Like
Like Love Haha Wow Sad Angry

ඔයා Marry කරන්නද ඉන්නේ.සමහරවිට දැන් Marry කරලා ඉන්නවා වෙන්නත් පුළුවන්.ඔව් Marry කරලා නම් සමහරවිට දැන් ඔයා අම්මා කෙනෙක් වෙන්නත් පුළුවන්.මේ වෙනකොට දරුවෝ හිටියත් ,Marry කරන්න හිතාගෙන හිටියත් ඔයාට මම අද කියන දේ නම් ගොඩක් වැදගත් වෙයි.දැන් ඔයාට තනි දරුවෙක්නේ ඉන්නේ.එහෙම වුණහම සමහරවිට වෙන අයගෙන් එක එක දේවල් අහගන්න වෙනවා.එහෙමත් නැත්නම් තවත් අය කියන කතාවක් තමයි තනි දරුවෙක් ඉන්නකොට එයාලා හරිම ආත්මාර්ථකාමීයි වෙනවා කියන කතාව.දරුවන් කිහිපදෙනක් ඉන්න එක පවුලකට හොඳ වුණත් පුද්ගලික තීරණ මත හෝ යම් ගැටළු නිසා හෝ ඔයාට ඉන්නේ එක් දරුවක් වෙන්නත් පුළුවන්.හැබැයි මේ කියන්න හදන්නේ එක් දරුවකු සිටින පවුලක ඇති වාසි ගැනයි.

01) බෙදා ගැනීම

එකිනෙකා අතර බෙදා හදා ගැනීම ගොඩක් හොඳ පුරුද්දක්.ඒ වුණාට දරුවන් කිහිපදෙනෙක් ඉන්නකොට යම් යම් සීමා නිසා එක්කෙනෙකුට, දෙන්නෙකුට වැඩිපුර සැලකීම,එකිනෙකාට ආදරේ අඩු වීම වගේ දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්.ඒ නිසා තනි දරුවෙක් නම් උපරිම ලෙස හෝ සිත් සේ යම් යම් දේ ප්‍රධානය කිරීමේ නිදහස තිබීම සහනයක් වෙනවා.

02) ආදරය.

දරුවන් කිහිප දෙනෙක් ඉන්න පවුලක ආදරය එකිනෙකා අතර විවිධ අයුරින් බෙදිලා යන්න පුළුවන්.ඔයා දැන් කියයි එහෙම නැහැ කියලා.ඔව් එහෙම වෙන්නේ හිතලා නෙමෙයි.ආදරය බෙදිලා යන්නේ සමහරවිට ඔයාවත් නොදනුවත්වමයි.එහෙම වුණාම දරුවන් අතර අමනාපකම්,රණ්ඩු ඇති වීමේ ඉඩකඩත් වැඩියි.ඒත් තනි දරුවව සිත් සේ හුරතල් කර ආදරය පෙන්වීමට ඔයාට පුළුවන්.

ඒ විතරක් නෙමෙයි බබාට හොඳ අවදානයක් ලැබේ දෙන්නත් පුළුවන්. මොකද ළමයි දෙතුන් දෙනෙක් ඉන්නකොට එක එක්කෙනා ගැන තියෙන අවදානය වෙනස් වෙනවා.හැබැයි තනි දරුවෙක් ඉන්නකොට අවදානය බෙදිලා යන්නේ නැහැ.ඒ නිසා දරුවන් සමඟ විශ්වාසය මෙන්ම අවබෝධය ප්‍රගුණ කර හොඳ සබඳතාවක් පවත්වාගෙන යන්න පුලුවන්.

03.ඉතාම ස්වාධිනයි.

සාමාන්‍යයෙන් දරුවෝ ගොඩක් ඉන්න ගෙදර වගේ නෙමෙයි තනි දරුවෙක් ඉන්න ගෙදරක් කියන්නේ.සහෝදර සහෝදරියන් නොමැති නිසා හැමදෙයක්ම තනියෙන් කරන්න ඉගෙන ගන්නවා.කාලයක් යනකොට බබාට හැමදෙයක්ම තනිව කරන්න වගේම තනි තීරණ ගන්නත් හැකියාව ලැබෙනවා.ඒ, නිසා දරුවා ආත්ම විශ්වාසයෙන් පිරි ශක්තිමත් පුද්ගලයකු බවට පත්විය හැකියි.

04) දුෂ්කරතා අවම කරගන්න පුළුවන්.

දරුවන් වැඩි සංඛ්‍යාවක් සිටින පවුල් වල ආර්ථික ගැටළු වැඩියි.හැබැයි ඔයාට ඉන්නේ තනි දරුවෙක් නම්, වියදම් කිරීමේ හැකියාව සාපේක්ෂව හොඳ මට්ටමක තියෙනවා.ඒ නිසා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සහ අමතර ක්‍රියාකාරකම් වල යෙදවීමේ හැකියාව තියෙනවා.

05) සාමකාමී පරිසරයක්.

ගොඩක් වෙලාවට ළමයි කිහිප දෙනෙක් ඉන්න පවුල් වල නිතරම එකිනෙකා අතර රණ්ඩු ඇති වෙනවා.ඒ වගේ දේවල් නිසා සමහරවිට ඔයා ලොකු පීඩනයකින් ඉන්නවා වෙන්න පුළුවන්.හැබැයි තනි දරුවෙක් ඉන්නවා නම් නිවස ඉතා සාමකාමී ස්භාවයක් ගන්නවා.මේ නිසා ඔයාට හිතේ නිදහසින්,සැහැල්ලුවෙන් ඉන්න හැකියාව ලැබෙනවා.

06) දෙමාපියන් සමඟ ශක්තිමත් සබඳතාවක්.

සොයුරු සොයුරියන් නොමැති නිසා දෙමාපියන් සොයුරන් විදිහට කටයුතු කරනවා.එතකොට දෙමාපියන්ගේ ජිවිතයේ සතුට බෙදාගැනීම වගේම ගැටළු හා දුෂ්කරතා වලටද සම සේ කැප වෙන කෙනෙක් බවට තනි දරුවකු පත්වෙනවා.

ඉතින් තනි දරුවෙක් සිටීමෙන් ඇති වන මේ වාසි නිසා ඔබේ පවුල ආර්ථික අතින් මෙන්ම ගුණ යහපත්කම් වලින්ද පිරිපුන් පවුල් ඒකකයක් බිහි කරගන්න පුළුවන්.ඒකෙන් දරුවට හානියක් වෙන්නත් නැහැ කියලා දැන් ඔයාට තෙරුනානේ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here