මේ දවස් වල ගෙදර ඉන්න නිසා අපේ අම්මලා වගේම දූලත් එක එක කෑම වර්ග හදනාවා.ඉතින් මම දන්නවා ඔයාලගේ ගෙදරත් එහෙම එක එක ජාතියේ කෑම වර්ග හදනවා කියලා.ඒ කෑම වර්ග වලට මම තවත් රසම රස කෑමක් එකතු කරන්නම්.ඒ තමයි එක එක විදිහට හදන්න පුළුවන් french toast
මොනවද අවශ්‍ය වෙන්නේ

- බීට් කරගත් බිත්තර සුදුමද 03
- පාන් පෙති 4
- කිරි 200ml
- බටර් මේස හැන්දක්
- සුදු ළූනු
- කරපිංචා
කොහොමද හදාගන්නේ

- සුදු ළූනු සහ කරපිංචා සිහින්ව කපා ගන්න.
- ඊටපස්සේ පාන් පෙති හරහට දෙකට කපාගෙන තියාගන්න.
- බීට් කරගත් බිත්තර වලට කිරි, කරපිංචා , සුදු ළූනු එකතු කරලා mix කරගන්න .
- ඊළඟට පාන් පෙති බිත්තර මිශ්‍රණයේ පොඟවන්න.
- පාන් පෙති පෙඟෙන අතර තුර Nonstick pan එකක බටර් රත් කරන්න.
- එක පැත්තක් විනාඩියක් පමණ වන සේ පාන් පෙති ටික දෙපැත්තම මද ගින්දරේ පිස ගන්න.
අන්තිමට ඉතින් රස බලන්නනේ තියෙන්නේ.බලන්නකෝ රස නේද ? මම නම් හිතන්නේ ඔයා අයෙමත් දවසක french toast හදයි,මොකද ඉතින් අද හැදුවේ sure එකක් නැතුවනේ.ඊළඟ දවසේ නම් එහෙම වෙන්නේ නැහැ.මම දන්නවා ඔයා ඊලඟ දවසේ හොඳට හදනවා.



