කජු කියන්නේ අපි හරිම ආසාවෙන් කන කෑමක්නෙ.පැණි කජු කියන්නේ ඊටත් වඩා ආසාවෙන් කන දෙයක් දෙයක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.ආයි මොකටද අගේ කර කර ඉන්නේ නේද.මේ ගෙදර ඉන්න දවස් නිසා කාගෙන්වත් කරදරයක් නැතුව free එකේ හදන්නත් පුළුවන්නේ.ඉතින් අපි හදලම බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය

- රට කජු ග්‍රෑම් 200
- සීනි කෝප්ප 01
- බටර් තේ හැඳි 02
කොහොමද හදන්නේ.

- මුලින්ම රට කජු ටික බැදලා පොතු අයින් කරගන්න.
- දැන් රට කජු ඇට දෙපලු වෙන විදිහට අතින් පොඩි කරන්න.
- ඊළඟට භාජනයකට සීනි සහ බටර් දාගෙන රත් වෙන්න තියන්න
- සීනි උණු වුණාට පස්සෙ රට කජු ටික දාගන්න.
- අන්තිමටම හොඳට mix කරලා බටර් ගාගත් තැටියකට දාන්න
- ඊළඟට තුනී කරලා උණුවෙන්ම පිහියෙන් ඉරි ඇදගන්න.
ඔන්න ඉතින් මේ විදිහට තමයි පැණි කජු කෑලි හදාගන්නේ.දැන් ඔයා අමාරුයි කියලා හිතුවට හරිම easy වැඩක්නේ.ආයෙමත් දවසක තනියම හදලා බලන්නකෝ වෙනසකටත් එක්කම.



