Bride කෙනෙක් වෙන්න ඔයා ඇඟිලි ගැන ගැනනේ ඉන්නේ. ඉතින් Wedding එකට ලෑස්ති වෙනවා කියන එක එතරම් පහසු දෙයක් නෙවෙයි. ඒකට මාස 5, 6කට කලින් ඉඳලවත් සූදානම් වෙන්න වෙනවා. මෙහිදී ඔයා ඇඳුම් පැළදුම්, decoration, ඒ හැම දෙයක්ම සැළසුම් කරනවා. හැබැයි ඔය අතරේ ඔයා wedding එක දවසේ වැඩි සැළකිල්ලක් දැක්විය යුතු කරුණු කිහිපයක් ගැනයි මං මේ කියන්න යන්නේ.

ඔයා දන්නවාද? Wedding එක දවසේ ගොඩක් අයගේ වැඩිපුර අවධානයට ලක්වන දෙයක් තමයි ඔයාගේ සහ groom අතර ඇති උස. එය ඡායාරූප ලබා ගැනීමේදීත්, පෝරුවේදීත් වගේම wedding එක පුරාවටම ගොඩක් වැදගත් වෙනවා.
ඒ නිසා groom උසින් අඩු නම් ඔයාට ගැලපෙන්නේ උසින් අඩු hairstyle එකක්. ඒ වගේම ඒ hairstyle එක ඔයාගේ මුහුණටත් ගැලපිය යුතු වෙනවා. පහතරට හෝ ඉන්දියානු bride කෙනෙක් groom උස වැඩි අයෙක් නම් ඇගේ වේලය මදක් උස් කර සකසනවා. එමෙන්ම ඔහු ටිකක් මිටි කෙනෙක් නම් brideගේ වේලය සාමාන්‍ය උසකට සකස් කරගන්න පුළුවන්.
ඒ වගේම brideගේ කරමාලයත් groomගේ උසට බලපාන බව ඔයා දන්නවාද? ඔයා හිතු මනාපයට හෝ trend එක වෙලා තියෙන fashion එකේ විදිහට කරමාලය තෝරාගැනීම කවුරු අතින් වුණත් නිතරම සිදු වෙන වැරැද්දක්. හැබැයි groom උස කෙනෙක් නම් ගැලපෙන්නේ බෙල්ලටම ඇති කර මාලයක්. ඔයා සහ groomගේ උස එක සමාන උසක් නම්, ගැළපෙන්නේ දිග කරපටියක් සහිත මාලයක්.
එමෙන්ම groom උස වැඩි කෙනෙක් නම් ඔයාට දිගු ටසල් වැනි earrings දෙකක් දාන්න. Groom මිටි නම් ඔයාට සුදුසු වන්නේ තරමක විශාල earrings දෙකක්. ඒ විතරක් නෙවෙයි, groom උස කෙනෙක් නම් ඔයාගේ saare blouse එකේ අත දිගට මසන්නත් අමතක කරන්න එපා.
ඔයාගේ ජීවිතයේ සුන්දරම දිනය තවත් හැඩ කරගන්නට මේ කරුණු ගැන ඔයා දැනගෙන සිටිය යුතුමයි. ඒ වගේම ඔයාව හැඩගන්වන රූපලාවන්‍ය ශිල්පීන්ටත් මේ දේවල් ගැන අවබෝධයක් ලබා දෙන්න.



