදන්නේ කොහොමද Wedding එකේ Budget එක Balance කර ගන්නේ කියලා.

Wedding එක ගන්නේ කොහොමද ?

Wedding එක ගැන එක එක අය හිතන්නේ එක එක විදිහට.මගේ Wedding එක අරහෙම ගන්නවා මෙහෙම ගන්නවා කියලා චුටි හරි Hope එකක් තියාගෙන තමයි හැමෝම ඉන්නේ.ඉතින් ඒ කොහොම වුනත් Wedding එක ළඟදී ගන්න ඉන්න කෙනෙක්ට වෙනවා ඒ ගැන අවසාන තීරණයකට එන්න.ඒ නිසා ඔයා මුලින්ම හිතන්න ඔයා ගන්නේ මොන වගේ Wedding එකක්ද කියලා.ඒ වගේම Home Coming එක කියන්නෙත් සැලකිය යුතු පිරිසක් එන Function එකක් නිසා ඒ ගැනත් හිතන්නම වෙනවා.

මේ ගැන ඔයා ඔයාගේ Life Partner එක්ක කතා කරන්න.දෙන්නගෙම Idea මොනවද කියලා බලන්න.ඔයා හිතනවට වඩා වෙනස් විදිහකට එයා හිතලා තියෙන්නත් පුළුවන්නේ.ඔයාලට හිතන්න පුළුවන් යාළුවොයි නෑදෑයෝයි විතරක් එන Function එකක් ,එහෙමත් නැත්නම් Traditional Wedding එකක් විදිහට ඔයාගේ Wedding එක ගන්න.ඔයාට හිතෙනවා නම් කවුරුවත් අරන් නැති වෙනස්ම විදිහක wedding එකක් ගැන එයත් එක්ක කතා කරන්න.ඊට පස්සේ දෙන්නගෙම Idea ගැන List එකක් හදලා අපි දෙන්නා මේ විදිහට Wedding එක ගමු කියලා Decision එකක් ගන්න.

Wedding එකට යන වියදම

දැන් කරන්න තියෙන්නේ කළින් ඔයාලා කතා වුණ විදිහට Plan එකේ තියෙන දේවල් Details එක්ක ලියා ගන්න එක.මොකද මොන දේ කරන්නත් කලින් හොඳ Master Plan එකක් තියෙන්නේ ඕනී.ඊට පස්සේ මේ List එකට අනුව ඔයාට හොඳටම තියෙනේ ඕනී මොනවද කියලා List එකේ උඩින්ම ලියා ගන්න.ඔයාට හිතෙනවා නම් Wedding Decoration හොඳටම තියෙන්න ඕනී කියලා,එහෙමත් නැත්නම් Photography පැත්ත හොඳටම තියෙන්න ඕනී කියලා ඒ දේවල් ගැන වැඩි අවධානයක් ලබා දෙන්න.ඒ නිසා ඒ ගැන List එකේ උඩින්ම ලියා ගන්න.

දැන් මේවට යන වියදම බලන්න

ඊළඟට කරන්න තියෙන්නේ ඒ List එකට අනුව ඔයාගේ Budget එක හරියටම හදා ගන්න එක.වියදම ගැන බලන්නේ නැතුව කිසිම දෙයක් හරියට කර ගන්න බැහැ.ඉතින් ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය වෙන Decoration ගැන ඒ Companies එක්ක කතා කරලා Requirement එකට අනුව Payment ගැන කතා කර ගන්න.එහෙමත් නැත්නම් Wedding එකට කලින් තියෙන Wedding Exhibition එකකට සහභාගී වෙලා බලන්න.මොකද ඒ වගේ අවස්ථා වලදී ඔයාට අවශ්‍ය සියලුම දේවල් ගැන හොඳ Experience එකක් ගන්න පුළුවන්.අනිත් එක තමයි එක එක දේවල් වලට එක එක පාර ඇවිදින්නේ නැතුව එක පාරම හැමදේම කර ගණන් පුළුවන්.ඇයි තව Benefit එකක් තියෙනවා.ඒ තමයි ඔයාට හොඳ packages ටිකක් ගන්නත් පුළුවන්.ඒ නිසා ඒ වගේ දේවල් Miss කර ගන්න එපා.

Budget එක හදමු

දැන් ඔයා හදපු List එකේ තියෙනවනේ හොඳටම තියෙන්නේ ඕනී මොනවද කියලා.ඒ ගැන තමයි මුලින්ම හිතන්න වෙන්නේ.අන්න ඒ දේවල් වලට ඔයාගෙ හිතේ තියෙන දේ ඒ විදියටම කරලා දෙන Company එකකින් අදාළ සේවය ලබාගන්න.ඒවා වෙනස් කරන්න යන්න එපා.ඊට පස්සේ අර ඔයා වැඩිය මුල්තැනක් දීපු නැති දේවල් ගැන දැන් හිතන්න පුළුවන්.ඒ දේවල් ඔයාට වැඩිය ලොකුවට කර ගන්න වුවමනාවක් නැත්නම් දෙන්නම කතා කරලා ඒ දේවල් පොඩි budget එකකට කර ගන්න.

ඔයාගේ වියදම අඩු කර ගන්න පුළුවන් තවත් Tips තියෙනවා

  • Bridesmaid, Best Menලා වැඩිපුර ගන්න හිතනවා නම් ඒ ප්‍රමාණය අඩු කරන්න.
  • ගොඩක් අය Wedding එකට Alcoholic ගන්නවනේ.ඔයාට පුළුවන් Wedding එක Non – Alcoholic විදිහට කරන්න.
  • පැමිණෙන Guest’s ලා ප්‍රමාණය අඩු කරන්න.
  • Preshoot වගේ දේවල් ගැන දෙතුන් වරක් හිතන්න.මේවට Photography Cost එකට අමතරව Transport සහ ඇඳුම් වලට සෑහෙන ගණනක් වියදම් වෙන්න පුළුවන්.
  • Champagne Fountain වගේ දේවල් අත්හරින්න.
  • Going Away Change කරන්න ඕනමද කියල හිතන්න.
  • Wedding Car Rent කරනවා වෙනුවට යාළුවෙක්ගෙ Car එකක් කතාකරල ඒ දවසට Arrange කරගන්න.

ඉතින් ඔයාගේ Wedding Budget එක ගැන හිතන එකනේ ලොකුම ප්‍රශ්නේ වෙලා තිබුනේ.දැන් ඒ ප්‍රශ්නේ විසඳ ගන්නේ කොහොමද කියලා මම ඔයාට කියල දුන්නා.මේ විදිහට ඔයා Wedding එකේ Budget එක Plan කර ගන්නවා නම් ඔයාට කිසි කරදරයක් නැතුව Budget Balance කර ගන්න පුළුවන්.ළඟදී Marry කරන්න ඉන්න ඔයාට ,නැත්නම් ඔයාගේ යාළුවාට මම කියපු මේ දේවල් ගොඩක් වැදගත් වෙයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here