Like
Like Love Haha Wow Sad Angry
1

ලෝකයම මේ වෙනකොට දරුණු කොරෝනා වසංගතයට මුහුණ දීලා තියෙනවා . ඒ නිසා කරන්න හිටපු ගොඩක් දේවල් මග නතර කරන්න වුණා.ඒ වගේම තමයි ගොඩක් wedding වුණත් නතර කළා.ඒ ලොකු crowd එකක් wedding වලට එන නිසා සහ කොරෝනා අවදානම ගන්න බැරි නිසා,ඉතින් ඔය විදිහට මග නතර වුණ wedding ගන්නේ paln කරගන්න මම ඔයාට Help කරන්නම් .මම අද කියන්න යන්නේ කල් ගිය wedding එක කොහොමද හොඳින්ම paln කරගන්නේ කියලා

අලුත් දිනයක් තීරණය කරන්න

කළින් තීරණය කරලා තිබුණ Date එකට ඇත්තටම wedding එක ගන්න බැරි වුණානේ.ඒ නිසා hotel එකත් එක්ක කතා කරලා අලුත් DATE එකක් බලන්න.ඒ date එකට Photographer /Beautician ,Florist කියන අයට පුළුවන්ද කියලා Confirm කරගන්න.ඒ හැමදෙයක්ම මුල ඉදන්ම කරන්න තියෙන නිසා ඔයා අනිවාර්යයෙන්ම ඉස්සරහට තියෙන දිනයක් ගැන බලන්න වෙනවා.මම නම් කියන්නේ හැමදේම ready කරගන්න ඕනේ නිසා මාසයක් දෙකක් පස්සට දාලා wedding එකට date දාගන්න,මොකද ඔයා ඔයාගේ facial සහ Other Treatments කරගන්නත් ඕනෙනේ.ඒ විතරක් නෙමෙයි wedding dress Design,hairstyle ,makeup හැමදෙයක්ම tryal කරලා බලන්න ඕනේ.

Crowd එක තීරණය කරන්න

දැන් තියෙන නීති රීති රෙගුලාසි වලට අනුව අපිට wedding එක ලොකුවට ගන්න විදිහක් නැහැ.ඒ නිසා ඔයා දිනයක් වෙන් කරගන්න ඕනේ.කළින් ඔයා hotels book කරලා තිබුණා වුණත් දැන් අයෙමත් ඒ දේවල් කරන්න වෙනවා.ඒ නිසා Hotel එක book කරපු ගමන් Invitation Reprint කරන්න.ඊට කළින් ඔයා තීරණය කරන්න Crowd එක කීයක්ද කියන එක.එතනදී ඔයාගේ ළඟම නෑදැයෝ සහ හොඳම යහළුවෝ කිහිප දෙනෙක්ට විතරක් invite කරන්න.ඒ වගේම දැනුම් දීලා තියෙන විදිහට නීති රීති අනුගමනය කරන්න.

හැබැයි ඔයා මීට කළින් invitation යවලා තියෙනවා නම් Date එක confirm කරගත්ත ගමන් ඒ අයගෙන් අත්‍යවශ්‍යම අයට විතරක් Over the Phone දැනුම් දෙන්න.මොකද හැමෝම මේ වෙලාවේ ආරක්ෂා වෙන්න ඕනේ කියලා දන්නවනේ.ඒ විතරක් නෙමෙයි ඔයාගේ Budget එකත් අඩු කරගන්න පුළුවන්

අනෙකුත් දේවල්

වෙනදා වගේ අපිට ලොකු Crowd එකක් දාගෙන wedding එක කරන්න බැහැ.ඔව්.මම දන්නවා ඔයා හිතාගෙන හිටියේ ලොකුවට wedding එකක් අරගෙන ඔයාගේ ලස්සනම දවස ගොඩක් ලස්සන කරගන්න කියලා.ඒ වුණාට දුක් වෙන්න එපා.wedding එක ලස්සනට ගන්න පුළුවන්.හැබැයි හැමෝම ආරක්ෂා වෙන්න ඕනේ.ඔයාගේ wedding එක මල් වලින් ලස්සන කරන Florist ඉන්නවනේ.එයාට මුලින්ම ඇවිත් hotel එක බලන්න කියන්න.ඊටපස්සේ නීති රීති වගේම ඔයාට hall එක අවශ්‍ය විදිහ ගැන පැහැදිලිව කියන්න.

ඒත් එක්කම ඔයාත් ඔයාගේ ආරක්ෂාව සලසා ගන්න ඕනේ.ඒ නිසා පුළුවන් තරම් වැඩ එක දවසක කරන්න උපරිම උත්සහ ගන්න.ඒ කියන්නේ එක දවසක යනවා Beautician එක්ක කතා කරන්නන ,තව දවසක යනවා Photograper එක්ක කතා කරන්න.ඒ විදිහට නම් කරන්න යන්න එපා.පුළුවන් තරම් වැඩ ප්‍රමාණයක් එක දවසක කරගන්න. මොකද කාලය කියන දේ දැන් ගොඩක් වටින නිසා

අනිත් එක wedding hall එකට ඇතුළු වෙන තැන Hand Snitizer එකක් තියන්න,මොකද wedding එකට එන හැමෝම නිරන්තරයෙන් ආරක්‍ෂිත උපක්‍රම අනුගමනය කල යුතුයි. Hotel එකත් ඒ ගැන බලාගනියි.ඒ වගේම wedding එකට එන අමුත්තන් ප්‍රමාණය අඩු නිසා Table ප්‍රමාණය ටිකක් වැඩි වෙනවා.Dancing Floor එකත් නැති වෙන තරමට හොඳයි .ඔයාට තේරෙනවනේ මේ හැමදෙයක්ම කරන්නේ හැමෝගෙම අරක්ශාවට කියලා .ඒ නිසා මෙන්න මේ දේවල් ගැනත් ඔයා හිතට අරගෙන ඔයාගේ ජිවිතේ සුන්දරම දවස ලස්සනට plan කරන්න

Budget එක

කළින් wedding එකට ඔයා බර ගාණක් වෙන් කරන්න ඇති.හැබැයි දැන් ඒ හැමදෙයක්ම සීමිත කරන්න වෙනවා.මේ තියෙන තත්වේ එක්ක හැමෝගෙම ආර්ථිකය හොඳටම කඩාගෙන වැටිලා තියෙන්නේ.ඒ නිසා හැමෝම බලන්නේ ආර්ථිකය නැවත ගොඩ නගා ගන්න.ඒ නිසා ඔයාගේ beautician ,photographer කළින් මුදලට වඩා වැඩි මුදලක් ලබා ගන්න ඉඩ තියෙනවා.ඒත් එහෙම වෙන්නේ ඔයා කළින් paln කරපු විදිහටම wedding එක ගන්න ගියොත් තමයි.දැන් කොහොමත් preshoot එක ගන්නත් බැහැනේ.ඉතින් ඒ නිසා photographer කළින් කියපු Budget එක අඩු කරන්න වෙනවා.ඒ වගේම hall එක ,කෑම බිම ,invitation හැමදෙයක්ම කළින් හිතා ගත්තට වඩා ගොඩක් අඩු වෙන නිසා ඔයාගේ budget එකත් ඉතුරු කරගන්න පුළුවන්

ඉතින් ඔයා මෙන්න මේ දේවල් ගැන අනිවාර්යයෙන් හිතන්න ඕනේ.මොකද දැන් තියෙන ආරථික තත්වය එක්ක කිසිම දෙයකට අනවශ්‍ය විදිහට වියදම් කරන්න පුළුවන්කමක් කාටවත් නැහැ.කාටවත් කිව්වේ ඔයාලා දෙන්නගේ family වලට සහ wedding එකට සහභාගී වෙන අයට.අන්න ඒ නිසා හැමදෙයක් ගැනම හොඳට හිතලා බලලා wedding එක ලස්සනට plan කරන්න

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here