කෝපි වලට ගොඩක් අය කැමතිනේ. ඉතින් මම කියන්න ලෑස්ති වෙන්නේ, විනාඩි 15න් කෝපි වලින් රසම රස Coffee Brownies හදාගන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
- කජු හෝ රට කජු කප් 2 1/2
- ඇට ඉවත් කරගත් රට ඉඳි කප් 2
- කොකෝවා Powder කප් 3/4
- ක්ෂණික කෝපි තේ හැඳි 1ක් හෝ 2ක්
- ලුණු ස්වල්පයක්
සාදාගන්න ආකාරය
- කජු කප් 2ක් හොඳින් Blend කරගන්න.
- එයට කොකෝවා Powder , කෝපි සහ ලුණු එකතු කර යළි Blend කර භාජනයකට දාගන්න.
- රටඉඳි ටිකත් තරමක කෑලි හිටින්න අඹරාගන්න.
- දැන් රටඉඳි මිශ්‍රණයට කජු මිශ්‍රණය එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
- එයටම ඉතිරි කජු කප් 1/2 කුඩා කැබලි වලට කපාගෙන එකතු කර කලවම් කරන්න.
- දැන් මිශ්‍රණය ඔයිල් පේපර් එකක් දමාගත් tray එකකට දමා අතින් තද කරමින් සකස් සකස් කරන්න.
- පසුව පැයක් පමණ Fridge එක set වෙන්න තියලා කෑලි කපාගන්න.
ගෙදරට යාළුවෙක්, නෑදෑයෙක් ආවම දෙන්නත්, හවස තේ මේසයට වගේම party එකකට වුණත් Coffee Brownies කියන්නේ රස අතුරුපසක්.



