කොන්ඩේ කියන්නේ කතා නොකරම බැරි දෙයක්නේ.මොකද හැම girl කෙනෙක්ගෙම dream එක ලස්සන වගේම නිරෝගී කෙස් කලඹක්.ඉතින් මේ කොන්ඩේ ආරක්ෂා කරගන්න නොකරන දෙයක් නැහැ.අරවා ගානවා මේවා ගානවා.Shampoo දානවා.Conditioner දානවා.වැඩ ගොඩයි ඉතින් අපිට.හැබැයි සමහර අය පුරුද්දට වගේ shampoo use කලාට ඇත්තටම ඇයි කොණ්ඩෙට shampoo දාන්නේ කියලා දන්නේ නැහැ.ඉතින් මම අද කියලා දෙන්නම් කොහොමද කොහොමද හරියටම කොණ්ඩෙට shampoo දාන්නේ කියලා.
01) Oily ගතිය ඉවත් කිරීමට

සාමාන්‍යයෙන් දවසක් දෙකක් කොන්ඩේ සෝදන්නේ නැතුව ඉන්නකොට oily ගතියක් ඇති වෙනවා.ඒ වගේම ඇලෙන ගතියකුත් තියෙනවා.අධික ලෙස දුහුවිලි වලට නිරාවරණය වුණහමත් hair එක oily වෙන්න බලනවා.skin එකේ තෙතමනය ආරක්ෂා කරගන්නවා වගේම hair එකේ තෙතමය ආරක්ෂා කරගන්නත් hair එක oily වෙනවා.හැබැයි ඉතින් oily ගතිය අනවශ්‍ය විදිහට තියෙනකොට හරිම කැතයි.අප්‍රසන්නයිනේ.ඒ නිසා shampoo එකක් use කළහම මේ oily ගතිය නැති වෙලා යනවා.
අනිත් කාරණාව තමයි මේ හැමදේමත් එක්ක hair එකේ ඇති වෙලා තියෙන දුර්ගන්ධයත් නැති කරනවා.
02) පිරිසිඳුකම

අපේ කොන්ඩේ ඉක්මනින් වැවෙනවා.ඒ වගේම ඉක්මණින් අපිරිසිඳු වෙනවා.ඒ නිසා නිකන්ම කොන්ඩේ wash කළා කියලා වැඩක් නැහැ.ඒ නිසා හොඳට hair එක clean වෙන්න shampoo දාලා wash කරන්න.ඒකෙන් කොන්ඩේ වගේම හිස්කබලත් පිරිසිදු කරලා ගන්නවා නම් හොඳම විසඳුම shampoo තමයි.
ඒ වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි dandruff කියන්නේ.මේ dandruff ඇති වෙන්නේ හිසකෙස් වල තියෙන අපරිසිඳු බව සහ හෝමෝන ගැටළු හේතුවෙන්.ඉතින් හිසකෙස් වල තියෙන dandruff නැති කරන්නත් පුළුවන් shampoo වලටම තමයි
03) ශක්තිමත් කෙස් කළඹක්

අපි හැමෝගෙම dream එක තමයි ශක්තිමත් සහ සිනිදු hair එකක්.ඒ විදිහට සිනිඳු බවක් ගන්න නම් අනිවාර්යයෙන් conditioner දාන්න ඕනේ.හැබැයි නිකන්ම conditioner දාලා වැඩක් නැහැ.shampoo දාලා කොන්ඩේ wash කරලා ඊට පස්සේ conditioner දාන්න.එතකොට කොන්ඩේ සිනිඳුවට තියාගන්න පුළුවන්
වද මල් ගැන දන්නේ මොනවද ?

වදමල් කියන්නනේ ලෝකයේ කිසිම විශේෂ ස්ථානයක් හිමි වෙලා නැති මල් වර්ගයක්.හරියටම කිව්වොත් කවුරුවත් ගණන් ගන්නේ නැති මල් වර්ගයක්.හැබැයි අපේ hair එක වෙනුවෙන් Hibiscus ලොකු කාර්ය බාරයක් කරනවා.
වදමල් වලින්,
- ඉක්මණින් හිසකෙස් වර්ධනය කරනවා
- හිසකෙස් සිනිඳු කිරීම
- හිස් කබලේ රුධිර සංසරණය වැඩි කරනවා
- අකලට හිසකෙස් පැසීම නැති කරනවා
- සිරුරට සිසිලක් ගෙනදීම
01) වඳමල් තෙල්

01) අවශ්‍ය වෙන්නේ මොනවද
- වදමල් තෙල්
- උළුහාල්
- පොල්තෙල්
ඉතින් මම කියපු ද්‍රව්‍ය 03ම එකට මිශ්‍ර කරගෙන රත් කරගන්න.ඊට පස්සේ ඔයාට පුළුවන් මේක oil එකක් විදිහට use කරන්න.
02) අවශ්‍ය ද්‍රව්‍ය
- blend කරගත් වදමල් කොළ සහ වදමල්
මේ මිශ්‍රණය පොල්තෙල් වල මඳ ගින්නේ රත් කරගන්න.ජලය නැතිවන තුරු රත්කර පෙරා පිරිසුදු වීදුරු බෝතලයක අසුරන්න. ඔයාට පුළුවන් මේක හිස් කබල සම්බාහනය කරන්න ගන්න
02) හිසකෙස් wash කරන liquid එකක්

- වදමල් පෙති 10ක් වතුර මිලිලීටර් 500ක රැයක් ගිල්වා තබන්න.
- පසු දින වද මල් අතින් හොඳින් මිරිකා පෙරා ගන්න.
- වදමල් සාරය කෙස්වල ගල්වා හිස Shower cap එකකින් ආවරණය කරගන්න.
- මිනිත්තු 20කින් සෝදා හරින්න.
වදමල් කොළ සහ මල් මේස හැඳි 3 ක යුෂ නෙල්ලි කුඩු මේස හැඳි 3ක් සමඟ මිශ්‍ර කර පල්පයක් සාදා හිස මිනිත්තු 40ක් ආවරණය කර තබන්න.කෙස් ඝන වෙයි.
03) Dandruff එකක් විදිහට

අවශ්‍ය වෙන්නේ
- උළුහාල් ඇට මේස හැඳි 01ක්
- වද කොළ මිටක්,
- එළඟි තෙල් කෝප්ප කාලක්
රැයක් පුරා උළුහාල් පෙඟෙන්න තබන්න.උදෑසන උළුහාල් ඇට වදමල් කොළ සමඟ අඹරා ඊට එළඟි තෙල් එක් කරන්න. පැයක් පමණ මිශ්‍රණය තිබෙන්නට හැර shampoo වලින් සෝදන්න.
04) Hibiscus Shampoo

අවශ්‍ය වෙන්නේ මොනවාද ?
- වදමල් 5ක්
- වද කොළ 15ක්
- වතුර කෝප්ප 01ක්
- කඩල පිටි මේස හැඳි 01ක්
වතුර කෝප්පයක ජලයේ වදමල් සහ වද කොළ තම්බා ගන්න.සිසිල් වන්නට හැර ඊට කඩල පිටි එක් කරන්න.ඊටපස්සේ හිස කෙස් වල ගල්වා සෝදා හරින්න.
ඔයාට මේ වගේ වගේ දේවල් කරන්න හැකියාවක් නැත්නම් වදමල්, නෙල්ලි, කෝමාරිකා සහ සැවැන්දරා අඩංගු වෙලා තියෙන shampoo එකක් use කරන්න, ඔයාට ඒකෙන් පුළුවන් මම අර කලින් කියපු result ගන්න
ඔන්න ඉතින් මම අද ඔයාට කිව්වා කොහොමද කොන්ඩේ ආරක්ෂා කරගන්නේ කියලා.ඒ වගේම shampoo use කරන්නේ ඇයි කියලාත් කියලා දුන්නා.ඉතින් කොන්ඩේ ගැන තිබුන හැම ප්‍රශ්නෙකට උත්තරේ වුණේ Hibiscus.



