marry කලාට පස්සේ ඔයාගේ ඊළඟ dream එක තමයි පුංචි පැටියෙක් ගෙදරට අරගෙන එන එක.හැබැයි ඔයා එහෙම හිතුවට ඒක easy වැඩක් නෙමෙයි.ඒකට ඔයා හොඳට ready වෙන්න ඕනේ.දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද ready වෙන්නේ කියන එක.එහෙම නේද.අන්න ඒ ගැන තමයි මම අද ඔයාට කියන්න හදන්නේ.අපි බලමුද කොහොමද අම්මා කෙනෙක් වෙන්න ready වෙන්නේ කියලා
ඔක්කොටම කළින් වයස බලමු

සාමන්‍යයෙන් අවුරුදු 18ට වැඩි වෙන්න් ඕනේ.18ට කලින් මවක් වෙන එක කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ.ඒ ගැහැණු ළමයෙක් අවුරුදු 18 වෙනකම් ශාරීරිකව හා මානසිකව වැඩෙන නිසා.ඒ වගේම වයස අවුරුදු 18ට පෙර දරුවෙක් පිළිසිඳ ගතහොත් විවිධ සංකූලතාවයන්ට ලක්වීමට ඉඩ තියෙනවා
ඒ විතරක් නෙමෙයි අවුරුදු 35ට වඩා වැඩි කාන්තාවන් ගැබ් ගැනීම සිදු වුවහොත් Diabetes ,high blood pressure වගේ විවිධ රෝගයන් සහ සංකූලතාවයන් වලට ගොඳුරු වෙන්න ඉඩකඩ තියෙනවා.දරුවාටද ඒ දේවල් බලපාලා අසාමාන්‍ය තත්ව තියෙන දරුවන් ඉපදෙන්න පුළුවන්,ඒ නිසා නිසි වයසේදී විවාහ වීම ඉතාමත් වැදගත්
සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනේ

ඔයාට මොකක්ම හරි අසනීපයක් තියෙනවා නම් ඒ රෝගයන් දරුවට බලපාන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි ඒ රෝගයන් නිසා ඔයාගේ ප්‍රසුතියේදී විවිධ side effect ඇති වෙන්නත් ඉඩ තියෙනවා
ඉතින් ඒ නිසා ඔයා මුලින්ම ඔයාට අසනීප තියෙනව නම් වෛද්‍යවරයෙක් දැනුවත් කරන්න.diabetes, high blood pressure, (අපස්මාරය )epilepsy, heart failure, සහ (හෝමෝන අසමතුලිතතාව)hormonal imbalance වගේ දේවල් තියෙනවද කියලා දන්නේ නැත්නම් වෛද්‍යවරයෙක් මාර්ගයෙන් ඒ සියල්ලම check කරගන්න.checkup වලින් පස්සේ මොනම හරි රෝගයක් ගැන දැනගන්න ලැබුනා නම් medicine නිවැරදිව සහ වෙලාවට ගන්න.වෛද්‍ය උපදෙස් පිළිපදින්න
උසට සරිලන බර

ඔයා අහලා ඇතිනේ ගොඩක් බර අඩු අයට ගැබ් ගැනීම ප්‍රමාද වෙනවා කියලා.හරි ඒ කතාව ඇත්ත.ඒ වගේම අධික බරක් තියෙන ස්ථුල අයටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා.දැන් අපි හිතුවොත් ඔයාගේ බර ගොඩක් අඩුයි කියලා.එතකොට ඔයා pregnant වුණත් ඔයාගේ බබාගේ වැඩීමට ඒක බලපානවා.ඒ නිසා ගැබ් ගන්න කලින් අනිවාර්යයෙන්ම උසට සරිලන බරක් තියාගන්න ඕනේ.ඒක ඔයාට වෛද්‍යවරයෙක් මාර්ගයෙන් හරි එහෙමත් නැත්නම් GYM එකකට ගිහින් හරි බලාගන්න පුළුවන්.ඊටපස්සේ කරන්න ඕනේ ඒ වෙනුවෙන් වැඩ කරන එක .ගොඩක් බර වැඩි කෙනෙක් නම් ඔයාට පුලුවන් GYM එකකට ගිහින් ඔයාගේ බර අඩු කරගන්න. හැබැයි මේ කිසිදෙයක් ඕනෙවට වඩා කරන්න යන්න එපා.නිතරම BMI එක බලන්න. එතකොට ඔයාට පුළුවන් කොච්චර අඩු වෙලාද,කොච්චර වැඩි වෙලාද කියලා හිතාගන්න
පෝෂණයත් හරි වැදගත්

ගොඩක් වෙලාවට අපි කන්න පුරුදු වෙලා ඉන්නේ short eats වර්ග.හැබැයි ඒක අපි බඩගින්නට කෑවට ඇඟට නම් ගුණ නැහැ.ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම පෝෂණීය දේවල් ආහාරයට නිතරම එකතු කරගන්න පුරුදු වෙන්න.එහෙම කිව්වට ඔයා කෑම ගන්න හැම වේලක්ම පෝෂණීය ගුණයෙන් යුතු වෙන්න ඕනේ.
අනිත් කාරණාව තමයි folic.අපි ගන්න ආහාර වල folic තිබුනට සිරුරට අවශ්‍ය ප්‍රමාණයට නැහැ.ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම Folic acid tablets ගන්න.එතකොට බබාගේ මොලය හා සුෂුම්නාව ආශ්‍රිතව ඇතිවෙන දරුණු සංකූලතාවයන් ලේසියෙන්ම නැති කරගන්න පුළුවන්.
බබාව ආරක්ෂා කරගන්න

ඔයා ගැබ් ගත්තට පස්සේ විවිධ රෝග ඇති වෙන්න පුළුවන්.ඒවා නිසා සමහරවිට බබාට බලපෑමක් වෙන්න ඉඩ තියෙනවා.ඉතින් ඒ විදිහට අසනීප ඇති නොවෙන විදිහට ඔයාගේ ශරීරයේ immunity එක තියෙන්න ඕනේ.immunity එක වැඩි කරගන්න නම් ඔයා කරන්න ඕනේ ගැබ් ගන්න කලින් Rubella vaccine එක ගන්න එක.
මෙන්න මේ වැදගත් දේවල් ඔයා හරියට හිතලා බලල කරනවා නම් බය වෙන්න දෙයක් නැහැ.ඔයා මේ දේවල් හරියටම කරන්න අද ඉදන් පටන් ගන්න.මේකට එයාගේ help එකත් ඔයාට ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.හැමදෙයක්ම ඉවර කලාට පස්සේ ඔයාට ගැබ් ගන්න එක ගැන බය වෙන්න දෙයක් නැහැ.ඒ වගේම නිරෝගී දරු උපතකුත් බය නැතුව ලබා ගන්න පුළුවන්



