කවුපි කියන්නේ ගොඩක් රසවත් ධාන්‍ය වර්ගයක්.ඒ වගේම ගුණ ගැනත් නොකියම බැහැ.විටමින් සහ ඛනිජ ලවන බොහොමයක් කවුපි වල තියෙනවා.ඒ වගේම හෘද රෝග, පිළිකා, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග රැසකට ගුණදායකයි.අපි හැමදාම කවුපි කන්නේ එකම විදිහටනේ.කවුපි තම්බනවා ,ලුණු මිරිසක් හදනවා.එහෙම නැත්නම් කවුපි තම්බලා තෙල් දානවා ,පොල් එක්ක කනවා.නැත්නම් ඉතින් කවුපි ව්‍යංජනයක් විදිහට හදනවා.එතනින් එහාට කිසිම දෙයක් කරලා නැහැ.ඉතින් මම අද කියලා දෙන්නම් කවුපි වලින් රොටී හදන විදිහ ගැන
මොනවද අවශ්‍ය වෙන්නේ

- තම්බාගත් කව්පි කෝප්ප 01
- Great කරගත් කැරට් 01
- පාන්පිටි කෝප්ප 01
- ජලය
- ලුණු
- Chop කරගත් ළූණු ගෙඩි 02
- පොල් කෝප්ප 1/2
සාදාගන්නා ආකාරය
- තම්බාගත් කවුපි හොඳට පොඩි කරගන්න.
- ඉහත සඳහන් සියල්ලම එකම භාජනයකට දමා ගන්න
- ඊටපස්සේ වතුර දමමින් Mix කර රොටි මෝලිය හදාගන්න
- දැන් අවශ්‍ය ප්‍රමාණයට ගුලී හදාගෙන තුනී කරන්න
- අන්තිමට රොටි තැටියට දාලා දෙපැත්ත පුළුස්සගන්න.
මේක ඉතින් හදාගන්න අමාරු නැහැ.සාමාන්‍යයෙන් අපි රොටී හදනවා වගේම තමයි.ඒ කොහොම වුනත් මේ කවුපි රොටී එක හරිම රසයි.ඕනෑවටත් වඩා ගුණ තියෙන නිසා ඕනේ කෙනෙක්ට රස බලන්නත් තහනමක් නැහැ



