වර්තමානයේ ගොඩක් අය Wedding එකට උඩරට විදිහට අඳින්න කැමති.ඔයාගේ Idea එකත් එහෙම වෙන්න පුළුවන්.ඒකට හේතුව තමයි උඩරට ඔසරිය මඟින් ශ්‍රී ලංකික සංස්කෘතිය හොඳින් ඔප් නංවා පෙන්නනවා.ඒ වගේම ගොඩක් ලස්සනට පේනවා.හරි උඩරට විදිහට ඇන්දා කියමුකෝ.මොනවද දාන Jewellary.ඉතින් අපි බලමු උඩරට ඔසරියට පළඳින Jewellary මොනවද කියලා
01) නළල් පටිය
නළල් පටිය මනාලියගේ මව විසින් මනාලියට පැළඳවීම සිරිත.මෙම අවස්ථාවේදී පිරිත් කීම සිදු කරනු ලබනවා. නළල් පටියේ දකුණු පැත්තෙන් මනාලයවත්, වම් පැත්තෙන් මනාලියවත් සංකේතවත් කරනවා.
02) ඉර හඳ ආභරණය
මනාලියගේ හිසේ දකුණු පැත්තේ හිරු සහ වම් පැත්තේ සඳු පළඳවනවා.හිරුගේ ගති ගුණ මනාලයාගේ ගති ගුණ වලටත්, සඳුගේ ගති ගුණ මනාලියගේ ගති ගුණ වලටත් සමාන කරනවා. ඒ වගේම ඉර හඳ පවතින තුරු මංගල යුවලගේ බැඳීම පවතිනවා කියලා සංකේතවත් කරනවා. මීට අමතරව මේ ආභරණය පැළඳීම නිසා, මනාලියට තමාගේ පතිවෘතාව ආරක්ෂා කර ගැනීමට ශක්තිය ලැබෙන කියලත් කියනවා .
03) කොණ්ඩා කූරු
කොණ්ඩා කූරු පළඳවන්නේ හිසේ පිටුපසටයි. මේවා පැළඳිමෙන් මනාලියට සෞභාග්‍යයේ ලැබෙන බව සංකේතවත් කරනවා.
04) කරාබු
උඩරට මනාලිය පළඳින කරාබු වර්ගය හඳුන්වන්නේ “කඩුක්කන්” කියලා.විශේෂම කාරණාව තමයි මේවා පැළඳිමෙනුත් මනාලියට සෞභාග්‍ය ලැබෙන බව සංකේතවත් කරනවා.
05) වළලු
උඩරට මනාලියගේ වළලු හඳුන්වන්නේ අගස්ති වළලු සහ බංගලි වළලු කියලා.
06) මුදු
උඩරට මනාලිය ඇඟිලි පහටම මුදු පළඳිනවා.මේ මුදු වලින් කියන්නේ මනාලියට නිරෝගී සම්පත්තිය හිමි වන බව සංකේතවත් කරනවා.
07) හවඩිය
හවඩිය පළඳින්නේ මනාලියගේ ඉනේ හැඩය ටිකක් වැඩියෙන් ලස්සනට පෙන්වන්න
08) මංගල මාල කට්ටලය
උඩරට මනාලිය සම්ප්‍රදායික ඔසරිය සමඟ පළඳිනු ලබන මේ සුවිශේෂී මාල කට්ටලය පත්තිනි දේවියගේ ආභරණ කට්ටලය කියලා තමයි විශ්වාස කරන්නේ.එයින් සංකේතවත් කෙරෙන්නේ මනාලිය පතිවත රකින, එයට ගරු කරන යුවතියක් බවයි.මේ මාල ගොඩක් දිඟයි.එකේ තේරුම තමයි මනාලියට මුහුණ පෑමට සිදු වන විවිධ සෞඛ්‍ය ගැටළු මාලය දිගේ පොලව වෙත ඇදී යනවා කියන එක.එමඟින් මනාලියට නීරෝගී සම්පත්තිය හිමි වන බව විශ්වාස කරනවා.ඒ විතරක් නෙමෙයි මනාලිය පළඳින මාල හත මඟින් ඉදිරි පරම්පරා හතක් නියෝජනය කරනවා කියලත් මතයක් තියෙනවා.
01) හංස පූට්ටු මාලය
හංස පූට්ටු මාලයේ හංසයන් නිර්මාණය කර ඇත්තේ එකට පූට්ටු වී සිටින ලෙසයි. මෙයින් සංකේතවත් කරන්නේ විවාහක යුවල වෙන් නොවී, සදාකාලයටම බැඳී සිටින බවයි.
හංස පූට්ටු තැල්ල රඳවන්නේ මනාලියගේ පපුව මතයි.මෙයින් සංකේතවත් කරන්නේ මනාලිය තම කිරෙන් දරුවන් පෝෂණය කරන බවයි.
02) පදක්කම් මාලය
මනාලියගේ පියා විසින් පදක්කම් මාලය මනාලියට පළඳවනු ලැබීම සිරිතයි. එමඟින් සංකේතවත් කරන්නේ මනාලිය මෙතෙක් කල් පියාගේ ගෞරවය ආරක්ෂා කළ බවත්, අනාගතයේදී සැමියාගේ ගෞරවය ආරක්ෂා කරන බවත්ය.
03) මකර මාලය
මකර මාලය පැළඳීම නිසා මනාලියගේ නවග්‍රහ අපල, වස් දොස් දුරු වන බව සංකේතවත් කරනවා.
04) කිරි මාලය
කිරි මාලය රඳවන්නේ මනාලියගේ පපුවට පහලිනුයි. එයින් සංකේතවත් කරන්නේ මනාලියව අනාගතයේදී ඇගේ දරුවන් විසින් වැළඳගෙන සිටින බවයි.
05) අගස්ති මාලය
අගස්ති මනාලියකගේ සිරුරේ ගැටීමෙන් ඇයගේ සියලු අපල දුරු වන බව විශ්වාස කරනවා.මනාලියගේ ජිවිතයේ ඇති අවාසනාව දුරු කර සෞභාග්‍ය උදා කරන්නට මේ අගස්ති මාලය සමත් වන බව විශ්වාස කරනවා.
06) ධාන්‍ය මාලය
ධාන්‍ය මාලයෙන් මනාලියගේ යහපත් සෞඛ්‍ය සංකේතවත් කරනු ලබනවා.
07) පෙති මාලය
මේ පෙති මාලයෙන් මනාලියගේ පවිත්‍රතාවය සංකේතවත් කරනවා
08) කර මාලය
විශේෂ මාල 07න පසුව groom විසින් brideට මාලයක් පළඳවනවා.ඒක සංස්කෘතික සිරිතක්
ඉතින් මෙන්න මේ දේවල් තමයි උඩරට මනාලියගේ අභරණ වෙන්නේ.ගොඩක් වෙලාවට modern kandyan අදින කෙනෙක් නම් මේ සියලු ආභරණ පළඳින්නේ නැහැ.හරියටම සංස්කෘතියට අනුව උඩරට ඔසරිය අඳිනවා නම් මේ ආභරණ අනිවාර්යෙන්. එතකොට තමයි ඇඳුම සම්පුර්ණ වෙන්නේ.ඉතින් ඔයත් kandyan අඳින්න නම් දේවල් අමතක කරන්න එපා



