ඔයාගේ කෙට්ටු වෙන Dream එක හැබෑ කරන්න තමයි මම මේ හදන්නේ.ගොඩක් අය කියන කතාවක් තමයි මගේ බර වැඩි වෙලා.මොකක්ද දැන් කරන්නේ කියන එක.නොකා නොබී , අරවා මේවා කර කර බර අඩු කර ගන්න දගලනවා.ඒ වුනත් බර අඩු කර ගන්න කියලා ඔයා කරන සමහර වැරදි පුරුදු නිසා බර අඩු කර ගන්න එක හීනයක්ම තමයි.ඒත් එක්කම ඔයා බර අඩු කර ගන්න කියලා Green Tea බොනවනේ. ඒ කොහොම වුනත් Weight එකේ නම් කිසිම වෙනසක් වෙලා නැහැ කියලා කණ්නාඩිය ඉස්සරහට ගියහම ඔයාට තේරෙනවා.ඉතින් අද මම හිතුව Green Tea බොන හරිම විදිහ ගැන ඔයාට කියන්න.
Green Tea ගන්නේ කොහොමද ?

Super Market වලට ගියහම හැමදේම තියෙන්නේ Easy වෙන්නනේ.ඉතින් Green Tea වුණත් ගන්න තියෙන්නේ Tea Bag විදිහට.ඒ කොහොම වුනත් Green Tea වල තියෙන හොඳම ගුණය ලබා ගන්න නම් Bag විදිහට නැතුව තියෙන Green Tea Packet එකක් ගන්න.එහෙම නැත්නම් ඔයා ගෙදරදීම Green Tea හදා ගන්න.ඇයි දන්නවද මම එහෙම කිව්වේ. Green Tea Packet කරනකොට ඒකේ තියෙන සමහර පෝෂණ කොටස් අඩු වෙනවා.ඒක නිසා ඔයාට කරන්න පුළුවන් තේ කොළ අරගෙන ඒවා බොන්න ගන්න.කඩෙන් ගන්නවට වඩා ඔයාට එකෙන් හොඳ Result එකක ගන්න පුළුවන්
හදන විදිහත් වැදගත්

ඔයා Green Tea බොනකොට කරන වැරද්දක් තමයි Sugar දාලා බොන එක.ඒක නම් ඇත්තටම වැරදි වැඩක්.Green Tea එකට Sugar දාලා බිව්වොත් නම් කවදාවත් ඔයාට Slim වෙන්න බැහැ.මොකද Sugar කියන්නේ Body එකට වැඩිය හොඳ දෙයක් නෙමෙයි.තව දෙයක් තමයි Green Tea එකේ Type එක අනුව ඒක සකස් කරද්දී Boil කරන වෙලාව වගේම වතුරේ Temperature එකත් වෙනස් වෙනවා.ඒ නිසා ඔයා ගන්න Green tea එකේ තියෙන Instructions හරියටම බලන්න ඕනී.
දවසට කී පාරක් බිව්වොත්ද හොඳ ?

සාමාන්‍යයෙන් කියන්නේ නම් එක දවසකට Green Tea Cup 03 විතර බොන්න කියලා.ඉක්මනින් බර අඩු කර ගන්න ඊට වඩා ප්‍රමාණයක් බොන අය හිටියත් ඒකෙන් වෙන වෙන Side Effect ඇති වෙනවා.ඒ කියන්නේ ලොකු ලොකු බය වෙන තරම් දේවල් නෙමෙයි.නින්ද යන්නේ නැති එක සහ Gastritis වගේ දේවල් ඇති වෙන එක තමයි වෙන්නේ.නැත්නම් හරියටම Green Tea බොනවා නම් කන ගමන් තමයි ගන්න ඕනී.ඒකත් ඉතින් Gastritis තියෙන අය නම් කරන්න එපා.මොකද එකෙන් ඔයාගේ Gastritis තත්වය වැඩි වෙන්න පුළුවන් නිසා.
එහෙම නැත්නම් පිළිකා, දියවැඩියා සහ මොලයේ වර්ධනය ගැන හිතලා ඔයා Green Tea බොනවා නම් කෑම අරගෙන පැය 02කට විතර පස්සේ තමයි බොන්න හොඳම
අනිත් වැදගත්ම දේ තමයි උදේ නැගිට්ට ගමන් නම් Green Tea බොන්න එපා.ඒකෙන් ඔයාගේ Body එක Dehydrate වෙලා ක්ලාන්තය නැත්නම් කරකැවිල්ල වගේ අපහසුතා ඇති වෙනවා .ඒ නිසා අනිවාර්යයෙන් ඒ ගැනත් හිතන්න
Green Tea බොනවා නම් Exercise කරන්නම ඕනීද ?.

ඔව්.අනිවාර්යයෙන්ම Exercise කරන්න ඕනී.මොකද Green Tea බොන එකෙන්ම විතරක් බර අඩු අර ගන්න බැහැ.හැබැයි Green Tea බොන්න ඕනී Exercise කලාට පස්සේ නම් නෙමෙයි.Exercise කරන්න කලින් තමයි Green Tea බොන්න ඕනී.ඒ විදිහට Green Tea බොන එකෙන් ඔයාගේ බර අඩු කර ගන්න එක ඉක්මනින්ම කර ගන්න පුළුවන්.
ඒ විතරක් නෙමෙයි Green Tea වලින් බර අඩු කර ගන්නවට අමතරව තව Benefits ගන්න පුළුවන්.ඒ මොනවද දන්නවද ?ඔයා නිතරම Green Tea බොනවා නම් මොළයේ ක්‍රියාකාරිත්වය නිකන්ම වැඩි වෙනවා.ඒ වගේම මොලයේ ප්‍රතික්‍රියා දැක්වීමේ වේගය, මතක ශක්තිය වර්ධනය හා මානසික රෝග ඇති වීම වළක්වනවා.
ඔයාගෙ මුඛයේ තියෙන Bacteria සහ Virus විනාශ කරල දාන්න මේ Green Tea වලට පුළුවන්.ඒ විතරක් නෙමෙයි දුර්ඝන්ධය වැළැක්වීමටත් උගුරේ ආසාදන වැළැක්වීමටත් Green Tea වලට පුදුම හැකියාවක් තියෙනවා.
ඔයා Green Tea එකක් ගන්නවා නම්

කුරුඳු ,ගොරකා ,සුදු ළූනු ,Green Tea අඩංගු වෙලා තියෙන Green Tea එකක් තමයි ගන්න ඕනී.
මේ දේවල් වලින් ඖෂධීය ගුණයක් ලැබෙනවා වගේම ඔයාගේ සිරුරේ තියෙන අනවශ්‍ය මේදය , කාබොහයිඩ්රේට් දහනය කරලා, බර අඩු කරලා නම්‍යශීලි සිරුරක් ලබා දෙනවා.
වෙළඳපොළේ තියෙන සමහර Green Tea වල, Green Tea වලට අමතරව වෙනත් Ingredient වර්ග එකතු කරලා තියෙනවා.ඒකෙන් Slim වෙන එකට අමතවර තවත් Benefit ගන්න පුළුවන්.ඉතින් ඔයා මේ වෙනකන් Use කරපු Green Tea එකෙන් හරියටම Result ලැබුනේ නැති නිසා Green Tea එකක් ගන්නකොට මම කලින් කියපු දේවල් තියෙනවද කියලා බලන්න අමතක කරන්න එපා.
ඉතින් ඔයා දැනගෙන හිටියේ නැහැනේ හරියටම Green Tea බොන්නේ කොහොමද කියලා.අන්න ඒක නිසාමයි ඔයා කොච්චර Green Tea බිව්වත් බර අඩු කර ගන්න බැරි වුණේ.ඔන්න ඉතින් මම අද ඔයාට කිව්වා හරියටම Green Tea බොන්නේ කොහොමද කියන එක.අද ඉඳන් මම කියපු විදිහට Green Tea බොන්න පටන් ගත්තොත් ඔයාට බර අඩු කර ගන්න එක නම් Easy වැඩක්.



