Like
Like Love Haha Wow Sad Angry

Wedding එක කියන්නේ ඔයාගේ life එකේ තියෙන special day එකක්.ඉතින් මේ wedding එක ලස්සන කරන්න එකතු වෙන තවත් පිරිසක් ඉන්නවා.ඒ තමයි bridesmaid.ඉතින් wedding එක දවසට ඔයාගේ වැඩ වලට help කරන්න ඉන්නෙත් මෙයාලා.එදාට ඔයාගේ වගේම bridesmaid’s ලාගේ ලස්සන ගැනත් ගොඩක් හිතන්න ඕනී.ඉතින් මම අද කියන්නම් ඔයාගේ wedding එකේ bridesmaid’sලගේ සුන්දරත්වය රැක ගන්නේ කොහොමද කියලා.

01) කොහොමද Selects කර ගන්නේ

ඉස්සර නම් කියන්නේ bride ට වඩා පෙනුමෙන් අඩු අය bridesmaidsලට select කර ගන්න කියලා.හැබැයි දැන් නම් එහෙම නැහැ.මොකද දෙවන මනමාලියන් select කර ගන්න ඕනී bride ගේ පෙනුම වැඩියෙන් පේන විදිහට.ඒ වගේම skin tone එක same වෙන්නත් ඕනී.

අර මම කලින් කිව්වා වගේ සුන්දරත්වයෙන් අඩු අය දෙවන මනමාලියන් විදිහට select කර ගත්තොත් වෙන්නේ මනමාලිය සුන්දරත්වය අඩු වෙන එක.ඒ නිසාමයි same පෙනුමක් තියෙන අය bridesmaidස්ලා විදිහට select කර ගන්න කියන්නේ.ඒ විදිහට කලොත් නම් ඔයාගේ wedding album එකේ photos ලස්සනට තියෙයි

ඊළඟට ඔයාගේ උසට සහ ශරීර ප්‍රමාණයට ගැලපෙන විදිහට bridesmaidස්ලා තෝරා ගන්න ඕන.ඔයාට වඩා මහතා හරි එහෙමත් නැත්නම් උස හරි අය තෝරා ගන්න එපා

ඔයාගේ groomට අකමැති අයව bridesmaidස්ලා විදිහට select කර ගන්න එපා.ඔයා ඒ වෙනුවෙන් ඔයාට ගොඩක්ම විශ්වාස අයව මේ සඳහා තෝරා ගන්නවා නම් තමයි හොඳ

02) ඊට පස්සේ මොකද කරන්නේ

ඔයාගේ වගේම එයාලගේ ලස්සන ගැනත් හිතන්න වෙනවා.ඒකට මෙන්න මේ ටික කරන්න

  • මුලින්ම wedding එකට මාස 03කට කලින්වත් clean up එකක් කර ගන්න
  • ඊළඟට හොඳ facial එකක් කර ගන්න ඕනී
  • ඒ වගේම skin එකේ ගැටළු තියෙනවා නම් ඒවාට ප්‍රතිකාර කරගන්න අවශ්‍යයි.
  • hand සහ foot වල සුන්දරත්වය ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕනී.ඒකට saloon එකකින් මෙනික්‍යු සහ පෙඩික්‍යු කරගන්න.ඒ වගේම නියපොතු නිතරම පිරිසිඳු කර ගන්න වඟ බලා ගන්න ඕනී.
  • සිරුරේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සිදු කරන්න .

මේ දේවල් වලට අමතරව

  • හිරු එළියෙන් ආරක්ෂා විය යුතුයි.හිරු එලියට යනවා නම් sun cream එකක් use කරන්න.ඒ වගේම sun glass භාවිතා කරන්න අමතක කරන්න එපා.
  • සිරුරේ හැඩය නිවැරදිව තබා ගන්න අනිවාර්යයෙන් exercise කරන්න ඕනී.ඒ නිසා දිනපතා exercise කරන්න
  • ආහාර ගැන සැලකිලිමත් වෙන එක කොහොමත් හොඳයි.මේදය සහ සීනි සහිත ආහාර ගන්න අඩු කරන්න වෙනවා.මොකද මේදය සහ සීනි සහිත ආහාර නිසා pimple ඇති වීම සහ සම අවපැහැ වීම ඇති වෙනවා.ඒ දේවල් වලින් බේරෙන්න නම් මේ දේවල් අත හරින්න වෙනවා.

03) ඇඳුම් තෝරා ගන්නේ කොහොමද ?

  • එයාලගේ dress එකට ගැලපෙන විදිහට bridesmaidස්ලාගේ ඇඳුම් තෝරා ගන්න ඕනී.
  • ඔවුන්ගේ ඇඳුම් නිර්මාණය කරනකොට සැටින්, ක්රේප්, වෙල්වට්, ලේස්, සිල්ක් වගේ රෙදි ගන්නවා නම් තමයි ගොඩක් හොඳ – මේ දේවල් වලට අමතරව design තෝරා ගන්න ඔයාට පුළුවන් internet එක use කරන්න.
  • විශේෂම දේ තමයි bridesmaidස්ලාගේ ඇඳුම් select කරනකොට එයාලගේ කැමැත්ත අකමැත්ත දැනගන්න

04) මල් කළඹ එකම විදිහටද හදන්නේ

  • Bridesmaidස්ලාගේ dress එකේ වර්ණයට සහ ශරීර ප්‍රමාණය match වෙන්න ඕනී
  • ඔය වෙනුවෙන් සකස් කරන මල් කළඹට මල් ගොඩක් දැම්මත් bridesmaidස්ලාගේ මල් කළඹ හදන්න ඕනී ඒ මල් වලින් එක මල් වර්ගයක් select කරගෙන
  • Dark dress එකක් අදිනවා නම් ඒ color එකේම light color එකෙන් මල් කළඹ නිර්මාණය කරන්න පුළුවන්.
  • brideගේ සහ bridesmaidස්ලාගේ මල් කළඹවල් වලට එකම color එකකින් වෙනස් මල් දාලා මල් කළඹ නිර්මාණය කරන්න.

ඉතින් දැන් ඔයාට බය නැතුව bridesmaidස්ලාගේ වැඩ ටික කර ගන්න පුළුවන්.එයාලගේ වැඩ වලට මොකද කරන්නේ කියලා හිත හිතනේ හිටියේ.ඔයා වගේම එයාලත් අනිවාර්යයෙන් wedding එක දවසට ලස්සනට ඉන්න ඕනී.නැත්නම් ඉතින් ගන්න photos වුනත් කැත වෙනවා.ඒ නිසා මම කිව්වා දේවල් මේ දේවල් ඔයාගේ wedding එකට උදව් කර ගන්න

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here