Like
Like Love Haha Wow Sad Angry

කාන්තාවකට හිසකෙස් කියන්නේ හරිම වැදගත් දෙයක්නේ. ඉතින් ඔයාගෙ වෙඩින් එක දවසට ඔයාගෙ hair එක ලස්සනට තියා ගන්න එක හරිම වැදගත්. රස්නේ කාලයක් නම් ඔයාගේ hair එක නිතරම තෙල් ස්වභාවයක් ගන්නවා. වැස්ස තියන කාලෙකදි නම් ඔයාගෙ හිස්කබල ගොඩක් වියළි වෙනවා. ඉතින් හිස්කෙස් ගැන අවදානයෙන් ඉන්න එක විවාහයට වගේම ඔයාගේ පෙනුමට ගොඩක් බලපානවා. ඉතින් අපි බලමු විවාහට කලින් වගේම විවාහයට පස්සෙ ඔයාට hair එක ලස්සනට තියා ගන්න කරන්න පුළුවන් මොනවද කියලා.

Wedding එකට පෙර

01.ඔයා විවාහ වෙන්න යන්නේ කියලා දැන ගත්ත වෙලාවෙ ඉදන්ම ඔයා හිස්කෙස් ගැන සැලකිලිමත් වෙන්න.

02.ඔයාව හැඩ කරන රූපලාවන්‍ය ශිල්පියා ඔයාට කරන්න දේවල් ගොඩක් කියාවි. ඔයාට Conditioner treatment කිහිපයක් කරන එක ගොඩක් හොද වේවි. ඒ වගේම ඔයා ගොඩක් වතුර බොන්නත් අමතක කරන්න එපා.

03.විවාහයත් එක්ක ඔයා යන ගමන් බිමන් වැඩි වේවි. ඒ නිසා hair එක නිතරම අව්වට නිරාවරණය වෙන එක වලක්වා ගන්න Scarf එකකින් ඔයාගේ හිස කෙස් ආවරණය කර ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

04.ඒ වගේම ඔයා එදිනෙදා ස්නානය කරන වෙලාවට ඔයා භාවිතා කරන Shampoo සහ Conditioner ගැන වැඩි අවධානයක් යොමු කරන්නත් අමතක කරන්න එපා.

Wedding එකට පසු

01.විවාහය දවසට ඔයා hair spray, hair pin, මල් වගේ ගොඩක් දේවල් හිසේ රදවනවා. ඒ නිසා Conditioner එකකින් මුලින්ම කොණ්ඩය හොදින් සෝද ගන්න එක වැදගත්.

02.ගොඩක් girlsලා කරන වරදක් තමයි විවාහයෙන් පස්සෙ තමන්ගෙ hair එක අමතක කරලා දාන එක. ඒ නිසා කළින් කළා වගේ Shampoo සහ Conditioner භාවිතා කරන එක දිගටම කරන්න.

03.ඒ වගේ Oil වර්ගයක් ආලේප කිරීමත් හිස්කෙස් ලස්සනට තියා ගන්න ගොඩක් උපකාරී වෙනවා.

04.මාසයකට දෙපාරක්වත් Conditioner treatment කර ගන්න අමතක කරන්න එපා.

05.හිසකෙස් වර්ධනය වෙන පෝෂ්‍යදායි කෑම ආහාර වේලට එකතු කර ගන්න.

06.ස්නානයෙන් පස්සෙ හිස්කෙස් වලට ස්වභාවික හුළගෙන් වේලෙන්න දෙන්න. Hair dryer එක හදිසිම අවස්ථාවක විතරක් භාවිතා කරන්න.

07.හිසකෙස් හොදින් පීරන්න. ඔයාගෙ පනාව කෙදි ඈත් වී තිබෙන පනාවක් නම් වඩාත් හොදයි. එතකොට ඔයාගෙ හිස්කෙස් කැඩෙන්නේ නෑ.

08.හිස්කෙස්වල දිස්නය වැඩි කරගන්න අනුමත කරපු silicon hair oil එකක් යොදා ගන්නත් පුළුවන්.

එතකොට ඔයාගේ hair එකට වියළීම, අග පැලීම්, ගැලවී යාම වගේ ගොඩක් ගැටලු ඉබේම විසඳගන්න පුළුවන් වේවි. ඒ වගේම wedding එකට කලින් වගේම පස්සෙත් නිරෝගිමත්, සහ සවිමත් hair එකක් ඔයාට ලැබේවි

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here