Like
Like Love Haha Wow Sad Angry

Gastritis කියන්නේ දැන් කොහෙන් ගියත් අහන්න ලැබෙන රෝගයක්නේ.රෝගයක් කිව්වට අපිම තමයි ගොඩක් වෙලාවට මේ රෝගය ඇති වෙන්න හේතුව වෙන්නෙත්.ඒ කොහොම වුණත් Gastritis ගොඩක් අයට දරුනුවටම ඇති වෙලා තියෙනවා කියල ඔයා දන්න කාරණාවක්.ඉතින් අපි බලමු Gastritis ගැන ඇත්තම කතාව මොකක්ද කියලා.

Gastritis කියන්නේ මොකක්ද?

ආමාශයේ ආස්තරණය, එහෙමත් නැත්නම් ආමාශ බිත්තියෙහි ඇතුළු පැත්තෙහි ඇතිවන ප්‍රදාහයක් තමයි Gastritis කියන්නේ.

Gastritis ප්‍රධාන කොටස් දෙකට බෙදන්න පුළුවන්

01) කෙටි කාලයක් තුලදී රෝගය මතුවන අතර එය කෙටිකාලීන Gastritis (acute gastritis) කියලා හඳුන්වනවා.දින 2-10 වැනි කාලයක් මෙම තත්වය පවතිනවා

02) දිඟු කාලයක් තිස්සේ සෙමින් සෙමින් මතුවන Gastritis තත්වය දිගු කාලීන Gastritis (chronic gastritis) කියලා හඳුන්වනවාමේ තත්වය සති කිහිපයක සිට වසර ගණනක් දක්වා පවතින්න පුළුවන්

ඇයි Gastritis ඇති වෙන්නේ

  • අධික මත්පැන් පානය කිරීම
  • දුම් පානය
  • අධික ලෙස තේ සහ කෝපී පානය කිරීම
  • වේදනා නාශක භාවිතය
  • වෙලාවට ආහාර නොගැනීම
  • ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව Helicobacter pylori බැක්ටීරියාව අසාදනය වීම
  • ජීවන රටාව වෙනස් වීම
  • ශල්‍යකර්ම නිසා
  • දැඩි ආතති තත්වයන් වලදී
  • ප්‍රතිශක්ති පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝගයන්
  • විවිධ අසාත්මිකතා
  • දිලීර සහ වෛරස් අසාදන
  • අමාශයේ බිත්ති තුනී වීම

රෝග ලක්ෂණ

  • උදරයේ ඉහල ප්‍රදේශයේ ඇති වන දැවිල්ලක් හෝ වේදනාවක්
  • කෑම අරුචිය
  • උගුරේ දැවිල්ල
  • නිතර නිතර ඇති වන ඉක්කා තත්වය
  • වමනය යාමට ආසන්න වීම
  • බඩ පුරවා දැමීම හෝ බඩෙහි අපහසුතාවයක් දැනීම.
  • මේ තත්වය බරපතල වූ විට මළ සමඟ ලේ පිටවීම.
  • වමනය සමඟ ලේ පිටවීම.
  • නීරක්තිය

කොහොමද රෝගය පාලනය කරන්නේ

  • මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකීම
  • අධික සර සහිත ආහාර ගැනීමෙන් වැලකීම
  • තෙල් සහ පිෂ්ඨය සහිත ආහාර නතර කිරීම
  • තක්කාලි වැනි ආහාර ගැනීමෙන් වැලකීම
  • යෝගට්,නිවුඩු සහිත ධාන්‍ය ආහාරයට එකතු කරගන්න
  • ඒ වගේම කැරට්, පොල් වතුර සහ ඇපල් වගේ දේවල් නිතරම ආහාරයට ගන්න
  • අසාත්මික ආහාර වලින් ඈත් වීම
  • තේ කෝපි පානය අවම කිරීම
  • අධික තෙල්, පිටි අඩංගු ආහාර භාවිතයෙන් වැළකීම
  • මිරිස් තුනපහ වැඩිපුර යෙදු ආහාර භාවිතයෙන් වැළකීම
  • ඇඹුල් ගතිය වැඩි ආහාර භාවිතය අඩු කිරීම
  • නිරාහාරව සිටීමෙන් වැළකීම
  • මානසික ආතතිය පාලනය කරගැනීම
  • වැඩිපුර තන්තු සහිත ආහාර ගැනීම
  • ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම
  • ව්‍යායාම වල නිරතවීම
  • ශරීරයේ නිසි බර පවත්වා ගැනීම

ඉතින් මේ දේවල් හරියටම කලොත් ඔයාට පුළුවන් Gastritis වලින් බේරිලා Healthy life එකක් ගත කරන්න.මොකද ඉතින් හැමෝම කැමතිනේ Healthy විදිහට life එක ගෙවන්න.ඉතින් ඔයත් ඔයා කලින් කරපු වැරදි පුරුදු වලින් ඈත් වෙලා gastritis සුව කරගන්න try කරන්න

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here