Like
Like Love Haha Wow Sad Angry
2

සාමාන්‍යයෙන් අපේ skin එකේ එක ප්‍රශ්න තියෙනවා.සමහර වෙලාවට අපිට තියෙන වඩාත් එක්ක skin එක ගැන විතරක් නෙමෙයි හරියට කන්නවත් time එකක් නැහැ.හැබැයි අපිට තියෙන skin ගැටළු වලට විසඳුම් අපි ළඟම තියෙනවා.අපිට ඒකට ලොකු වෙලාවක් අවශ්‍ය වෙන්නේ නැහැ.අපිට පුළුවන් ගෙදර ඉන්න වෙලාවට වැඩක් කරන ගමන් Face Pack එකක් ගෙන ඉන්න.හිතලා බලන්න එතකොට වැඩ දෙකම වෙලා නේද?මම දැන් ඔයාට කියන්න යන්නේ අපිට ගෙදරදීම කරගන්න පුළුවන් face pack ගැන.මේකෙන් ඔයාගේ skin එකේ තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රශ්න කිහුපයක් විසඳගන්න පුළුවන්.

Apple Face Pack

  • මුලින්ම Apple ගෙඩියක් අරගෙන හොඳට great කරගන්න
  • ඊටපස්සේ ඒකට කිරි තේ හැන්දක් සහ ලෙමන් යුෂ තේ හැන්දක් එකතු කරලා mix කරන්න
  • හදාගත්ත pack එක මුහුණේ ආලේප කර විනාඩි 15කින් සෝදන්න

Pineapple Face Pack

  • ඔලිව් තෙල් සහ මී පැණි දාලා අන්නාසි හොඳින් පොඩි කරගන්න
  • pack එක මුහුණේ ආලේප කර විනාඩි 30කින් මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න

Watermelon Face Pack

  • කොමඩු මේස හැඳි 02ක් ගෙන එයට ලෙමන් යුෂ මේස හැඳි 01ක් සහ මී පැණි තේ හැන්දක් එකතු කරන්න
  • සියල්ල හොඳින් mix කරගන්න
  • මිශ්‍රණය මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 15කින් සෝදන්න

Oranges Face Pack

  • දොඩම් peel powder තේ හැඳි 01ක් සහ යෝගට් තේ හැඳි 02ක් ගෙන හොඳින් mix කරගන්න
  • මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි 20කින් සෝදන්න

මේ වගේ මිශ්‍රණය හදා ගන්න වෙලවක් නැත්නම් ඔයාට පුළුවන් Super market එකෙන් හොඳ face pack එකක් මිලදී ගන්න.ඇපල් ,අන්නාසි ,කොමඩු සහ දොඩම් අන්තර්ගත වෙලා තියෙන Face Pack එකක් ගන්න.ඔයාට ඒ වගේ Face Pack එකක් ගත්තොත් සමේ ඇති ලප කැළැල් ඉවත් කිරීම කර දිදුලන පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්

ඉතින් මේ Pack ඔයාට ගෙදරදී දාගන්න පුළුවන්.වෙලාවක් ඇත්තෙම නැත්නම් ගෙදර ඉන්න free වෙලාවක කරගන්න පුලුවන්.ඇත්තටම වෙලවක් නැහැ නෙමෙයි.ඔයා හරියට Time management කරලා නැහැ.පොඩ්ඩක් හිතලා බලන්න ඔය සමහර වෙලාවට කාලය අනවශ්‍ය විදිහට කාලා දානවා.අන්න ඒ වෙලාවට මතක් කරලා ඔයා ගැන හිතන්න.ඒ වෙලාවට pack එක දාන්නත් පුළුවන්නේ

Like
Like Love Haha Wow Sad Angry
2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here