Wedding එකක් කියන්නේ අපි එනකන් බලාගෙනම ඉන්න දෙයක්.සමහර අය dance කරන්න බලාගෙන ඉන්නවා.තවත් අය බඩ පැලෙන්න කන්න බලාගෙන ඉන්නවා.තවත් අය යාළුවොත් එක්ක එකතු වෙලා drink ගන්න බලාගෙන ඉන්නවා.ඔය මොන දේ වෙනුවෙන් wedding එකට ගියත් අපි යන්න ඕනේ පිළිවෙලක් තියෙනවනේ.මොකද ගෙදරට අඳින ඇඳුමක් ඇඳගෙන හරි එහෙමත් නැත්නම් එළියට යන ඇඳුමක් ඇදගෙන ඒ විදිහකට හරි යන්න බැහැනේ.wedding එකකට යන්න ඕනේ ඒ විදිහට.ඉතින් ඔයා යන්නෙත් එතනට එන අනිත් අයට වඩා ලස්සනටනේ.ඒ නිසා ඔන්න wedding එකකට ලස්සනට යන්න පුළුවන් dress කිහිපයක් ගැන මම අද ඔයාට කියන්නම්
01) Wrap Around Frock

මේක ආපු මුල් කාලේ නම් casual තමයි ඇන්දේ.ඊට පස්සේ wedding වලට party වලට මේ Wrap Around Frock එක අඳින්න ගත්තා,ඉතින් මේ වෙනකොට ගොඩක් Popular fashion එකක්.ඔයා wedding එකකට මේ design එකේ dress එකක් අඳින්න හිතනවා නම් Heavy Jewellery දාන්න අමතක කරන්නත් එපා.මොකද Wrap Around Frock එකකට match වෙන්නේ Heavy Jewellery දැම්මොත් තමයි.ආ…..තව දෙයක්.ඔයා hair style එක දානකොට Loose hair style එකක් දාන්න
02) Fit & Flare Dress

Fit & Flare Dress කියන්නේ මමත් ගොඩක් කැමති fashion එකක්.ඒ වගේ Dress එකක් ඇන්දම හරිම ලස්සනයි.මේ Design එකේ Off Shoulders frock වලට කැමති කෙනෙක්ට ඒ විදිහට ගන්න පුළුවන්.නැත්නම් මහලා හරි අඳින්න පුළුවන්.ඒ වගේම ඉදිරිපසින් දණහිසට උඩට වෙන්නත් පිටිපස Fishtail වෙන විදිහට හදාගෙන මේ ගවුම අඳින්න පුළුවන්.ඔයා ටිකක් short dress අඳින්න කැමති කෙනෙක් නම් මේ විදිහ තමයි ගොඩක්ම match වෙන්නේ.ඊට පස්සේ මේකට High Heel Shoes තමයි match වෙන්නේ.jewellary දානකොට ලොකුවට මොකුත් දාන්න ඕනේ නැහැ.earrings විතරක් දාන්න. එතකොට තමයි ගොඩක් ලස්සන.
03) Bodycon Dress

මේක නම් match වෙන්නේ ටිකක් slim කෙනෙක්ට තමයි.හැබැයි මේක වැඩියෙන්ම අඳින්නේ short විදිහට.short අඳින්න කැමති නැත්නම් ඔයාට පුළුවන් මේක Three quarter විදිහට අඳින්න.Plane Colors වලින් වගේම Mix Colors වලින් Lace work
එකක් එක්ක එන නිසා අනිත් ඒවාට වඩා ගොඩක් වෙනස් වගේම ලස්සන පෙනුමකුත් එනවා.hair style එක simple එකක් වෙනවා නම් තවත් හොඳයි.ඒ වගේම high ponytail එකකුත් හොඳයි.shoe නම් match වෙන්නේ high heels.
04) Shalwar

Shalwar නම් ඉතින් අපි පොඩි කාලේ ඉදන්ම දන්නවනේ.හැබැයි ඉතින් ඒ කාලේ වගේ නම් නෙමෙයි මේ කාලේ.දැන් නම් wedding එකකට Shalwar අඳිනකොට අපි ගොඩක් හිතනවනේ.මොකද අනිත් අයට වඩා ලස්සනට යන්නනේ try කරන්නේ.ගොඩක් වෙලාවට Shalwar වල අත් එන්නේ දිගට.ඒ විදිහ තමයි ගොඩක් ලස්සන.හැබැයි ඔයා කැමති අත් කොටට නම් ඒ විදිහට හදාගන්න පුළුවන්.ඉතින් Shalwar අඳිනකොට ගොඩක් jewellary වලට යන්න ඕනේ නැහැ.Earrings විතරක් දැම්මහම ඇති.
ඉතින් දැන් කාගේ wedding එක තිබුනත් බය නැතුව මේ ඕනෙම fashion එකක් try කරලා බලන්න පුළුවන්.ඔයාට ගැලපෙනවා නම් try කරලා බලන්න.මොකද ඉතින් ඔයාටත් ඕනේ wedding එකට යන ලස්සනම කෙනා වෙන්නනේ.ඔන්න ඉතින් දැන් ඔයාට ඒක කරන්න පුළුවන්



