මේ දවස් වල හැමෝම ඉන්නේ ගෙදරට වෙලා.මොකද ඉතින් කොහෙද හිටපු කොරෝනා වසංගතයක් ඇවිත්නේ.work from home තමයි හැමෝම.හැබැයි හැමෝම work from home නෙමෙයි.එහෙම job කරන්න පුළුවන් ටික දෙනයිනේ ඉන්නේ.තවත් අයට මේ දවස් වල නිවාඩු.තවත් අය රෑ දවල් නොබලා වැඩ.අපි වෙනුවෙන් වගේම අපේ අරට වෙනුවෙන්.ඉතින් දැන් ටික දවසක් ගෙවිලා ඉවරයි.තව කොච්චර දවසක් මෙහෙම ඉන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ.ඒ නිසා අපි අපේ life එක මේ දවස් ටිකෙන් change කරගමු,ඒක කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්
01) පොත් කියනවනවද

අපි ඉතින් ගොඩක් busy නෙහ්.ඒ නිසා අපේ hobby එක මොකක් වුණත් ඒක කරන්න time එකක් තිබුනේ නැහැ.ඉතින් දැන් තමයි ඔයාගේ hobby වලට පන දෙන්න ඕනේ කාලේ.ඔයා ළඟ ගොඩක් පොත් වර්ග ඇති.හැබැයි කියවන්න වුණේ නැහැ.දැන් ඉතින් ඕනේ තරම් time තියෙන නිසා දවසම වුණත් පොත් කියවන්න පුළුවන්.ඊටපස්සේ curfew පොඩ්ඩක් ලිහිල් කලාට පස්සේ තව පොත් කිහිපයක් අරගෙන එන්න.ඇවිත් කියවන්න.
02) සොභාදහමට පන දෙමු

මේක නම් ගොඩක් අය කරන්නේ නැති දෙයක්.මොකද හැමෝම කරන්නේ ගස් කපන එක.ඒ නිසා දැන්වත් ගසක් පැල කරන්න උත්සාහ කරන්න.ඒ වගේම තව දෙයක්.ඉස්සරහට අපිට තව මොන වගේ දේවල් වලට face කරන්න වෙයිද දන්නේ නැහැ.අපි හැමදෙයකටම ready වෙලා ඉන්න ඕනේ .අපිට පුළුවන් ගෙදරට ඉඩ තියෙන විදිහට පුංචි වගාවක් කරන්න.දැන් හදිස්සියේ කරන්නේ කොහොමද කියලා ඔයා හිතනවා ඇති.ඔයාට පුළුවන් ගෙදර ගෙනාපු එළවලු වල තියෙන බීජ අයෙමත් පැල කරන්න,අර්තාපල් ,ළූනු වගේ දේවල් වුණත් නැවතත් වගා කරන්න පුළුවන්.ඒ විදිහට පැල කරලා හැමදාම ආදරෙන් සාත්තු කරන්න.පුළුවන් වෙලාවක් හම්බ වුණොත් පැල කරන්න පුළුවන් බීජ වර්ග වගේම ඉක්මණින් ඵලදාවක් ලබා ගන්න පුළුවන් බීජ වෙන්නත් ඕනේ.ඉතින් ටික දවසක් යනකොට ඔයාට එළවලු පළතුරු වගා කරන එක පුරුද්දට යයි.හැබැයි ඉතින් ඒ වැඩේ ගොඩක් හොඳ සහ effectiveනේ.
03) අලුත් plan එකක්

මම කිව්වේ මේ දවස් වල ගොඩක් අය ගෙදර ඉන්නේ.සමහර අයට මේ දවස් වල salary නැතුවත් ඇති.ඉතින් ඒ නිසා කාලය කන්නේ නැතුව හොඳ plan එකක් ගහගන්න මොකක්ද කරන්නේ කියලා.ඒ වගේම businessකරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඉස්සරහට එන අවුරුද්දේ මොකක්ද කරන්නේ කියලා හිතලා බලන්න.නැත්නම් ඉන්න සේවකයෝ වෙනුවෙන් මොකද කරන්නේ කියලා හිතන්න.ඒ වගේම අලුතෙන් තව මොකක හරි businessඑකක් කරන්න හිතන්න පුළුවන් .කලින් හිතුවා නම් එහෙම එකක් කරනවා කියලා ඒක කරන්නේ කොහොමද කියලා හිතලා බලන්න.කොහොමද ඒ වෙනුවෙන් ආයෝජනය කරන්නේ කියලා අනිවාර්යයෙන් හිතන්න වෙනවා
04) බර වැඩිද

අහ්.මේක නම් කරන්න හිටපු වැඩක් නේද.හැබැයි ඉතින් හැමදාම හිත හිත විතරයිනේ හිටියේ,දැන් ඔන්න කරන්නත් පුළුවන්.උදේ office ගියහම එන්නේ රෑ වෙලා.එතකොට ඉතින් exercise එකවත් කරන්න වෙලාවක් නැහැ,ඒ නිසා ඔන්න මේ දවස් වල free එකේ ඉන්නේ නිසා බඩ වැඩි නම් ඒකට හරියම work out කරන්න.නැත්නම් බර වැඩි නම් ඒකට ගැලපෙන work out ටිකක් කරන්න.මේ දේවල් මොනවද කියලා ලොකුවට හොයන්න දෙයක් නැහැ.you tube එකේ බැලුවොත් ඔයාට ඕනේ තරම් හොයාගන්න පුළුවන්.ඒ වගේම app වගේ දේවලුත් ඕනේ තරම් තියෙන නිසා හිතන්න දෙයක් නැහැ.ඉතින් office යනකොට හැමෝටම පුදුමත් හිතෙයි
ඉතින් ඔයාට මේ කියපු දේවල් කරන එක අමාරු නැහැනේ.කරලා බලන්න.ඔයාට boring වෙන එකකුත් නැහැ.අනිත් එක මේ දේවල් හරිම effective නිසා අපරාදයක් වෙන්නෙත් නැහැ.ඔයාටමයි හොඳ. කාලේ කනවට වඩා



