Like
Like Love Haha Wow Sad Angry
2

සාමාන්‍යයෙන් Makeup කියන්නේ අපේ life එකේ වැදගත්ම දෙයක්.office ගියත් ,party එකකට ගියත් ,එළියට ගියත් කොහේ ගියත් make up දානව වගේම bag එකෙත් අනිවාර්යයෙන්ම තියෙනවා.ඉතින් අපි makeup වර්ග නිතරම use කරනවානේ.හැබැයි ඉතින් අපි Makeup ගන්න ගියහම දෙලොවක් අතර අතරමන් වෙනවා.මොකද එක එක වර්ගයේ එක එක ලස්සන හැඩයේ Makeup භාණ්ඩ තියෙන නිසා.හැබැයි ඔය මොන ජාතියෙන් makeup භාණ්ඩ තිබුනත් අපි ඒවා ගන්න කලින් හොඳට හිතලා බලන්න ඕනේ.මොනවා ගැනද හිතලා බලන්න ඕනේ කියලා මම ඔයාට කියන්නම්

Quality එක

සමහර අය මුහුණේ තියෙන pimples, pigmentation, black heads වගේ දේවල් පෙන්නේ නැති වෙන්න makeup apply කරනවා.ඒ වගේ දේවල් වලට makeup use කරනවා නම් අනිවාර්යයෙන්ම ඒවායේ Quality එක ගැන හිතන්නම ඕනේ.මොකද දැන් තියෙන සමහර makeup භාණ්ඩ fake.ඒ කියන්නේ ගුණාත්මකභාවයෙන් අඩුයි වගේම ඒවායේ තියෙන ingredient skin එකට අහිතකයි. ඒ වගේ දේවල් ගත්තොත් ප්‍රශ්න ගොඩයි.අන්තිමට වෙන්නේ pimples පෙන්නේ නැති වෙන්න apply කරපු makeup නිසා තවත් වැඩියෙන් pimples දාලා skin Diseases ඇති වෙන එක

කාලය ගැන හිතන්න

දැන් අපි makeup ගන්නේ දවසට හතර පස් වතාවක් apply කරන්න නෙමෙයිනේ,එහෙම කර කර ඉන්න නම් makeup කර කර තමයි ඉන්න වෙන්නේ,වැඩිම දවසට makeup කරනවා නම් කරන්න ඕනේ දවසට දෙපාරයි.ඒ නිසා makeup ගන්නකොට ඒවා කොච්චර වෙලවක් තියෙනවද කියලා බලන්න.ඊටපස්සේ වැඩිම කාලයක් තියෙන makeup වර්ගය ගන්න.එහෙම නැතුව දැක්ක ගමන් ගන්න ලෑස්ති වෙන්න එපා

Skin Tone එක

foundation, eye shadow, සහ lipstick කියන්නේ makeup කරනකොට very important දේවල්.මේ දේවල් මිලදී ගන්නකොට අනිවාර්යයෙන් ඔයාගේ skin tone එක මොකක්ද කියල බලන්න ඕනේ.ඒ දේවල් බලලා ඔයාට ගැලපෙන foundation, eye shadow, සහ lipstick ගන්න.මොකද මේ දේවල් ගන්නකොට ඔයාගේ skin toneඑකට ඒ colours match වෙන්නේ නැත්නම් ඔයගේ පෙනුම අවලස්සන විදිහට තමයි දකින්න වෙන්නේ.ඉතින් එහෙම වෙනවට කවුද කැමති.ඒ නිසා fancy shop වල testing sample තියෙනවනේ.ඒවායින් test කරලා බලන්න ඔයාගේ skin එකට match වෙන්නේ මොකක්ද කියලා

Skin Type

දැන් අපි හිතමුකෝ ඔයාටයි.ඔයාගේ යාළුවටයි තියෙන්නේ එකම colour එකේ skin එකක්.හැබැයි එයා ගාව තියෙන makeup ඔයාට match වෙන්නේ නැහැ.එහෙම වෙන්න පුළුවන්.මොකද colour එක same වුණාට Skin Type එක වෙනස වෙන්න පුළුවන්.ඒ නිසා makeup ගන්නකොට ඔයා බලන්න oily skin එකක්ද ද,Dry skin එකක්ද.එහෙමත් නැත්නම් Sensitive හරි normal හරි skin එකක්ද කියලා ඔයාට තියෙන්නේ කියලා.ඊටපස්සේ Skin එකට match වෙන makeup ගන්න.ඔයාට ත්රෙන්නේ නැත්නම් shop එකේ කෙනෙක්ගෙන් හරි help එකක් ගන්න.

මේ දේවල් ගැන හොඳට හිතලා බලලා හරියටම match වෙන makeup භාණ්ඩ ගන්න පුලුවන්නම් කවදාවත් makeup නිසා අමාරුවේ වැටෙන්නේ නැහැ.අනිත් එක හරියටම හරියන Brand එක සහ number එක දන්නවා නම් එක එක කාලෙට change කරන්න ඕනෙ නැහැ.එතකොට ඉතින් fancy shop එකට ගියා ,ගත්තා .ආවා.

Like
Like Love Haha Wow Sad Angry
2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here