ඔයාගේ හිතේ හීනයක් ඇති කවදමහරි දවසක ලංකාවම දන්න තරුවක් වෙන්න , ලස්සන නිවසක හිමි කාරයෙක් වෙන්න , ලස්සනට family life එකක් ගත කරන්න , ඒ හැම dream එකක්ම අවසානයේ තියෙන්නේ “සාර්ථකත්වය”.“සාර්ථකත්වය” එක දවසකින් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඔයා “සාර්ථකත්වය” හොයාගෙන යන කෙනෙක් වෙන්නත් පුළුවන්.දැන් ඔයාට “සාර්ථකත්වය” පස්සේ ගිහිල්ලා මහන්සිද ? මහන්සි කියලා ඔයාගේ ඉලක්කය මග නවත්තනවද ? මහන්සි කියලා හිතුන වෙලාවට චුට්ටක් විවේක ගන්න පුරුදු වෙන්න.ඔයාට සාර්ථකත්වයට යන්න ඕනේ නම් මේ කරුණු 06 හොදට මතක තියා ගන්න.
ඉලක්ක

ඔයා මුලින්ම ඔයාගේ ජීවිතේට ඉලක්කයක් තියා ගන්න.එක ඉලක්කයක් ඉවර වෙන කොට තවත් ඉලක්කයක්.එකකින් නවතින්න එපා.ඔයා සාර්ථකත්වය බලාපොරොත්තු වෙන්නේ වෘත්තීමය හෝ ව්‍යාපාරික හෝ වෙනත් ඕනෙම ක්ෂේත්‍රයක වෙන්න පුළුවන්. ඒ කොහොම වුනත් ඔයා ඔයාගේ හිතේ ඉලක්කයක් තියා ගන්න. ඒක අමතක කරන්න එපා. හැම වෙලාවේම ඒ ඉලක්ක ගැන හිතන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඔයාට සාර්ථකත්වයට යන්න තියන හැම පියවරක්ම ඉලක්කයක් වෙනුවෙන් තියන්න.
ඔබේ ඉලක්කයට යන්න ඔයාගේ හැකියාව ගැන විශ්වාසද ?

ඔයා බලනවා ඇති මම ඒ ප්‍රශ්නේ ඔයාගෙන් ඇහුවේ ඇයි කියලා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි. ඔයාගේ හීනවලට යන්න , ඔයාගේ අරමුණුවලට යන්න ඔයාට අවශ්‍යම දේ තමයි ඔයාගේ හැකියාව ගැන ඔයාට තියන Trust එක.තමන්ගේ හැකියාව හදුනාගෙන ඒ හැකියාව ගැන විශ්වාස කරලා ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නේ ඉතාමත් ස්වල්ප පිරිසක්. ඒ නිසා ඒ ටික දෙනාගෙන් ඔයත් එක්කෙනෙක් වෙන්න. කවදාවත් ඔයාගේ හැකියාව ගැන අවතක්සේරු කරන්න එපා. ගොඩක් අය ඔයාට කියයි “ඔයා කොහොමද ඔයාගේ අරමුණුවලට යන්නේ. ඔයාට බෑනේ මේ දේ කරන්න” කියලා. හිතන්න එපා ඒ තමයි මිනිස්සු. “හැම වෙලාවේම ඔයා ඔයාගේ හැකියාව ගැන විශ්වාස කරන්න”
අත්දැකීම් සහ අධ්‍යාපනය

ඔයාට ඔයාගේ ක්ෂේත්‍රය ගැන අත්දැකීම් නැද්ද ? හරි හැටි ඒ ගැන අධ්‍යාපනයක් නැද්ද ? එහෙනම් තවත් පරක්කු වෙන්නේ ඇයි ? හොයන්න. ඔයාට ලැබෙන පුංචි විනාඩි පහකින් හරි , දෙයක් ඉගෙන ගන්න බලන්න. මොකද කෙනෙක් සාර්ථකත්වයට ගෙනයන්න පුළුවන් ලොකුම අවි දෙක තමයි අත්දැකීම් සහ අධ්‍යාපනය.
හැම තැනකදීම සහ හැම වෙලාවකම ඔයාගේ ජිවිතයට දේවල් එකතු කර ගන්න. ඔයා දැන් ලබා ගන්න පුංචි experience එකක් අද ඔයාට වටිනාකමක් ගෙන දෙන එකක් නෑ. හැබැයි කවදමහරි දවසක ඔයාට ඒ පුංචි අද්දැකීම වටින වෙලාවක් එනවාමයි.
දැන් ඉන්න තත්වෙන් අඩියක් හරි ඉස්සරහට යන්න අවදානමක් ගන්න ඔයා බයයිද ?

බයවෙන්න එපා. ඇයි ඔයා බය වෙන්නේ ? බය වෙලා මේ ගමන යන්න බෑ. බය කියනදේ නැති කරගන්න. ඕනම අවදානමක් ගන්න පුළුවන් තැනට ඔයාගේ හිත ශක්තිමත් කරගන්න. “මම මේ ගමන යනවාමයි” අරමුණක් තියන ඕනෙම කෙනෙක් කවදාවත් බය කියන දේ ඉස්සරහට දාන්නේ නෑ. හිතේ බය තියෙන්න පුළුවන්.හැබැයි අනිත් අයට පෙන්වන්න එපා ඔයා බයගුල්ලෙක් කියලා.
අරමුණකට යන කෙනෙක්ගේ හිතේ තියෙන්නේ එකම එක සිතුවිල්ලක් විතරයි “නෑ මට පුළුවන්” ගොඩක් අය ඔයාට බෑ කියයි. ඒත් ඕනෙම Risk එකක් ගන්න ඔයාට පුළුවන්. ඔයා දවසක ඔයාගේ අරමුණට යයි. කවදාවත් Risk කියන දේ නිසා හීන නැතිකරගන්න එපා.
අන්තිම දේ “නිහතමානී වෙන්න”

මේ ලෝකේ හැමදේම නැතිවෙන දවසක් එනවා. ඔයා කොච්චර සාර්ථකත්වයකට ගියත් ඒ සාර්ථකත්වයත් නැති වෙන දවසක් එනවා. ඒ නිසා නිහතමානීකම ජිවිතේ තියා ගන්න. ඔයාගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම කඩාගෙන වැටුනත් ඔයාව ජිවත් කරවයි දවසක ඔයාගේ නිහතමානීත්වය.
අවංක වීම ගොඩක් වැදගත්

ඔයාට ඔයාගේ දෛවය වැටෙනකම් ගහයි.ඊට පස්සේ අහයි තාමත් ඔයාගේ හීනේ ඒකමද කියලා.එතකොට කියන්න ඔව් තවත් මට ඕනේ ඒ අරමුණමයි කියලා.දවසක ඔයාගේ අරමුණු වලට , ඔයාගේ හීන වලට ඔයා යන්නම ඕනේ. ඔයා පෙන්වන්න ඔයාට හිනා වුන , ඔයාට බෑ කියලා කියපු හැමෝටම ඔයාට පුළුවන් කියලා. මේ ගමන යද්දී ඔයාට ගොඩක් දේවල් නැතිවෙයි යාලුවෝ , නෑදෑයෝ , ඔයා ආදරය කරන හැමදේම ඒත් නවතින්න එපා. යන්න ඔයාගේ ගමන. ඔයා ඔයාගේ සාර්ථකත්වයට ගිය දවසකට ඒ හැමදේම අයෙමත් ඔයාටම ලැබෙයි.
මේ දේවල් තමයි ඔයාට success වෙන්න තියෙන හොඳම දොරටු වෙන්නේ.ඒ නිසා ඉස්සරහට යන්න ඕනේ නම් මේ දොරටු 05න් යන්න.එතකොට ඔයාට කවදාවත් වරදින්නේ නැහැ.වැරදුනත් පාර වෙනස් කරන්න එපා.ඒ පාරේම යන්න.එතකොටයි ඔයා success වෙන්නේ



