Like
Like Love Haha Wow Sad Angry
12

Cake කියන්නේ ගොඩක් අයගේ ප්‍රියතම කෑමක්. ඉස්සර වගේ නෙවෙයි ඔයා දැන් ගෙදරදීම Cake හදන්න පුරුදුවෙලා.හැබැයි ඔය කොහොම වුණත් Cake හදනකොට ඔයා අතින් විවිධ වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. අද අපි බලමු ඒ අඩුපාඩු මඟ ඇරගෙන හරියටම කේක් හදන විදිහ ගැනයි.

මුලින්ම අමුද්‍රව්‍ය වල ගුණාත්මක භාවය බලන්න

කේක් එකක් හරියටම රසට හදාගන්න ඕනේ නම් හොඳ අමුද්‍රව්‍ය පාවිච්චි කරන්නම වෙනවා. මාගරින්, බටර් එකේ ඉඳලා Baking Powder, Baking Tray එක පවා හරියට නැත්තන් හරියට කේක් හදාගන්න බැහැ. බටර් කේක් වලට අවශ්‍යම දේ තමයි බටර්. හැබැයි ඒකට මාගරින් යොදාගන්නත් ඔයාට පුළුවන්. එහෙමයි කියලා කේක් එකේ රස වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කේක් එකක් හදන්න පැය කාලකට කලින් බටර් එක ෆ්‍රිජ් එකෙන් අරන් තියාගන්න ඕනේ. ගොඩාක් වෙලා එළියේ තියන්නත් එපා.

සීනි ගන්නවා නම් සාමාන්‍යයෙන් කුඩා කැට සහිත සීනි ගන්න.ලොකු කැට ගන්නවා නම් පිටි වෙන්නේ නැතිව ලාවට බ්ලෙන්ඩ් කර ගන්න. සාමාන්‍යයෙන් කේක් එකක් බීට් වෙන්න ඕනේ කාලසීමාව බීට් නොවී කේක් එක හරියට එන්නෙ නැහැ. ඒ හින්දා සාමාන්‍ය කැට සහිත සීනි බටර් එක්ක බීට් කරලා බිත්තර දාලා අයේ බීට් කරන්න.

බිත්තර ගන්නකොට හැමවෙලේම හොඳ බිත්තර ගන්න. නුහුරු ගඳක් එනවා නම් ඒවා අයින් කරන්න. ඒ වගේම බිත්තර ගන්නකොට එක පාර එකම බෝල් එකට දාගන්න එපා. එකින් එක වෙන වෙනම කඩලා බලලා දාගන්න. නැත්නම් මුළු Cake Mix එකම සවුත්තු වෙන්න පුළුවන්.

පාන්පිටි ගන්නකොට හුළං වදින්නෙ නැතිව ගබඩා කරපු හොඳට හලපු පිටි ගන්න. බේකින් පව්ඩර් නම් අනිවාර්යයෙන්ම හොඳට වහලා හුළං වදින්නෙ නැතිවෙන්න තියන්න අමතක කරන්න එපා. මොකද බේකින් පව්ඩර් වල ගැටළුවක් ඇති වුණොත් කේක් ගොඩක් පිපෙන්නෙ නැතුව අවුල් යන්න පුළුවන්. ඒ වගේම වැනිලා එකක් තෝරා ගද්දීත් හොඳම බ්‍රෑන්ඩ් එකක් තෝරාගන්න.

කේක් එක හදන විට

කේක් එකක හදනකොට මුලින්ම පිටි හා බේකින් පව්ඩර් කලවම් කරලා අවම 4 සැරයක්වත් හලාගත යුතු වෙනවා. කේක් එකක් හදනකොට නියමිත වෙලාවක් බීට් වෙන්න ඕන. හැබැයි ඉක්මණින් බීට් වෙන්න කියලා මුළු කාලයම High speed beat කරන්නත් එපා. ඒකෙන් වෙන්නෙ බටර් එක ඕනවට වඩා රත්වෙලා තෙල් ගතියක් එන එක විතරයි. ඒ වගේම ඔයා කොහොම බීට් කළත් හැමවෙලේම එකම පැත්තකට පමණක් බීට් කරන්න.

බිත්තර එකින් එක එකතු කරල බීට් කරන අතරතුර කේක් මිශ්‍රණයේ කැදලි වගේ ආවොත් කේක් එක හදන්න ගත්ත පාන්පිටි වලින් කෝප්ප කාලක් වගේ දාලා බීට් කරන්න. එමෙන්ම බිත්තර දාලා හොඳට ක්‍රීම් වෙනකල් බීට් කළ යුතු වෙනවා. බීට් කරද්දී අඩුම තරමේ එය විනාඩි 20ක් වත් බීට් කළ යුතු වෙනවා.මොකද එය කේක් එකේ soft ගතියට හොඳින්ම බලපානවා.

අන්තිමට පාන්පිටි එකතු කරලා එකම පැත්තට පොඩි පත්තකින් මිශ්‍ර කරගන්න. පිටි ටික හොඳට කලවම් වුණාට පස්සේ වැනිලා එකතු කරලා කිරි ටික දාගන්න. කිරි දාලා විනාඩි 2ක් විතර පත්තෙන්ම කලවම් කරන්න. ඔයා හදන්නේ චොක්ලට් කේක් එකක් නම් ටිකක් වැඩිපුර කිරි දාගන්න.

කේක් එක නිවැරදිව bake කරන හැටි

bake කරන එක නම් හරි පරිස්සමට කරගන්න ඕන. මොකද හදිසියේ හෝ වැරදුණොත් කේක් එක හොඳට පිපෙන්නේ නැති වෙන්න පුළුවන්. නැත්නම් පිච්චෙන්න පුළුවන්.

ඒ සඳහා ඔයිල් පේපර්ස් නැතිනම් ට්‍රේ එකට බටර් ටිකක් ගාලා පිටි ටිකක් ඉහලා ගන්න. හැබැයි මතක ඇතිව කේක් එක bake වෙන්න ඉඩ තියෙන ට්‍රේ එකක් ගන්න. නැත්නම් කේක් එක පැලෙනවා. එමෙන්ම එය ප්‍රමාණය අනුව නියමිත වෙලාවට bake වෙන්න තියන්න. හැබැයි අවන් කරන කාලසීමාව ඇතුළත සැරෙන් සැරේ ඇරලා බලන්න එපා. කේක් එකේ පිපුම බහින්න පුළුවන්. ඒ වගේම නියමිත කාලය අවසන් උනාම ටූත් පීක් එකක් ගහලා බලලා කේක් එක බාගන්න.

ඔයා තනියම නම් කේක් හදන්නේ හෙට ඉඳලවත් මේ tips ටික අනුගමනය කරන්න. එතකොට ඔයාට නිවැරදිව කේක් එකක් හදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න වගේම තවත් කෙනෙක්ට කියලා දෙන්නත් පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry
12

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here