Like
Like Love Haha Wow Sad Angry
241

Oligomenorrhea යනුවෙන් හදුන්වන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම ලෝකයේ ඉන්න වැඩිවිය පැමිණුන ගොඩක් කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්නයක්. ඔයත් ඉන්නේ ඒ අය අතර නම් මේ උපදෙස් ඔයාට ගොඩක් වැදගත් වෙයි. සාමාන්‍යයෙන් periods හැදෙන්නෙ දවස 28- 35 අතර දින ගානකට පස්සේ. ඒත් එහෙම නොවෙන අයත් ඉන්නවා. දින ගාන අඩු වෙන හෝ හෝමෝන අසමතුලිත වෙන නිසා තමයි ගොඩක් වෙලාවට මේ දේවල් වලට මුහුණ දෙන්න වෙන්නෙ. මානසික ගැටලුත් මේකට බලපානවා. ඉතින් ඒ ගැටලුවට ගෙදර ඉදන්ම කරන්න පුලුවන් දේවල් ගැන තමයි ඔයාට මේ කියන්න යන්නෙ.

ඔසප් කාලය අක්‍රමවත් වෙන්නේ ඇයි?

PCOS(Polycystic Ovary Syndrome) හෙවත් පොලිකාස්ටික් ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය
මේ තත්වය නිසා ඩිම්බ කෝෂ වල බිත්තර දිනපතා මුදා හැරෙන්නේ නැහැ.

Thyroid-තයිරොයිඩ්
තයිරොයිඩ් හෝමෝනය අඩුවෙන් හෝ ප්‍රමාණයට වඩා වැඩියෙන් ස්‍රාවය වීම නිසාත් මේ තත්වය ඇති වෙන්න පුලුවන්.

Stress – ආතතිය
මොළයේ තිබෙන glands මඟින් ඔසප් චක්‍රය පාලනය කරනවා. ඉතින් ඔයා ඉන්නේ ආතතියකින් හෝ පීඩනයකින් නම් මේක වෙනස් වෙන්න පුලුවන්

Breastfeeding – මව්කිරිදීම
ඔයා මව් කිරි දෙන අම්මා කෙනෙක් නම් ඒ කාලයේදී ඔයාගෙ ගර්භාශයේ හෝර්මෝන නිපදවීම සීමා සහිතයි.ඉතින් කිරි දෙන අම්මලා මේ තත්වයට වැඩියෙන් මුහුන දෙනවා.

Endometriosis – එන්ඩ්‍රොමෙට්‍රියෝසිස්
මෙහිදී වෙන්නේ ගර්භාශයෙන් පිට පටක වර්ධනය වීම. ඒ නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා.

ඔසප් චක්‍රය අක්‍රමවත් කියල ඔයා දැන ගන්නේ කොහොමද?

  • ගොඩක් ලේ පිටවෙන්න පුළුවන් මේ කාලයේදී
  • නැත්නම් ලේ පිටවීම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුයි
  • සමහර මාසවල period හැදෙන්නේ නැහැ
  • සාමාන්‍ය දින ගණන 28ක් වුණත් දින 20න් වගේ ආයෙමත් ඔයාට period හැදෙන්න පුලුවන්

ඔසප් චක්‍රය ක්‍රමවත් කරගන්නේ කොහොමද?

  • උසට හරියන බරක් ඔයාට තියෙන්න ඕනේ.නැත්නම් ඔයාගෙ ශරීරය සමබර නැති වෙනවා.
  • සමබර ආහාර වේලක් ගන්න.නැවුම් එළවළු , පළතුරු ආහාර වේලට එකතු කර ගන්න.
  • දිනපතා ව්‍යායාම වල යෙදෙන්න. එමගින් ශරීරය නිසිපරිදි හසුරවා ගන්න පුළුවන්.
  • මානසික ආතතිය අවම කර ගන්න.පොත් කියවීම සංගීතයකට සවන් දීම වගේ දෙයක් කරන්න. ඔයාට සහනයක් දැනේවි.

ඔසප් චක්‍රය ක්‍රමවත් කරගන්න ගෙදරදීම කරන්න පුලුවන් මොනවද?

  • කෝමාරිකා යුෂ සමග මී පැනි හැන්දක් මිශ්‍ර කරන සෑම දිනකම උදෑසන ආහාරයට පෙර ගන්න. හැබැයි period කාලෙදි භාවිතා කරන්න එපා.
  • රතු අල අමුවෙන් ආහාරයට ගන්න.එහි යකඩ සහ ෆෝලික් අම්ලය අඩංගු නිසා ඇඟේ තියන ලේ ප්‍රමාණය වැඩි කර ගන්න හේතුවක් වෙනවා.
  • අන්නාසි ආහාරයට ගැනීමත් මේකට ගෙදරදී කරන්න පුලුවන් ලේසි වැඩක්.බ්‍රොමේලයින් කියන එන්සයිමය නිසා රුධිර සෛල වර්ධනය කරන්න අන්නාසි වලට පුලුවන්.හැබැයි ඕනවට වඩා වැඩියෙන් අන්නාසි කන්න නම් එපා. එහෙම වුණොත් රුධිරය වැඩියෙන් පිටවේවි.
  • ඕනම දේකට හොද කොත්තමල්ලිත් ඔසප් චක්‍රය ක්‍රමවත් කරන්න උදව් වෙනවා.කොත්තමල්ලි තම්බපු වතුර දවසට තුන් වතාවක් පානය කරන්න පුලුවනම් ඔයාට හොද ප්‍රතිඵලයක් ගන්න පුලුවන්.
  • ඔයාට සතියට දින පහක්වත් යෝගා ව්‍යායාම වල නිරත වෙන්න පුලුවන්නම් ඔයාට හොද ඔසප් චක්‍රයක් ලබා ගන්න පුලුවන්. ගෙදරදීම කරන්න පුලුවන් ලේසි වැඩක් මේක
  • ඉදුන ගස්ලබු වලිනුත් ඔයාට පුලුවන් හොද ප්‍රතිඵල ලබා ගන්න.
  • කෑම රස කරන්න දාන මහදුරුත් මේකට හොද පිළීයමක්. රෑට වතුර වීදුරුවකට මහදුරු ඇට ටිකක් පෙගෙන්න දාල පහුවදා උදේට බොන්න.
  • පළතුරු යුෂ පානය කිරීමත් ඔසප් චක්‍රය ක්‍රමවත් කර ගන්න උදව් වෙනවා
  • කැරට් අපි ව්‍යාංජනයක් විදියට කෑවට පානය කරලා නෑනේ. කැරට් අලයක් අරගෙන වතුර ටිකක් එක්ක Blender කරලා බොන්න.
  • උණුසුම් කිරි එකකට කෑම රස කරන්න ගන්න කහ හැන්දක් දාල උදේම බොන්නත් ඔයාට පුලුවන්.

ඉතින් මේ වගේ ගෙදරදීම කරන්න පුලුවන් ලේසි දේවල් එක්ක ඔයාගෙ periods ප්‍රශ්න විසද ගන්න පුලුවන්. හැබැයි ඔයාගෙ periods හැදෙන කාලය අක්‍රමවත්නම් බලාගෙන ඉන්න එපා. ඒකෙන් ඇති වෙන අතුරු ප්‍රතිපල භයානක වෙන්න පුලුවන්.

Like
Like Love Haha Wow Sad Angry
241

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here