Like
Like Love Haha Wow Sad Angry

ඔයාගේ මංගල දිනය වෙනුවෙන් හැමදේම ලෑස්ති කරනවා ඇති. හැබැයි සමහරු නම් කොරෝනා නිසා wedding එක කල් දාලත් ඇති. බැහැයි ඒ කොහොම වුණත් wedding කලින් ඔයාගේ හිසකෙස් ගැනත් දැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. ඒ හින්දා ඔයාගේ ජිවිතේ හොඳම දවසේ ලස්සන වෙන්න මෙන්න මේ කරුණු ටික ඔයාට ගොඩක් වැදගත් වෙයි.
නිවැරදිම කොණ්ඩා විලාසිතාව තෝරා ගන්න අමතක කරන්න එපා

  • ඔයාගේ මංගල ඇඳුමට ගැලපෙන ලෙස කොණ්ඩා විලාසිතාව තෝරා ගැනීමෙන් ඔයාගේ පෙනුමට පරිපූර්ණ සුන්දරත්වයක් එක් කර ගන්න පුළුවන්. ඔයාගේ මංගල ඇඳුම සරල විලාසිතාවක් නම්, ඔයාට තරමක් විලාසිතාබර කොණ්ඩා මෝස්තරයක් ගැලපෙනවා. ඔයාගේ මංගල ඇඳුම මෝස්තර අධික ඇඳුමක් නම්, බොහෝ විට ඔබට ගැලපෙන්නේ සරල කොණ්ඩ විලාසිතාවක්.
  • ඔයාගේ මංගල දිනයේ ඔයාගේ විලාසිතාවන් වල සුන්දරත්වය වගේම, පහසුව ගැනත් සිතීම වැදගත්. උණුසුම් කාළගුණික අවස්ථාවක ඔයාට දරා ගැනීමට අපහසු කොණ්ඩා විලාසිතාවක් දමා සිටීමෙන් දහදිය දැමීම නිසා පීඩාවට පත් වෙන්න පුළුවන්. ශීතල කාළගුණයක වායුසමීකරණය කළ මංගල ශාලාවක ඔයා විවාහ උත්සවය පවත්වනවා නම්, මේ ගැටලුව ඇති වන්නේ නැහැ.
  • හිස කෙස් විලාසිතාවන් අනුගමනය කළ යුත්තේ ඔයාගේ කෙස් කළඹේ දිග සහ ප්‍රමාණය අනුවයි. වෙනත් දවසක දමන හිස කෙස් විලාසිතාවන්ට වඩා ඔයාගේ මංගල දිනයේ යොදන හිස කෙස් විලාසිතාවට ප්‍රඛත්වය ලබා දිය යුතුයි.

රූපලාවන්‍ය ශිල්පියා සමඟ එකඟතාවයකට පැමිණෙන්න

ඔයාගේ හිතේ තියෙන අදහස් හා කැමැත්ත ගැන ඔයාගේ රූපලාවන්‍ය ශිල්පියාට කියන්න.ඒ කියන්නේ, ඔයා කැමති කොණ්ඩ විලාසිතාවන් ගැන ඔහුව හෝ ඇයව දැනුවත් කරන්න.ඊටපස්සේ ඔයාට ගැලපෙනම කොණ්ඩ විලාසිතාව තීරණය කර ගැනීම සඳහා රූපලාවන්‍ය ශිල්පියා සමඟ සාකච්ඡා කරන්න.

ඒ වගේම ඔයාට පුළුවන් වෙලාවට අන්තර්ජාලය හා සඟරා හරහා අලුත්ම මනාලී කොණ්ඩ විලාසිතාවන් ගැන අධ්‍යයන කරන්න අමතක කරන්න එපා. සියලු වගකීම් රූපලාවන්‍ය ශිල්පියා වෙත පවරා බලා සිටින්න එපා.

එමෙන්ම ඔබ රූපලාවන්‍ය ශිල්පියෙකු තෝරා ගැනීමේදී ඔහු හෝ ඇය සමඟ සාකච්ඡා කිරීමේ අවස්ථාව ලබා ගන්න. මොකද සමහර රූපලාවන්‍ය ශිල්පින්ට අවශ්‍ය ඔයා සමඟ සාකච්ඡා නොකරම, ඔවුන්ට අවශ්‍ය විලාසිතාවන් පමණක් කිරීමට වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි අය සමඟ ගනුදෙනු කිරීමේදී පරිස්සම් වෙන්න.

විවාහ දිනයට පෙර කොණ්ඩ විලාසිතාව දාලා බලන්න

ඔයා දමනා කොණ්ඩ විලාසිතාව ගැන කලින්ම තීරණය කර සිටියත්, එය ඔයාගේ මුහුණට හොඳින්ම ගැලපෙනවාද? නැද්ද? යන්න කලින් අත්හදා බලන්න. ඒ හින්දා wedding එකට සතිකට හෝ කලින් ඔයා දාන කොණ්ඩ විලාසිතාව දාලා බලන්න. එය ඔයාගේ මුහුණට ගැලපෙන්නේ නැත්නම් වෙන විලාසිතාවක් try කරන්න.

විවාහය ආසන්න වී හිස කෙස් කපන්න එපා

ඔයාගේ හිස කෙස් වල අග කපා දමනවා නම්, එය විවාහ උත්සවයට මාස කිහිපයකටවත් පෙර සිදු කරන්න. නැත්නම් wedding එක ලං වෙලා කැපුවොත් ඔයා කැමති කොණ්ඩ විලාසිතාව කරන්න බැරිවේවි.

wedding දවසට ලස්සනට ඉන්න නම් මුහුණ දෙන සත්කාර ගැන විතරක් හිතලා මදි.කොණ්ඩ විලාසිතාව ගැනත් ලොකු අවධානයක් දෙන්න. මොකද ඔයාගේ ලස්සන කැපිලා පෙන්න නම් කොණ්ඩ විලාසිතාව ගොඩක් වැදගත්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here