දැන් ඉතින් ඉස්සර වගේ නෙමෙයිනේ wedding ගන්නවා කියන එක.අපි ආසාවෙන් බලාගෙන හිටියට wedding එකක් එනකන් wedding එක ගන්න අයට නම් ඒක ලේසි වැඩක් නෙමෙයි.මොකද ලොකු වියදමක් යනවා.හැබැයි ඉතින් අපේ ලොකුම dream එකක්නේ wedding එක ලොකුවට ලස්සනට ගන්න එක.ඒ හිතන එක ඉතින් කාටවත් වෙනස් කරන්න බැහැ.ණය වෙලා හරි වැඩේ කරගන්න තමයි බලන්නේ,ඒ විතරක් නෙමෙයි wedding එකට එන නෑදෑ හිතවත් පිරිවර බලාගෙන ඉන්නෙත් මොකක් හරිම වැරද්දක් හොයන්නනේ,ඉතින් වැරද්දක් වෙන්නේ නැතුව ලස්සනට wedding එක ගන්න ලස්සන hall එකකුත් තියෙන්න ඕනේ.hall එකක් select කරගන්න මම ඔයාට help කරන්නම්
01) කොහෙද තියෙන්නේ

මුලින්ම බලන්න ඕනේ hall එක තියෙන තැන සහ වටපිටාව කොහොමද කියලා.මොකද ඔයාලා ලස්සනයි කියලා ready කලාට wedding එකට එන අයට දුර වැඩි නම් එන එකක් නැහැ.ඒ නිසා ඒ ගැන හිතන්න වෙනවා.ඒ විතරක් නෙමෙයි වාහන කොච්චරක් එයිද කියලත් අපිට කියන්නබැහැ.ඒ නිසා parking කොහොමද කියලට්‍ර්හ් බලන්නම ඕනේ.
02) කාලය

wedding එක හෙටයි කියලා hall බලල හරියන්නේ නැහැ.මොකද decoration කරන්න ඕනේ.ඒක එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.ඒ නිසා අනිවාර්යයෙන්ම wedding එකට මාස 06කට කලින්වත් hall එක book කරන්න ඕනේ.
03) පහසුකම් කොහොමද

ඔයාගේ plan එකට ගැලපෙන විදිහට hall එක තියෙනවද කියලා මුලින්ම බලන්න.ඒ නිසා ඔයගේ plan එකට ගැලපෙන hall එකක් තියෙනවද කියලා management එකෙන් අහලා දැනගන්න.ඒ වගේම price එක කොහොමද කියලත් අහන්න.ඒ වගේම සමහර hall ගන්නකොට එයාලා free දෙන දේවලුත් තියෙනවා.ඒ මොනවද කියලා ඔයා අහලා දැනගන්න.නැත්නම් නිකන් දෙන දේවල් ඔයාට අවශ්‍යම දේවල් වුණොත් ඒවාටත් ඔයාගේ අතින්ම වියදම් වෙන්න පුළුවන්.free දෙන දේවල් ගැන දැනගත්තොත් ඒ වියදමත් ඉතුරු වෙනවා
04) කොහොමද කෑම

wedding එකකදී කෑම කියන්නේ අනිවාර්ය දෙයක්,ඒ නිසා ඒවා කිසිම අඩුපාඩුවක් නැතුව එන අයට කෑම දෙන්න වෙනවා.ඒ වගේම සමහර වෙලාවට එන අයව අමතක වෙනවා.ඒ නිසා හරියටම එන ප්‍රමාණය ගණන් බලන්න ඊට පස්සේ wedding එකට එන ප්‍රමාණය ගැන hotel එක දැනුවත් කරලා තියන්න. එතකොට කිසිම අඩුපාඩුවක් නැතුව ලස්සනට wedding එක කරගන්න පුළුවන්
මේ දේවල් තමයි සාමාන්‍යයෙන් hall එකක් book කරන්න කලින් හිතන්න ඕනෙම දේවල්.ඉතින් ළඟදි marry කරන්න ඉන්න ඔයාට hall එකක් book කරනකොට මේ දේවල් ගොඩක් වැදගත් වෙයි



