Like
Like Love Haha Wow Sad Angry

ඔයා Bride කෙනෙක් වෙන්න නම් ඉන්නේ ඔයා වැඩියෙන්ම අවධානය දෙන්නේ ඔයාගේ skin එකට.මොකද ඔයාගේ ජීවිතේ ලස්සනම දවසට ඔයා අනිත් හැමෝටම වඩා කැපිලා පේන්න ඕනෙනේ . Wedding එකට එන හැමෝම මුලින්ම දකින්නේ ඔයාගේ මුණ. Makeup දැම්මට ඔයාගේ මුනේ කුරුලෑ ලප කැළැල් තිබුනොත් makeup එකට යටින් ඒවා පේන්න ගන්නවා. ඉතින් ඒ නිසා පැහැදිලි skin එකක් තියෙන එක ඔයාට ගොඩක් වටිනවා. ඒ නිසා සාමාන්‍යයෙන් අවුරුද්දකටන් කලින්වත් ඔයා ඔයාගේ SKIN එක ගැන හිතන්න පටන් ගන්න ඕනේ.අද අපි කියන්න යන්නේ ලස්සන පැහැපත් සමක් ගන්න ඔයා පුරුද්දක් විදියට කරන්න ඕනි දේවල් ටිකක් ගැන කියන්නයි යන්නේ.

මේක ඔයාට දවසේ කොටස් දෙකකට බෙදාගෙන කරන්න පුළුවන්

උදෑසන සත්කාරය

Step 01- Cleanse

Face එකේ තියන මැරුණ සම අයින් කර ගන්න,කුණු දුවිලි අයින් කරගන්න තමයි cleanse කරන්නේ. මේක දිනපතාම කරන්න ඕනේ දෙයක්. එකෙන් ඔයාට හැමදාම අලුත් සමක් ලැබෙනවා. Purl powder සහ කෝමාරිකා තියෙන cleanse cream එකක් නම් වඩාත් හොදයි. මොකද ඔයාගේ skin එකට හොද Fresh ගතියක් ලැබෙනවා. එක පාරක් නෙවෙයි, දෙපාරක්ම cleanse කරන්න අමතක කරන්න එපා.

Step 02- Toner

Toner වලට තියෙන්නේ fresh ගතියක්. ඉතින් Toner එක තෝරා ගන්න කොට green tea සහ දෙහි අඩංගු toner එකක් භාවිතා කරන්න.Toner කරන එකෙන් ඔයාගේ skin එක fresh වෙනවා.

Step 03 – Moisturize

කලින් step දෙක කලාට පස්සේ ඔයාගේ skin එක සම්පුර්ණයෙන්ම open වෙලා තියෙන්නේ. එහෙම වුණාම ඉක්මනටම මුණේ කුණු දුවිලි බැදෙන්න පුළුවන්. ඒ නිසා moisturize කරන එක හරිම වැදගත්. ඔයා Moisturizer තෝරා ගන්නකොට කෝමාරිකා, ආමන්ඩ් oil තියෙනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඒකෙන් තෙතමනය රැකෙනවා වගේම පැහැපත් බවකුත් ලබා දෙනවා.

Step 04 – Primer

සාමාන්‍යයෙන් ගෙදර ඉන්නවා නම් primer එකක් භාවිතා කරන්න ඕනේ නෑ. ඒ වුණත් job එකට යනකොට එළියට යනකොට අපි makeup කලත් නැතත් primer එකක් use කරන එක ගොඩක් වැදගත්. ඒකෙන් Skin එක cover කරනවා.

රාත්‍රී සත්කාරය

Step 01- Cleanse

උදේ කළා වගේම ඔයාගේ වැඩ ඔක්කොම ඉවර වුණාට පස්සේ නිදා ගන්න යනකොට cleanse කරන්න අමතක කරන්න එපා. දෙපාරක් cleanse කර ගත්තම දවල් කාලය පුරාවට ඔයාගේ මුහුණේ රැදුන අපද්‍රව්‍ය සියල්ලම ඉවත් කරනවා.එතකොට මේ cleanse එකේ Purl powder සහ කෝමාරිකා තියනවද කියන එක බලන්න අමතක කරන්න නම් එපා.

Step 02 – Toner

මුණ පිරිසිදු කලාට පස්සේ green tea සහ දෙහි තියන toner එකකින් toner කරන්න අමතක කරන්න එපා. ඒ මොකද කියනවනම් ඔයාගේ මුණේ සෛල ප්‍රබෝධමත් වෙන්නේ toner වලින්.

Step 03 – Facial gel

මේක Magic එකක් වගේ. කෝමාරිකා අඩංගු facial gel ඕනෑම type එකක මුණකට ගැලපෙනවා. පොඩි මසාජ් එකක් එක්ක gel එක මුණට apply කලාම මුළු රාත්රිය පුරාම මුණ මත ක්රියා කරන නිසා ඊලග දවසේ උදේට හොද fresh ගතියක් තියෙනවා.

ඉතින් මෙන්න මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් විතරයි ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ skin එක ලස්සන කර ගන්න. හැම වෙලාවේම natural ingredients තියන නිෂ්පාදන විතරක්ම භාවිතා කරන්න. එතකොට Wedding එක දවසට ඔයාගේ beautician ට heavy makeup එකකින් ඔයාගේ මුණට බරක් දෙන්න ඕනේ වෙන්නේ නෑ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here