සාමාන්‍යයෙන් දැන් ගෙදරක Laptop එකක් කියන්නේ සාමාන්‍ය දෙයක්.එහෙම නැතත් smartphone එකක් හරි තියෙනවා.අපි වැඩිය හිතන්නේ නැති වුණාට මේ දේවල් නිරන්තර භාවිතය නිසා ඇස් වලට හානී වෙන්න පුළුවන්.සමහර වෙලාවට කණ්නාඩි use කරන කෙනෙක් වුණත් වැඩස කරන වෙලාවට ඒවා use කරන්න අමතක වෙන්න පුළුවන්.කොහොම වුණත් නිතරම lap එකක වැඩ කරන කෙනෙක්ට ඇස් වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.විශේෂයෙන් Computer Vision Syndrome ඇති වෙන්න පුළුවන්
මේ තත්වයට හේතු කිහිපයක්ම තියෙනවා

- වාඩි වී සිටින වැරදි ඉරියව්
- දෑස් පෙනීම දුර්වල වීම
- ප්‍රමාණවත් ආලෝක තත්ත්ව යටතේ වැඩ නොකිරීම
- Smartphones, පරිගණක හෝ Tabs දවසේ වැඩි කාලයක් භාවිතා කිරීම
- දෑස් සහ තිරය අතර ප්‍රමාණවත් දුරක් නොමැති වීම
- වයස
රෝගයේ ලක්ෂණ

- ඇස් වල දැවිල්ල
- බෙල්ලේ සහ උරහිස් වල වේදනාව
- ඇසේ වියළි බව
- දර්ශන බොඳ වී පෙනීම
- හිසරදය
- ඔක්කාරය හා කරකැවිල්ල
- දර්ශන ද්විත්ව ආකාරයෙන් පෙනීම
- අක්ෂි වල වේදනාව සහ රතු වීම
මේ තත්වය වළක්වාගන්නේ මෙහෙමයි

- දිනපතා ඇස් සඳහා ඇති exercise කරන්න.
- පරිගණක භාවිතයෙන් සෑම පැය භාගකටම වරක් විවේකයක් ලබා ගන්න.
- වෛද්‍යවරයෙක් විසින් නිර්දේශ කරනු ලබන eye drop එකක් භාවිතා කරන්න.
- ඇස් කණ්නාඩි භාවිතා කරනවා නම් ඒවා වැඩ කරන සෑම අවස්ථාවකම භාවිතා කරන්න.
- Beta carotene සහ vitamin A අඩංගු දේවල් නිරන්තරයෙන් ආහාරයට එකතු කරගන්න.
- මාස 06කට වරක් අක්ෂි වෛද්‍යවරයෙක් හමුවෙන්න.
ඉතින් මෙන්න මේ දේවල් ඔයාට හරියටම කරන්න පුළුවන් නම් Computer Vision Syndrome තත්වය නැති කරගන්න පුළුවන්.ඒ වගේම ඇතිවීම පාලනය කරගන්නත් පුළුවන් ඔයාටම තමයි.ඒ නිසා නිතරම ඔයාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න



