Pimple කියන්නේ අපි කවුරුවත් කැමති නැති එපා කරපු දෙයක්නේ.ලස්සන නැති වෙන නිසා අපි නිතරම බලන්නේ pimples ඇති වෙන්නේ නැති විදිහට වැඩ කරන්න.හැබැයි අපි කොච්චර ආරක්ෂා වෙන්න හැදුවත් pimples එනවා.ඇයි එහෙම වෙන්න කියලා ඔයා ඕනේ තරම් හිතලා ඇති.ඒත් තාමත් ඇයි කියලා හිතාගන්න බැරි වුණා නේද.මේකට ගොඩක් හේතු තියෙනවා.මම අද ඔයාට කියන්න හදන්නේ ඒ මොනවද කියලා
Dandruff ප්‍රශ්නේ

Dandruff කියන්නේ ඔලුවට විතරක් වදදෙන දෙයක් නෙමෙයි.ඔලුවට ,හිතට ,මුහුණට ඔක්කොටම බලපානවා.ඇයි හිතට බලපාන්නේ කියලා හිතුනා නේද.දැන් අපි හිතමුකෝ ඔයා අඳිනවා black T – Shirt එකක්.ඊටපස්සේ ඔයා කොන්ඩේ පීරගෙන ගියා කියමුකෝ.ඔන්න දැන් ඔයා දන්නෙත් නැහැ ඔයාගේ කොන්දේ Dandruff වැටිලා.ඕක කවුරුහරි කෙනෙක් දැකලා කිව්වොත් ලැජ්ජා හිතෙනවා නේද? අන්න ඒක තමයි හිතට වද දෙනවා කියන්නේ.අනිත් එක ඔලුවේ Dandruff තියෙනකොට ඔලුව නිතරම කසනවා.ඒකත් හරි අමරුයිනේ.ඒ වගේම තමයි මේ Dandruff නිසා pimples එනවා.ඒ නිසා ඔක්කොටම කලින් Dandruff නැති කරගන්න වෙනවා
Hormone ප්‍රශ්න

pimples ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි Hormone ගැටළු.ඔයාටත් Hormone ගැටළු තියෙනවා නම් ඔයය තනියම ඒවාට treatment කරන්න බැහැ.ඒ නිසා මේ ගැන ඔයා doctor කෙනෙක් එක්ක කතා කරගන්න.එතකොට doctor කියයි ඔයාට මොකක්ද කරන්න ඕනේ කියල
Tension එක

Tension එක දැන් හැමෝටම වගේ තියෙනවා.ගොඩක් වෙලාවට Tension එක ඇති වෙන්නේ අපිට තියෙන වැඩ වැඩි වුනහම.ඒ වැඩ කරගන්න කාලය මදි වුණහම සහ කාගෙන් හරි දොස් අහගන්න වුණහම.ඉතින් ඔයා හිතුවේ නැති වුණාට Tension එක වැඩි වුණහම pimples ඇති වෙනවා.ඉතින් tension එක නැති කරගන්න නම් ඔයා භාවනා කරන්න පුරුදු වෙන්න.එහෙමත් නැත්නම් සිත relax කරන සිංදුවක් අහන්න.එතකොට Tension ගතිය නැති වෙලා සිත සන්සුන් වෙනවා
ඔසප් චක්‍රය අක්‍රමවත් ද?

ගොඩක් වෙලාවට අපේම වැරදි නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්.සමහර අය නම් වැඩිවියට පත් වුණාට පස්සේ දිඟටම ඔසප් චක්‍රය අක්‍රමවත් විදිහට තමයි වෙන්නේ.ඒකට හේතුව අපි ගන්නා සමහර ආහාර වෙන්නත් පුළුවන්.අධික තෙල් සහිත ආහාර ගන්නවා නම් අනිවාර්යයෙන් කාලයක් යනකොට මහත් වෙනවා.එතකොටත් ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා.ඒ කොහොම වුණත් ඔයා දන්නවා නම් ඔයාගේ ඔසප් චක්‍රය අක්‍රමවත් කියලා doctor කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්න.කතා කරලා නියමිත treatment ගන්න
වතුර බොන්නෙම නැහැනේ

වතුර කියන්නේ අසනීප බොහොමයකටම ඖෂධයක්.ඒ වගේම අපි වැඩිය බොන්නෙම නැති දෙයක්.ඒක ඉතින් අපි busy නිසා වෙන්න පුළුවන්.හැබැයි ශරීරයේ ජලය අඩු වුණොත් මල බද්ධය ඇතිවෙනවා.එතකොට අපිරිසිදු කොටස් ශරීරයෙන් බැහැර වෙන්නේ නැති නිසා pimples ඇති වෙනවා.ඒ නිසා නිතරම වතුර බොන එක නම් කරන්නම වෙනවා.
මොනවද Treatment
රෝස වතුර

ලෙමන් යුෂ තේ හැදි 01 ක් සහ රෝස වතුර මිශ්‍ර කර සම මත ආලේප කරන්න. ඊටපස්සේ විනාඩි 3කින් පසු ජලයෙන් සෝදා හරින්න
කෝමාරිකා

මී පැණි තේ හැදි 2ක් සහ කෝමාරිකා gel මේස හැඳි 1ක් මිශ්‍ර කරන්න. මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි 30කින් පසු සෝදා හරින්න
ඒ වගේම රෝස පෙති සාරය, කෝමාරිකා සාරය වගේ ස්වභාවික දේවල් වලට සමේ ලප කැළැල් ඉවත් කිරීමට හැකියාව තිබෙනවා.ඒ විතරක් නෙමෙයි,සමෙහි ඇති වන pimple mark සහ අව්වට පිළිස්සීම නැති කරන්නත් පුළුවන්.ඒ නිසා මේ වගේ ස්වභාවික දේ අඩංගු cream එකක් තෝර ගන්නත් පුළුවන්.
ඉතින් pimples ඇති කරගන්න තරම් අමාරු නැහැ ඒවා නැති කරගන්න එක.හැබැයි හරියටම කරන්න වෙනවා.නැත්නම් ඉතින් pimples නැති කරගන්න බැරි වෙනවා.ඒ නිසා මේ දේවල් අතපසු කරන්නේ නැතුව හරියටම් කරන්න



