Like
Like Love Haha Wow Sad Angry
1

Wedding එක දවසට ලස්සනට ඉන්න මොන Girlද අකමැති.ඔයාත් කැමති, මාත් කැමතියි.ඉතින් wedding එක දවසට සුන්දරත්වය වැඩි කිරීමේ වගකීම පැවරෙන්නේ රූපලාවණ්‍ය ශිල්පියාටයි. හැබැයි ඊට කලින් ඔයා ලස්සන කරන්න පුළුවන් නිවැරදිම රූපලාවණ්‍ය ශිල්පියා තෝරාගන්න ඕන. ඒ සඳහා අද මේ කියන tips ටික ඔයාට ගොඩක් වැදගත් වෙයි.

රූපලාවණ්‍ය ශිල්පීන් ගැන විස්තර හොයන්න

සමාජ ජාල ඔස්සේ හෝ ඔයාගේ මිතුරියන් මනාලියන් ලෙස හැඩ ගැන්වූ රූපලාවණ්‍ය ශිල්පීන් ගැන සොයන්න. facebook එකේ, websites වල සුන්දර ලෙස මනාලියන් හැඩ ගැන්වූ ශිල්පින් ගැන ඕන තරම් විස්තර තිබෙනවා. ඔයා wedding planner කෙනෙක් තෝරා ගන්නවා නම්, ඒ කෙනා මාර්ගයෙන් වුණත් හොඳ රූපලාවණ්‍ය ශිල්පීන් හොයාගන්න අමාරු නැහැ. ඉන්පසුව ඒ ඒ රූපලාවණ්‍ය ශිල්පීන්ව සම්බන්ධ කරගෙන ඔවුන්ගෙන් විස්තර විමසන්න. ඔවුන්ගේ මිල ගණන් ලැයිස්තුවක් සකසන්න. ඊට පස්සේ ඉතින් ඔයාට පහසු ගාන සහ දක්ෂ රූපලාවණ්‍ය ශිල්පියෙක් තෝරාගන්න.

ඔවුන් සමඟ හැකිතාක් සුහද වෙන්න

ඔයාගේ රූපලාවණ්‍ය ශිල්පියා සමඟ සුහද වී කටයුතු කිරීම මඟින් ඔයාගේ අදහස් ඇයට හෝ ඔහුට කියන්න ඉතාම පහසුයි. තර්ක කිරීම් වලින් තොරව මිත්‍රශීලි ලෙස ඔයාගේ වුමනාව ඔවුන්ට පවසන්න. ඔයා කැමති සාරි විලාසිතා, මල් සැකසුම්, කණ්ඩායමේ විලාසිතා ආදිය ගැන ඔවුන් සමඟ සාකච්ඡා කරන්න. සාරියක් මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් රූපලාවණ්‍ය ශිල්පියාගේ අනුදැනුම මත ඒවා සිදු කරන්න අමතක කරන්න එපා. වෙනම වේලාවක් සකස් කරගෙන wedding එකට කලින් දවසක රූපලාවන්‍ය ශිල්පියා මේකප් එකක් සහ කොණ්ඩ විලාසිතා කරලා බලන්න.

සෑම තීරණයක්ම සාකච්ඡා කරන්න

ඔයාගේ නැකැත් වේලාවන් හා ඡායාරූප ශිල්පියාට ඔයාව අවශ්‍ය වෙලාව ගැන රූපලාවණ්‍ය ශිල්පියා දැනුවත් කර තබන්න. ඒ වගේම ඔයා ගොයින් අවේ විලාසිතාවකට මාරු වෙනවා නම් එය අවශ්‍ය වෙලාව ,ඔයාව හැඩගන්වන්නේ උත්සව ශාලාවේ කාමරයක ද, රූපලාවණ්‍යගාරයේ ද , නැත්නම් ඔයාගේ නිවසේ ද යන්න ගැන එකඟතාවයකට පැමිණෙන්න.ඒ වගේම දෙවෙනි මනාලියන් හා මල්කුමාරියන් රූපලාවණ්‍ය ශිල්පිනියට කල් තියා මුණ ගස්වන්න.

ඔයා විවාහයට පෙර ලබා ගන්නා සියලු රූපලාවණ්‍ය සත්කාර, හිසකෙස් සැකසුම් ආදිය ඔබේ විවාහයේ හැඩගැන්වීම් කරන ශිල්පියාගෙන්ම ලබා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම මල් සැකසුම් සිදු කරන්නන්, ඡායාරූප ශිල්පියා, වෙඩින් Planer කෙනෙකු සිටී නම් ඒ අය රූපලාවණ්‍ය ශිල්පියාට මුණ ගැස්වීමද වැදගත්. මොකද ඔවුන්ට කතාබහ කරලා හොඳ තීරණ ගන්න පුළුවන් වෙයි.

ඔයාගේ විවාහ මංගල උත්සවයේ ප්‍රධාන තැන හිමි වන්නේ රූපලාවණ්‍ය ශිල්පියාටයි. ඒ නිසා ඔහුව තෝරා ගැනීම, ඔයාගේ සහකාරයා තෝරා ගැනීම වගේම කල්පනාකාරීව නිවැරදිව සිදු කරන්න.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here