සමහර වෙලාවට marry කරපු අයට එන ප්රශ්නයක් තමයි ඇත්තටම මම මේ marry කළේ මට ගැලපෙන කෙනාද කියන එක.ඒක එහෙම වෙන්නේ එයා ඔයා කැමති දේවල් වලට ඉඩ දුන්නේ නැති වුනහම ,එහෙම නැත්නම් ඔයාගේ හැඟීම් එයට තේරුම් ගන්න බැරි වුනහම.ඒ කොහොම වුනත් ඔයා marry කළේ ඔයා ආදරය කරන කෙනා වෙන්න පුළුවන්.එහෙමත් නැත්නම් ගෙදරින් proposal කරපු කෙනෙක් වෙන්න පුළුවන්.ඉතින් ඔයාගේ මේ ප්රශ්නෙට උත්තරයක් තියෙනවා.මම දැන් කියන දේවල් ඇත්තටම එයා ළඟ තියෙනවා නම් ඔයා marry කළේ හරිම කෙනා.
ඔයා ගැන තියෙන විශ්වාසය

trust එක කියන්නේ ඕනෑම බැඳීමක් ශක්තිමත් කරන්න පුළුවන් දෙයක්.ඉතින් ඔයා මොන දේ කලත් කාත් එක්ක හිටියත් එයාට ඔයාව විශ්වාසා කරන්න පුළුවන් වෙන්න ඕනේ
සතුටින් ඉන්නවද

දැන් අපි හිතමු එයා වැඩියෙන්ම කැමති film බලන්න.ඔයා කැමති නැහැ.හැබැයි එයා ඔයා කැමති දේවල් වලදී ඔයත් එක්කම විනෝද වෙනවා.ඔයාලා දෙන්නටම එහම කරන්න පුලුවන්නම් ඒක හොඳ බැඳීමක්
එකට කාලය ගත කරන්න

ඔයයි එයයි දෙන්නම job කරනවා නම් කතා කරන්න කාලයක් හම්බ වෙන්නේ නැහැ.ඒ නිසා හැමදාම හවසට එයත් ආවට පස්සේ දෙන්නටම තේ හදාගෙන රසබර කතාවක් එක්ක කාලය ගත කරන්න.ඒ වගේම දෙන්නටම තියෙන ප්රශ්න ගැනත් කතා කරන්න ඒක හොඳම time එක
අවදානයෙන් ඉන්නවද බලන්න

දැන් ඉතින් ගැහැණු පිරිමි කියලා වෙනසක් නැහැ.අපි හැමෝම රෑ දවල් නොබලා වැඩ.එහෙම දවසකට එයා ඔයාට අරක කරන්න මේක කරන්න කියලා කරදර නොකර රසම රස තේ එකක් හදලා ගෙනත් දීලා ඔයාගේ tension එක අඩු කරනවා නම් එයා ගොඩක් හොඳ husband කෙනෙක්
රණ්ඩුවක්ද ?

ප්රශ්න කියන්නේ ඕනෙම වෙලවක එන්න පුලුවන් දෙයක්.ඉතින් ඔයයි එයයි අතරේ ප්රශ්නයක් තියෙනවා නම් රණ්ඩු වෙන්නේ නැතුව කතා කරලා ප්රශ්න විසඳනවා නම් ඔයා දෙන්නා හොඳට match වෙනවා
අරමුණු කියන්නේ සතුට

අපි ගොඩක් ආසයි අපේ අරමුණු හරියටම ඉෂ්ඨ කරගන්න පුළුවන්නම්.සමහර husband ලා කැමති නැහැ තමන්ගේ wife එයා කැමති දේවල් කරනවා.husband කියන විදිහටම ඉන්න ඕනේ. එහෙම ඉන්නකොට wifeට වුණත් life එක එපා වෙනවා.හැබැයි හැමදේම තේරුම් අරන් ජිවත් වෙන husband කෙනෙක් නම් එහෙම වෙන්නේ නැහැ.ඔයා කැමති දේවල් කරන්න දෙනවා. ඔයාගේ අරමුණු වලට යන්න එයා එයාට පුළුවන් තරම් support එක දෙනවා
ඇහුම්කන් දෙන්න

සමහර husband ලා ඉන්නවා එයාල වැඩිය කතා කරන්න කැමති නැහැ.සමහර අය එහෙම නැහැ.ඒ මොන වගේ කෙනෙක් හිටියත් ඔයා කියන දේවල් අහගෙන ඉන්නවා.ඒ වගේම ඔයත් එයාට හොඳින් ඇහුම්කන් දෙන්න.
ඔයාටද මුල්තැන

කාලයක් යනකොට දරුවෝ ලැබිලා ජිවිතේ ටිකක් සංකීර්ණ වෙනවා.එහෙම වුණා කියලා එයා ඔයාට කිසිම අඩුපාඩුවක් කරන්නේ නැහැ.මොන ප්රශ්නයක් ආවත් එයාගේ මුල්තැන ඔයා.ඒ වගේම එයා නිතරම ඔයාට ආදරය කරනවා කියන්නත් අමතක කරන්නේ නැහැ
මෙන්න මේ දේවල් එයාටත් තියෙනවද බලන්නකෝ.එතකොට ඔයාට තේරුම් ගන්න පුළුවන් එයා ඇත්තටම ඔයාට match වෙනවද කියලා.marry කරන්න කලින් වුණත් එයාත් ඔයා වෙනුවෙන් මේ දේවල් කරනවා නම් එයා තමයි ඔයාට හරියටම match වෙන කෙනා



