Like
Like Love Haha Wow Sad Angry

ඉඳලා හිටලා දකින්න ලැබෙන රෝගයක් තමයි ආමාශ ආන්ත්‍රික උණ, එහෙමත් නැත්නම් Stomach Flue කියන්නේ. මෙය වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයක් නිසා ඇති වන තත්වයක්. මෙහිදී පාචනය සහ වමනය වගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ වගේම ආමාශය ආශ්‍රිතව හා බඩවැල්වල දැවිල්ල ඇති කරනවා. මෙම තත්වය ආමාශගත උණ ලෙසත් හඳුන්වනවා.

ආසාදිත පුද්ගලයෙකු සමඟ ඍජුවම සම්බන්ධ වීමෙන් හරි අපවිත්‍ර ආහාර, ජලය පරිභෝජනය කිරීම මඟින් මෙම Stomach Flue රෝගී තත්වය වැළඳෙනවා. නිරෝගී අය බොහෝ විට කිසිදු සංකූලතාවයකින් තොරව මෙම රෝගී තත්වයෙන් සුවය ලබනවා. හැබැයි දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට ආමාශය ආශ්‍රිත රෝග නිසා ජීවිතය වුණත් නැති පුළුවන්.

ආමාශය ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන සාධක

  • ළදරුවන්ට සහ වැඩිහිටියන්ට ද ආමාශ ආශ්‍රිත රෝග වැළඳීමේ වැඩි අවදානමක් පවතිනවා.
  • ප්‍රතිශක්තිය දුර්වල වීම.
  • ආසනික්, ඊයම් හෝ රසදිය වැනි බැර ලෝහ වලින් දූෂිත වුණු ජලය පානය කිරීම.
  • ආම්ලික ආහාර වැඩිපුර පරිභෝජනය කිරීම.
  • විෂ සහිත, දූෂිත මුහුදු ආහාරයට ගැනීම.
  • ප්‍රතිජීවක ඖෂධ, ඇන්ටාසිඩ් සහ විරේචක වැනි ඇතැම් ඖෂධ භාවිතය.

Stomach Flue රෝග ලක්ෂණ

  • දින කිහිපයක් පුරා පවතින පාචනය, වමනය
  • මලපහ සමඟ ලේ යාම
  • උණ
  • ඇඟ සීතල කිරීම
  • අලස බව, ව්‍යාකුල බව
  • ක්ලාන්ත ගතිය
  • ඔක්කාරය
  • කට වියලීම
  • කඳුළු නො ඒම
  • පැය 8කට වැඩි කාලයකින් මුත්රා නොයෑම හෝ තද පැහැ වීම
  • ඇස් ගිලීම
  • ළදරුවන්ගේ නම්, හිසෙහි තෙල් වල ගිලී තිබීම

ළදරුවන්ට Stomach Flue හැදුනාම ඔවුන්ගේ මළපහ ගැන පමණක් සැලකිළිමත් නොවී, ඔවුන්ට නිතර තිබහ ඇතිවීම, තොල් වියලීම, සම වියලීම වගේ ලක්ෂණ ගැනද සැලකිල්ලෙන් ඉන්න.

Stomach Flue නිසා ඇති වන විජලනය හේතුවෙන් මෙවැනි සංකූලතා ද ඇති වෙන්න පුළුවන්.

  • මොළය ඉදිමීම
  • කෝමා තත්වය
  • හයිපොවොලමයික් ශොක් (hypovolemic shock) ඇතිවීම
  • වකුගඩු ක්‍රියා විරහිත වීම

ඔයාට කලින් කිව්වා වගේ රෝග ලක්ෂණ, අපහසුතා තියෙනවා නම්, එම රෝග ලක්ෂණ උත්සන්න වෙන්න කලින්, ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here