Like
Like Love Haha Wow Sad Angry

දෙන්නෙක් අතරේ Relationship එකක් ඇති වුණාට පස්සේ කාලයක් යනකොට එකිනෙකා ගැන හොද වැටහීමක් ඇති වෙනවා. හැබැයි පටන් ගන්නකොට තිබුන සමහර පුරුදු කාලයක් යනකොට අමතක වෙනවා.ඒ නිසා තමයි ආදරේ වෙනුවට ලොකු stress එකක් දැනෙන්නේ. ඉතින් අන්න ඒ අමතක වුන පුරුදු මොනවද කියලා බලන්න තමයි මේ යන්නේ

කතා කරන්න

මුල් කාලේ ගොඩක් දේවල් කතා කලාට කාලයත් එක්ක ටික ටික කතා කරන එක අඩු වෙනවා. සමහර දේවල් නොකියා ඉදීම නිසා ප්‍රශ්න පවා ඇති වෙනවා. ඉතින් දෙදෙනා අතරේ හොද communication එකක් තියෙන එක ගොඩක් වැදගත්. සමහරවිට ඔයා කරන විහිළුවක් වුනත් එයා serious ගන්න පුළුවන්. මොකද කාලයත් එක්ක කෙනෙක්ගේ හැසිරීම අවබෝදය වෙනස් වෙන්න් පුළුවන්. ඒ නිසා හැමදේ ගැනම දෙන්නත් එක්ක කතා කරන්න අමතක කරන්න එපා.

අගය කරන්න

ඔයා වෙනුවෙන් පොඩි දෙයක් කලත් එයාව අගය කරන්න අමතක කරන්න එපා.එයා තමයි ඔයාට ඉන්න හොදම සහකාරයා කියන එක එයාට දැනෙන්න දෙන්න.හැමවෙලාවෙම එයා එක්ක ඉන්න.ඒකෙන් ඔයාල දෙන්න අතරේ තියන ආදරේ නොදැනුවත්වම වැඩි වෙයි.

තනි වෙන්න

එකට සිටීම වැදගත් වුනත් තනියම කාලය ගත කරන්නත් පුරුදු වෙන්න. එකට බොහෝ කාලයක සිටීමේදී එකිනෙකා නොරිස්සන ගතිය, කෝපවීම වගේ දේවල් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා එයාට තනියම කාලය ගත කරන්න දෙන්න. ඒ වගේම ඔයත් තනියම කාලය ගත කරන්න. ඒ වගේ වෙලාවට ඔයාටම එයා ගැන ගොඩක් දේවල් අවබෝද වෙයි. නරක වෙනුවට ඔයාට එයා කොයිතරම් හොදයිද කියලා හිතේවි.

ඔයාව වෙනස් කර ගන්න එපා

ආදරේ කරන කාලේදී එයාව හම්බවෙන්න ගියපු විදිය ටිකක් මතක් කර ගන්න. ඔයා අදින ඇදුම කොන්ඩේ perfume එක ගෙන පවා සැලකිලිමත් වුණා නේද? දැනුත් ඔයා එහෙමද? ඉස්සර ඇදුමක් අදින්න කලින් එයාට පෙන්නපු ඔයාම අද එකම ඇදුමෙන් දවස් දෙකක් ඉන්නවා නම්, කොණ්ඩය පීරන්නේ නැතුව දවස් ගානක් ඔහේ ඉන්නවනම්, ඒකෙන් කියවෙන්නේ ඔයා දැන් ඔයා ගැන සැලකිල්ලක් දක්වන්නේ නෑ කියන එක. එතකොට එයා ඔයා ගැනත් කිසිම සැලකිල්ලක් දක්වන එකක් නෑ. ඒ නිසා හැම වෙලාවේම ලස්සනට පිරිසිදුවට හිටපු ඔයාව maintain කරන්න අමතක කරන්න එපා.

විශ්වාස කරන්න

කෙනෙක්ව විශ්වාස කරන එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ වුණත් එයාව විශ්වාස කරන්න පැකිලෙන්න එපා. කිසිම වෙලාවක අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න එපා. ඔයා එයාව විශ්වාස කරන එක එයාට ලොකු ශක්තියක් වෙන්න පුළුවන්.

මේ වගේ පුංචි දේවල් වලින් ඔයාගේ family life එක success කර ගන්න පුළුවන් කියලා ඔයා හිතුවේ නෑ නේද?ඔන්න දැන් ඉතින් දෙන්නා දෙපැත්තට වෙලා දුක් වෙන්න ඕනේ නෑ. ඔයත් මේ විදියට කරලා බලන්නකෝ. සතුටින් ඉන්න පුළුවන් ළගම පාර තියෙන්නේ ඔයා ළඟමයි කියන එක අමතක කරන්න එපා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here