Like
Like Love Haha Wow Sad Angry
1

විවාහය හා දික්කසාදය කියන්නේ එකිනෙක සම්බන්ධ මාතෘකා දෙකක්. හැබැයි එකිනෙකා ආදරයෙන් හෝ යෝජනාවකින් බැදන දෙන්නෙක්ගේ ආදරයක අවසානය උසාවියෙන් අවසන් වෙනවා නම් ඉන් පිඩාවට පත් වන්නේ ඔයාල දෙන්න විතරක් නෙවෙයි. ඔයාලා දෙන්නගේ දරුවන් පවා මානසික පීඩනයකට ලක් වන බව මතක තියාගන්න.

ඉන් දරුවාගේ අනාගතයට ලොකු බලපෑමක් කරනවා. එමඟින් සමාජයෙන් ඉවත්වීම, වරදකාරිත්වය සහ අපරාධ වැඩි වීම වන අනිටු ප්‍රතිවිපාක ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා දෙන්නගේ දික්කසාදයත් සමඟ මතු වන ගැටළු වලට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරන්න.

දික්කසාදයට පෙර

ඔයා කුඩා දරුවන් සිටින දෙමාපියෙක් නම්, උපදේශන සේවාවකට යොමුවීම වඩාත් සුදුසුයි. දික්කසාදයෙන් පසු දරුවා රැකබලා ගැනීම , මානසිකව සූදානම් කිරීම කියන්නේ ලොකු වගකීමක්. ඒ නිසා දික්කසාදයට පෙර ගොස් උපදේශකයෙක් හමුවන්න. දික්කසාදයෙන් පසු දරුවන්ට දෙමව්පියන් දෙනො මුණ ගැසිය හැකි ආකාරය, ඔවුන් රැකබලා ගැනීම මෙන්ම දික්කසාදය ගැන දරුවන්ට දැනුම් දෙන විදිහ වගේම තවත් උපදෙස් රැසක් ඔයාට ලබාගන්න පුළුවන්. එමඟින් සමහරවිට දික්කාසද වෙන්න යන ඔයාට හොඳ විසඳුමක් ලබා ගැනීමටත් හැකියාව ලැබෙයි.

දික්කසාදය අතරතුර

ගොඩක් දික්කසාද නඩු දිග්ගැස්සෙනවා. ඒ වෙනුවෙන් ඔයාට බොහෝ මුදල්ද වියදම් කිරීමට සිදුවෙන්න පුළුවන්. ඒ හින්දා නඩු මගට බැස දික්කසාදය දිගින් දිගටම ඉදිරියට ඇද ගෙන යන්නේ නැතුව දික්කසාද වෙන්න අවශ්‍ය නම් සමාදානයෙන් වෙන් වෙන්න. එමෙන්ම දෙදෙනා එකිනෙක තේරුම් අරන් දරුවාගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න. ඒ වගේම දරුවා කා භාරයේ සිටින්නේද යන්න තීරණය කිරීම මෙන්ම දරුවා කෙරෙහි රැකවරණය සහ පාලනය තිබිය යුත්තේ කාටද යන්න තීරණය කිරීම වඩාත් වැදගත්.

දික්කසාදයෙන් පසු

දික්කසාදයෙන් පසුව තමයි ලොකුම අභියෝගය ලැබෙන්නේ. ඒ නිසා ආධාරක කණ්ඩායම් සහ වැඩසටහන් වල සහය දිගටම ලබා ගන්න. අම්මයි තාත්තයි නැති අසම්පූර්ණ පවුලක ජීවත් වන එක දරුවට මහත් පීඩනයක් ගෙනදෙනවා. ඒ නිසා දරුවාගේ මානසිකත්වය ඉහළ නැංවිය හැකි වැඩසටහන් සොයා බලා ඔවුන්ව ඒ සදහා යොමු කරන්න.

විවාහය හා දික්කසාදය

දරුවා සමඟ නිතර අදහස් හුවමාරු කරගන්න. මොකද ඔවුන්ටද දෙමාපියන්ගෙන් ආදරය හා සහයෝගය අවශ්‍යයි. දික්කසාදය වැළැක්වීමට නොහැකි වුණත් දරුවාව තවමත් සෙනෙහසින් හා ආදරයෙන් රැකබලා ගන්නා බවට දරුවාට සහතික වන්න. අඩුම තරමේ ඔයාගේ හිටපු සහකරුට දරුවා හමුවීමට ස්ථාවර, විධිමත් වේලාවක් ලබා දෙන්න. එමඟින් දරුවාගේ ධනාත්මක චර්යාවන් කෙරෙහි බලපාන්න පුළුවන්.

හැබැයි මේ දේවල් නීති උපදෙස් තුළ නොමැති වූවත්, දරුවාගේ සුභසිද්ධිය උදෙසා මෙම කරුණු සම්බන්ධයෙන් හෝ කිසියම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර ඔයාගේ නීතිඥයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here