Like
Like Love Haha Wow Sad Angry
1

හැමෝම කැමතියිනේ කිසිම දෙයක් අමතක වෙන්නේ නැති Great memory එකක් තියෙනවා නම්.සමහර අයට නම් හැමදෙයක්ම අකුරක් නෑර මතකයි.තවත් අයට තියෙන්නේ කෙටි කාලීන මතකයක්.තවත් අය ඉන්නවා මේ කියන දේ මේ මතක නැහැ.මගෙත් යාළුවෙක් ඉන්නවා.එයාටත් සමහර දේවල් ඉක්මනට අමතක වෙනවා.එයා මට කියලා තියෙනවා ඉස්සර නම් මට මේ විදිහට අමතක වෙන්නේ නැහැ.හැබැයි දැන් ගොඩක් දේවල් අමතක වෙනවා කියලා.ඉතින් මේ memory loss එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නිසා මම හිතුවා ඒ ගැන කතා කලොත් ගොඩක් අයට වැදගත් වෙයි කියලා.

මතක වර්ග 05ක් තියෙනවා

01) Semantic memory- අර්ථ විමර්ශන ස්මරණය.දුටුදේ හා ඇසූ දේ හා සම්බන්ධ සංඥා හා සංකේත.
02) Implicit memory – ගම්‍ය ස්මරණය.ඉන් සිදුවන්නේ යමක් සිදුවීමට පෙර මතක්වීමයි
03) Remote memory – දුරස්ථ ස්මරණය.මේ මතකය කෙනකුට එන්නේ කලින් ලද කිසියම් උගැන්මක ප්‍රතිඵලයක් වශයෙනි.
04) Working memory – නියැලී සිටින විට වැඩ පිළිවෙළ හෝ ‘නියැලෙන පිළිවෙළ’ මතක්වීම මත රැඳී පවති.
05) Episidic memory – ජවනිකානුකූල ස්මරණය

01) අමතක වෙන එකට මොකද කරන්නේ.

ඔයාට දැන් මතකද ඔයාගේ school එකේ හිටිය සමහර යාලුවන්ගේ නම්.සමහර විට අමතක වෙලා ඇති.නැත්නම් මුහුණ මතකයි නම මතක නැහැ වෙන්නත් පුළුවන්.හැබැයි තවත් පිරිසක් ඉන්නවා එයාලට එයාලගේ පුංචි කාලේ ඉඳලා මේ වෙනකන් වෙච්ච දේවල්, හම්බ වුන අය හැමදෙයක්ම මතකයි.සමහර වෙලාවට ඔයාට හිතෙනවා ඇති අනවශ්‍ය දේවල් memory එකේ තියා ගන්නේ මොකටද කියලා.එහෙම කියලා මතක කරලා දාන අවස්ථා නම් ඕනී තරම් තියෙනවා.සමහර වෙලාවට ජිවිතේ එක පාරක් විතරක් meet වුන කෙනෙක් ගොඩ කාලයකින් හම්බ වෙලා එයාගේ නම කියලා කතා කලාම එයාට සතුටු හිතෙනවනේ. ඔයාට කෙනෙක්ව මතක් කර ගන්න පුළුවන් හොඳම වැඩේ තමයි එයාගේ නම සම්බන්ධ වෙලා තියෙන දෙයක් එහෙමත් නැතනම් සිංදුවකින් එයාව මතක කර ගන්න එක.

02) ඒක තිබ්බේ තැන නැහැනේ.තිබ්බේ තැන නැහැ නෙමයි,තිබ්බ තැන මතක නැහැ.

අහ්. ඕක නම් වෙන්නේ ගත්ත දේ ගත්ත තැනින්ම තියන්නේ නැති නිසා.අනිත් දේ තමයි වැඩ ගොඩක් බදාගෙන කරන්න යන එක.multi tasking වෙන එක හොඳයි.හැබැයි කරන්න පුළුවන් නම් විතරයි වැඩ භාර ගන්න ඕනී.තමන්ට කරන්න බැරුව වැඩ භාර ගන්න නම් යන්න එපා.එහෙනම් කරන්න ඕනී ඔයාට කරන්න තියෙන වැඩ ටික ලියාගෙන එක වැඩක් ඉවර වුනහම tick එකක් දා ගන්න එක.ඊට පස්සේ ඊළඟට කරන්න තියෙන වැඩේ කරන්න.එතැනදී කරන්න ඕනී එක වැඩක් කරන ගමන් ඊළඟට තියෙන වැඩේ ගැන හිතන එක නෙමෙයි.දැන් කරන වැඩේ ගැන අවධානයෙන් ඒ වැඩේ ඉවරයක් කරන්න ඕනි.ඔයා ගෙවන busy life එකත් එක්ක multi tasking නොකර බැරි වෙන්න පුළුවන්.හැබැයි ඔයා අවධානයෙන් වැඩ කරනවා නම් ඒ විදිහට අමතක වෙන්නේ නැහැ.ඒ වගේම ඔයාට පුළුවන් චිත්තරූප මවාගෙන මතක් කර ගන්න,

03) Type කරලා තියා ගත්තොත් හොඳයි

Digital technology එක දැන් ගොඩක් දියුණු නිසා හැමෝම කරන්නේ phone එකේ හරි laptop එකේ හරි type කරන එක.ඔව් ඇත්තටම එක හරිම ලේසි.super market යන්න ඉස්සර නම් කලේ කොලයක් පෑනක් අරගෙන ලියන එක.ඒත් දැන් phone එකේ තියෙන notepad එකේ සේරම ටික type කරලා ඒක බලාගෙන අවශ්‍ය දේවල් ගන්නවා.හැබැයි ඒක නම් හොඳ වැඩක් නෙමෙයි.මොකද දන්නවද එකෙන් වෙන්නේ අමතක වෙන එක.අතින් ලියන තරමට මතකයේ රැඳෙනවා වැඩියි.ඒ නිසා නිතරම මතකයේ රැදෙන්න නම් ලියා ගන්න එක තමයි හොඳම වැඩේ වෙන්නේ.

04) Password ගොඩක් නිසා අමතකද?

password කියන්නේ තමන්ගේ දෙයක රහස්‍ය භාවය ආරක්ෂා කර ගණන් තියෙන දෙයක්.ඒ නිසා හැමෝම දැන ගන්න විදිහට ලේසි ඒවා දාලා හරියන්නෙත් නැහැ.එහෙමත් නැත්නම් එකම password එක දාලා හරියන්නෙත් නැහැ.හැබැයි ගොඩක් password තියෙනකොට මතකේ තියෙන්නෙත් නැහැ.මොකද කරන්නේ.සමහර අය කරන්නේ එකින් එක පෝලිමට කොහේ හරි ලියා ගන්නවා.ඊට පස්සේ ඉතින් password ටික කාට හරි අහු වුනොත් ඔයා password දාලා තියෙන social media වගේම folder වලට log වෙනවා.එතකොට ඉතින් රහස්‍යභාවය නැති වෙලා ඉවරයි .ඒ නිසා ඒ වගේ වැඩ නම් කරන්න එපා,ඔයා ඒ වෙනුවට ඔයාට පහසු විදිහට password දා ගන්න.ඔයාට password දාන්න ඕනී දේ සම්බන්ධ කරලා password දාගන්න පුළුවන් නම් ඔයාට ගොඩක් පහසු වෙයි.

05) නින්ද සහ ව්‍යායාම ඇඟට විතරක් නෙමෙයි මොලෙටත්

නින්ද කියන්නේ හැමෝටම වැදගත් දෙයක්.මොකද නින්ද නැති වෙන තරමටම ලෙඩ වැඩි වෙනවා.ඒ විතරක් නෙමෙයි නින්ද අඩු වෙන තරමටම මතකයත් අඩු වෙනවා.ඒ නිසා අනිවාර්යයෙන් දවසට උපරිම පැය 08ක්වත් නිදා ගන්න try කරනවා නම් තමයි හොඳ.මොකද මේ වෙනකොට ගොඩක් අයට තියෙන busy life එකත් එක්ක නිදා ගන්න තියෙන වෙලාව අඩුයි.හැබැයි පුළුවන් තරම් උත්සාහ කරන්න හොඳ නින්දක් ලබා ගන්න.

ඊළඟ කාරණාව තමයි exercise කරන එක.maybe ඔයා daily exercise කරන කෙනෙක් වෙන්න පුළුවන්.ඒ කරන්නේ ඇඟටනේ.හැබැයි brain එකටත් exercise කරන්න ඕනී.ඔයාට පුළුවන් පරණ දෙයක් හොඳට මතක් කරන්නඒ වගේම මොළේ වෙහෙසන ක්‍රීඩාවක් කරන්න.ඒ දේවල් වලින් කරන්නේ මොළේට exercise ලැබෙන එක.

අද ඉදන් මේ විදිහට කරලා බලන්න.ඔයාට අමතක වෙන ප්‍රශ්නෙට උත්තර මෙතන තියෙනවා කියලා මට හොඳටම sure.ඉතින් දැන් ඔයාට බය නැතුව වැඩ 100ක් වුනත් භාර අරගෙන කරන්න පුළුවන් ,මොකද ඉතින් අමතක නොවෙන්න වැඩ සේරම කරන්නේ කොහොමද කියලා මම ඔයාට කියලා දුන්නනේ.අද ඉදන් බය නැතුව ඉස්සරහට යන්න අමතක කරන්න එපා.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here