Like
Like Love Haha Wow Sad Angry

ඔයාගේ ජීවිතයට තවත් බලාපොරොත්තු සිහින එකතු කරන දෙයක් තමයි ආදරය කියන්නේ. හැබැයි ඔයා affair එක පටන් ගන්න කලින් ආදරණිය වගේම ටිකක් උපක්‍රමශීලි වෙන්නත් ඕනේ. ඔහු හැමවෙලේම ඔයා ගැන සිතනවා නම් ඒ affair තව තවත් සුන්දර වේවි. කෙනෙක් ආදරය කරනවා නම් ඒ කෙනා ගැන විශේෂ හැඟීමක් දැනෙන්න ඕනේ. සමහර වෙලාවට සැක මතු වෙන්න පුළුවන් ඔයා නිවැරදි තීරණයද අරන් ඉන්නේ කියලා. ඔයා තුළ ආදරයක් ඇති වුණත් ඕනෙම දෙයක් සීමාවක් ඇතුළේ තියා ගන්න පුරුදු වෙන්න. ඒ නිසා ආදරය කරද්දී මේ දේවල් ගැනත් ටිකක් සලකා බලන්න.

ඔහු සමඟ සම්බන්ධ වන්න

ඔයා ඔහු සමඟ ආදරයෙන් බැඳෙන්න කලින් මුලින්ම ඔහු මොන වගේ පුද්ගලයෙක්ද කියලා සොයා බලන්න. ඔහුව තේරුම් ගැනීමට සහ විශ්වාසය ගොඩ නගා ගන්න උත්සහා කරන්න. විශ්වාසය හා ගෞරවය මත පදනම් වූ සම්බන්ධතාවයක් වඩා හොඳ සහ දිගු කල් පවතිනවා.

සාමාන්‍ය ජීවන රටාවෙන් ටිකක් ඈත් වෙන්න

හැමදාම එකම දින චර්යාව තියාගන්න එපා. Plan පොඩ්ඩක් වෙනස් කරන්න. වෙනස් දෙයක් කරන්න හදිසි තීරණ ගන්න. අලුත් දේවල් අත්විඳීමට ඔයාට ඉඩ දෙන්න. ඔයාගේ Affair ඉදිරියට යන බව සහතික කරගන්න ඔහු සමඟ සරල චාරිකාවක් යන්න plan කරන්න. නැත්නම් ටිකක් ඇවිදින්න යන්න එන්න පුළුවන්ද කියලා අහන්න.

සන්නිවේදනය කරන්න

ඔහු සමඟ කතා කරන්න. ඔයාට ඔහුව හැඟෙන ආකාරය ඔහුට කියන්න. ඔයා අදහස් කරන දේවල්, දැනෙන දේවල් ගැන ඔහුට හරියටම, පැහැදිලිව කියන්න. සන්නිවේදනය කියන්නේ ඕනෑම affair එකක පදනමයි.ඵලදායී සන්නිවේදනයකින් ඔයාගේ සම්බන්ධතාවය ගොඩනඟා ගන්න පුළුවන් නම් අනාගතය ගැන බිය වෙන්න ඕන නැහැ.

ධනාත්මක වන්න

ධනාත්මක වෙන්න හිතන්න. ඔයා ඔහු ගැන නිතරම සැක කරනවා නම් හෝ ඔහුගේ තීරණය වලට නිතරම බාධා කරනවා නම් දැන්ම ඒ දේවල් නවත්වන්න. ඔයා සහකරු විශ්වාස කරන්න පටන් ගන්න ඕනේ. ඔයාගේ ඍණාතමක සිතුවිලි නිසා ඔහුව පහත් කර දමනවා වෙන්න පුළුවන්. ඔයා තුළ ඔහු ගැන ආත්ම ගරුත්වය සහ විශ්වාසය ඉහළ නංවා ගැනීමට පුළුවන්තරම් උත්සහ කරන්න.

ඔයා වෙනත් අය වගේ ක්‍රියා කරන්න එපා. ඔයා එයාට ඕන විදහට නෙවෙයි ඔයා ඔයාට ඕන විදිහට ඉන්න. බොරු මවාපෑම් නැතිව ඔයාගේ ඇත්ත ස්වරූපය ඔහුට පෙන්වන්න. ඔයා විනෝදකාමී, නිදහස් ආත්මයක් ඇති පෙම්වතියක් නම් ඔයා ඔහුට පෙන්වන්න ඕනේ ‘ඔයාගේම’ ඇත්ත හැසිරීමයි.මොකද ඔයාගේ සහකරු ඔයාට ආදරය කරන්නේ නැත්නම් ඔහු සමඟ විවහා වීමෙන් ඔයාගේ සතුට අහිමි වී යාවි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here