Like
Like Love Haha Wow Sad Angry
91

රාත්‍රී සත්කාර කියන්නේ අපි නිතරම කරන දෙයක්.මුල් කාලයේ හැමෝම face wash, cream වර්ග use කරන්න පටන් ගත්තා.technology එක improve වෙනවත් එක්කම face wash, cream වලට අමතරව තව ගොඩක් product වර්ග වෙළඳපොළට ආවා.හැබැයි මේ ආපු හැම product එකක්ම skin එකට Favorable ඒවා නෙමෙයි.skin එක Damage කරන්න වගේම best result ගන්න පුළුවන් product ගොඩක් මේ වෙනකොට ඔයා දැකලා ඇති.දවසම work කරලා tired වෙලා ගෙදර ආවහම skin එක ගැන හිතන්න තියෙන්නේ පුංචිම කාලයක් විතරයි.මේ Time එකේ තමයි skin එකට කරන්න පුළුවන් treatment කරන්න තියෙන්නේ. හැබැයි ඒ time එකේ skin එකට හිතකර treatment එකක් කරනවද නැත්නම් අහිතකර දෙයක් කරනවද කියලා ඔයා දන්නේ නැතුව ඇති.ඒ නිසා මම අද ඔයාට කියලා දෙන්නම් skin එකට හිතකර රාත්‍රී සත්කාර කිහිපයක් ගැන.

Cream, serum සහ applicap ගැන හරියටම දැන ගන්න

හරි මම කියන්නම්,දැන් ඔයා supermarket එකට ගියහම ඕනී තරම් beauty product තියෙනවනේ.ඉතින් night cream වර්ග ගත්තොත් ඒවා නම් ඕනී තරම් වැහි වැහැලා.ඒ විතරක්ද රටේ නැති serum වර්ගත් ඕනී තරම්.සාමාන්‍යයෙන් night cream වලින් වෙන්නේ skin එකේ තියෙන collagen වැඩි කිරීම සහ රුධිර සංසරණයට උපකාර කරන එක.ඒ වගේම Serum කියන්නේ skin එක protect කරන ක්‍රියාකාරී වගේම සැහැල්ලු ආලේපනයක්.skin එක තුලටම කා වැදී ඇතුලතට ගමන් කිරීමේ හැකියාව serum වලට තියෙන නිසා ඉතා කුඩා ප්‍රමාණයක් ආලේප කිරීමෙන් හොඳ result එකක් ලබා ගන්න පුළුවන්.serum වල තෙල් ගතියක් නැහැ.ඒ නිසා තෙල් සහිත සමකට වුවත් ඉතාමත් සුදුසුයි.මේ දේවල් එක්කම රාත්‍රී සත්කාර විදිහට applicap වර්ගත් තියෙනවා.night cream use කරනවා නම් රාත්‍රියට දහදිය දැමීම සිදු වෙනවා,හැබැයි applicap එකකින් ඒ දේ වෙන්නේ නැහැ.ඒ වගේම serum එකකින් වගේම applicap එකක් use කරනවා නම් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

ඉතින් මේ හැමදේමත් එක්ක ලංකාවේ මේ වෙනකොට bleaching සහ රසදිය අඩංගු වෙලා තියෙන නිෂ්පාදන ඕනී තරම් තියෙනවා.ඒ අතර තියෙන තියෙන ජනප්‍රිය ඒවා කිහිපයක් පහත දැක්වෙනවා.

Bleaching සහිත night cream වර්ග

  • goree
  • paimei
  • Golden pearl
  • faiza

දැන් ඉන්න ගොඩක් අය බලන්නේ ලස්සන පැහැපත් skin එකකට වඩා සුදු වෙන්නනේ.ඉතින් ඒ නිසා මම කලින් කිව්ව whitening cream වර්ග use කරන්න පුරුදු වෙලා ඉන්නවා.ඒත් ගොඩක් අය මේ දේවල් use කරන්නේ තව කෙනෙක්ට වඩා සුදු වෙන්න හිතාගෙන.හැබැයි එකෙන් ලැබෙන අතුරු ආබාධ මොනවද කියලා නම් කිසිම දවසක හිතුවේ නැහැ කියලා මම දන්නවා.ඉතින් මම කියන්නම් මේ වගේ whitening cream වර්ග use කලොත් මොන වගේ side effect වලට මුහුණ පාන්න සිද්ද වෙනවද කියලා.

  • සම මත පැල්ලම් ආකාරයක් ගත් ලප ඇති වීම.
  • ඉක්මණින් සම එල්ලා වැටීම.
  • සමේ පිළිකා ඇති කිරීම.
  • සම රතු වීම, කැසීම, සහ ඉදිමීම.
  • සම තුනීවීම සිදු වී අධික ලෙස සංවේදී වීම.
  • තරුණ බව ඉක්මණින්ම නැති වී යාම.
  • සමේ මෙලනින් තත්ත්වය පිච්චී ගිය විට අව්වට ඔරොත්තු නොදීම.
  • තුවාලයක් වැනි දෙයක් ඇති වූ විට එය සුව වීමට කාලයක් ගත වීම.
  • සමේ තුළිත බව බිඳ වැටී යන අතර සමේ නිරෝගී බව සහ ශක්තිමත් බව ද නැති වී යයි.

ඉතින් මේ හැමදේමත් එක්ක අපි රාත්‍රී සත්කාර වර්ග කිහිපයක් ගැන Test කරලා බැලුවා.ඒ හොඳ result ලැබුන හැම එකක්ම ලංකාවේ මේ වෙනකොට තියෙන හොඳම product.ඉතින් අපි කරපු test එකෙන් ලැබුන ප්‍රතිඵල සහ ඒ රාත්‍රී සත්කාර වර්ග මොනවද කියලා ඔයාට කියන්න ඕනි කියලා මම හිතුවා.

01) facia night revitalising cream

මේ cream එක නිෂ්පාදනය කරලා තියෙන්නේ ස්වාභවික ද්‍රව්‍ය වලින්.facia night revitalising cream එකේ තියෙන Marine collagen වෙනත් කිසිඳු night cream එකක අඩංගු වෙලා නැහැ.මේ cream එකෙන් benefit ගොඩක් ලැබෙනවා.pigmentation ඉවත් කරනවා ,moisturizer කරන්න පුළුවන්.අනෙක් විශේෂම කාරණාව තමයි මේ cream එක ඕනෑම skin එකකට use කරන්න පුළුවන්. ගාණත් affordable 890/=ක් නිසා.මේකේ ගොඩක් හොඳ ingredient තියෙන නිසා ඒ price එක හොඳයි.හැබැයි ගොඩක්ම oily skin එකක් හෝ ගොඩක්ම pimple තියෙන කෙනෙක් මේ cream එක use කළොත් skin එකේ තියෙන oily ගතිය වැඩි වෙනවා.

02) olay regenerist night revitalizing night cream

මේ cream එකෙන් හොඳ moisturizer effect එකක් ලබා ගන්න පුළුවන්.සම පැහැපත් කරනවා වගේම සමේ රැලි ස්වභාවය පාලනය කරනවා.හැබැයි මේකේ තියෙන ප්‍රශ්නේ තමයි young අයට මේකේ use කරන්න බැරි එක.අවුරුදු 30 ට වැඩි අයට use කරන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ.මොකද cream එකේ ගොඩක්ම අන්තර්ගත වෙන්නේ chemical based නිසා.

03) offmarks regenerating night cream

offmarks regenerating night cream එකෙන් සම පැහැපත් කරනවා වගේම පැල්ලම් නැති කරනවා.ඒ වගේම හොඳ moisturizer එකක්.මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ ස්වභාවික දේවල් නිසා කිසිම side effect එකක් නැහැ.හැබැයි ඔයාට තියෙන්නේ oily skin එකක් නම් සමහරවිට මේ cream එකෙන් oily ගතිය වැඩි වෙනවා.

04) Estee Lauder – Advanced Night Repair

මේක ඉතා උසස් ගණයේ night serum එකක්.මාස 03ක් වගේ කාලයක් ඔයාට මේක use කරන්න පුළුවන්.dry වගේම oily කියන ඕනෑම skin එකකට ඉතාමත් හොඳ product එකක් තමයි Estee Lauder – Advanced Night Repair කියන්නේ.අත් වල වුණත් ආලේප කරන්න පුළුවන්.මේක ලෝක ප්‍රසිද්ධ branded product එකක් වගේම බ්‍රිතාන්‍යයේ නිෂ්පාධිත product එකක්.හැබැයි මේ නිෂ්පාදනය ඉතාමත් මිල අධික නිසා ඒ මුදලින් මාස ගණනකට අවශ්‍ය product ඔයාට ලබා ගන්න පුළුවන්.මේ නිෂ්පාදනයේ මිල (200$) 36000ක් වනවා.

05) lia diamond night serum

මේ නිෂ්පාදනයේ අඩංගු වෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය විතරයි. lia diamond night serum එකේ විටමින් c වලට අමතරව glutathione අඩංගු නිසා සමේ පැහැය වර්ධනය වීමක්ද සිදු වෙනවා.මම කලින් කිව්වා වගේම serum කියන්නේ ගොඩක් මිල අධික දෙයක්.හැබැයි ඔයාට පුළුවන් රුපියල් 1950කට වගේ මිලකට මේ serum එක ලබා ගන්න.මේ නිෂ්පාදනයෙන් සමෙහි ඇති කුරුලෑ නැති කරන නිසා ගොඩක් හොඳ product එකක් කියලා ඔයාට නිර්දේශ කරනවා.

06) The ordinary lactic acid 5%

the ordinary lactic acid 5% එකෙන් සමේ ලප කැළැල් නැති කරනවා.ඒ විතරක් නෙමෙයි ඕනෑම skin එකකට සුදුසුයි.සමේ ඇති සියුම් බිබිලි නැති කරලා සම එකම තත්වයට ගෙන්න මේකට පුළුවන්.රාත්‍රී කාලයේ මේක ගාලා උදේ කාලයේ sun cream ගාන්නේ නැතුව හිරු එලියට නිරාවරණය වුණොත් සම පිළිස්සීමට ලක් වෙනවා.lactic acid 5% හෝ lactic acid 10% යන දෙක අතර අගයක් select කර ගන්න අපහසු වුණොත් ප්‍රතිඵල සඳහා ඉතාමත් දීර්ඝ කාලයක් ගත විම හෝ සම පිළිස්සීමට ලක් වෙන්න ඉඩ තියෙනවා.

07) Facia gold Applicap

මේ Facia gold Applicap එක කියන්නේ ලංකාවේ මේ වෙනකොට තියෙන popular brand එකක්.Applicap use කරන අයගෙන් ගොඩක් අය use කරන්නෙත් මේ Facia gold Applicap එකම තමයි.මොකද වෙළඳපොළේ තියෙන හොඳම brand එක තමයි මේක. oily ස්කින් එකක් තියෙන කෙනෙක්ට වුනත් use කරන්න පුළුවන්.හැබැයි ගොඩක් oily skin එකකට වඩා dry skin එකක් තියෙන කෙනෙක්ට මේක ගොඩක්ම හොඳයි.skin එකේ තියෙන dry ගතිය නැති කරලා තෙතමනය ආරක්ෂා කරන්න මේ Applicap එකට හැකියාව තියෙනවා.Facia gold Applicap එකේ අඩංගු වෙන්නේ ස්වාභවික ජෝජෝබා සාරය සහ විටමින් E නිසා ඇස් යට කළු වීම නැති කරන්න පුළුවන්.මේ Applicap එක ඔයාට රුපියල් 1150ක් වගේ affordable මිලකට ලබා ගන්න පුළුවන්.

රාත්‍රී සත්කාර වලින් ලැබෙන ප්‍රතිඵල

  • ඔයාගේ හානි වෙලා තියන skin එක යතා තත්වයට පත් වෙන්න අවශ්‍ය පෝෂණය ලබා දෙනවා
  • අලුත් සෛල නිර්මාණය කරනවා.
  • සම වයසට යාම නැති කරනවා වගේම තමයි සම මතුපිට තියන සෛල වයසට යන එක අඩු කරනවා.
  • සම එල්ලා වැටෙන එක නවත්වනවා
  • දවස පුරා රූපලාවන්‍ය ආලේපන තවරාගෙන සිටින අයගේ සමට ඉන් සිදු වන හානිත් මඟින් සුවපත් කරවනවා.
  • මේ cream මඟින් සමේ තෙතමනය රඳවන අතර සමේ නැවුම් බව සුරකියි.
  • සමේ ඇදෙන සුළු බව රකින කොලජන් සහ ඉලාස්ටින් ප්‍රෝටීන් නිපදවන සෛල නිපදවීමට උපකාර කරයි.
  • සමේ ඇති අසාත්මිකතා සුව කිරීමේ හැකියාවක් පවතී.

ඉතින් දැන් ඔයාට මම කිව්වේ හොඳ රාත්‍රී සත්කාරයක් කරන්නේ කොහොමද කියලා.ඒ විතරක් නෙමෙයි හරියටම result ගන්න පුළුවන් මොන වගේ දෙයක් රාත්‍රී සත්කාර විදිහට use කලොත්ද කියන එකත් මම ඔයාට කියලා දුන්නා.දැන් ඔයාට බය නැතුව මම කිව්ව cream හරි applicap හරි use කරන්න පුළුවන්.මේ කිසිම් දෙයක බ්ලිචින් වගේ skin එකට හානි කරන දේවල් අඩංගු වෙලා නැහැ.ඒ විතරක් නෙමෙයි ස්වභාවික දේවල් අන්තර්ගත කරලා තියෙන නිසා කිසිම අතුරු අබාධයක් නැහැ කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්

Like
Like Love Haha Wow Sad Angry
91

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here