Like
Like Love Haha Wow Sad Angry

ඇස් කියන්නේ ඔයාගේ සිරුරේ තියෙන වැදගත්ම ඉන්ද්‍රිය.ඇස් නැත්නම් මේ ලෝකේ ලස්සන බලන්නත් බැහැනේ.ඒ වගේම කෙනෙක්ගේ ලස්සන ඉස්මතු කරලා පෙන්නනත් ඇස් වලට පුළුවන්.අනිත් එක ඇස් කියන්නේ හොඳ සන්නිවේදන උපකරණයක් කිව්වොත් හරියටම හරි.අපි හැමෝම දන්නවනේ Direct eye connection එකක් තියාගෙන කතා කරනකොට හොඳ trust එකක් ඇති වෙනවා කියලා.හැබැයි මම අද කතා කරන්නේ communication එක ගැනවත් trust එක ගැනවත් නෙමෙයි.මම අද ඔයාට කියන්න යන්නේ spex දාන කෙනෙකෙගේ make up එක ගැන.fashion කරන ඔයාට make up කියන්නේ අමුතු දෙයක් නෙමෙයි.හැබැයි ඔයා spex දාන අවස්ථා වලදී make up දානවා අඩුයිනේ.මොකද spex නිසා make up පෙන්නේ නැහැ.ඉතින් ඒ නිසා මම අද ඔයාට කියලා දෙන්නම් spex දැම්මත් ලස්සනට make up එක දාගන්නේ කියලා

01) මුලින්ම වෛද්‍ය උපදෙස්

අපි ගොඩක් වෙලාවට fashion එකට spex use කලත් ගොඩක් වෙලාවට පෙනීමේ අඩුවක් වගේ දෙයක් තියෙනවා නම්නේ spex use කරන්නේ.ඒ නිසා eye make up දාන්න කලින් හොඳට හිතලා බලන්න වෙනවා.ඒ නිසා eye සම්බන්ද make up කරන්න කලින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.ඒ ඇයි දන්නවාද ඔයාගේ ඇස් වලට වෙලා තියෙන්නේ මොකක්ද.මොන වගේ තත්ත්වයකද තියෙන්නේ.make up නිසා ඇස් වලට හානියක් වෙයිද කියන හැම දෙයක් ගැනම දැනගන්න නම් වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ.

මීට අමතරව ඇසේ ඉහළ සහ පහළ eye line ඇඳීම සහ මස්කාරා ගැල්වීමෙන් ඇස වඩාත් ආකර්ශනීය කරගන්න පුළුවන්.

02) Black around eyes

සාමාන්‍යයෙන් Spex දාන අයගේ ඇස් යට කළු වෙනවා.ඒ වගේම spex අතරින් කළු වී ඇති ඇස් වඩාත් හොඳින් ඉස්මතු වෙලා පෙනෙනවා.ඒ නිසා make up දැමීමට පෙර අවපැහැය අඩු කර ගැනීමට උත්සාහ කරන්න ඕනේ.ඇස් වටේ කලු වීමට බලපාන හේතු අවබෝධ කරගෙන ඒ සඳහා නිසි ප්‍රතිකාර කල යුතුයි.ඒ වගේම ඇස් යට කළු වීම නැති කර ගන්න under eye cream එකක් use කරන්නත් පුළුවන්.මේ කොහොම වුනත් ඇස් යට කළු වෙලා තියෙනවා නම් Eye makeup කිරීමෙන් හොඳින් ඇසේ දීප්තිය මතුකරගන්න පුළුවන්.

03) Make up වලින් ලස්සන වෙන්නේ නැහැ

Spex දාන කෙනෙක් හිතන්නම ඕනේ දෙයක් තමයි ඔයාගේ ඇස් තව කෙනෙක් දකින්නේ spex අතරින් කියලා.ඒ නිසා ඇසට ආලේපන වර්ග ගල්වන්න කලින් හොඳට හිතලා බලන්න ඕනේ.ගොඩක් eye make up වර්ග ආලේප කළොත් ඔයාගේ ඇස් අපිරිසිඳු විදිහට අනිත් අයට පේනවා.ඒ නිසා dark colour වලින් තියෙන ආලේපන ගැලවීම නම් කරන්න යන්න එපා.eye shadow වර්ග use කරනවා නම් Light Colour වර්ගයක් use කරන්න.

Eye lashes වගේම Mascara use කරනකොට වතුර වලින් හානි නොවන ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදනයක් තෝරාගන්න. නැත්නම් Spex අපිරිිසිදු වීමටත්, ඉක්මනින් ඇසේ ආලේපන ඉවත් වී අවලස්සන වෙන්න පුළුවන්.හැබැයි මේ විදිහට eye make up කඳුළු හෝ දහදියට දිය වෙලා තියෙනවා නම් ඉක්මනින් eye wash කරගන්න.

04) Eyebrow සැකසීම

Eyebrow වලින් ඇස් වල තියෙන ලස්සන තවත් වැඩිපුර පෙන්වනවා.ඒ නිසා Eyebrow අක්‍රමවත්ව තියෙනවා නම් ඔයාගේ ඇස් වල ලස්සන නැති වෙලා යනවා.ඒ නිසා අනිවාර්යෙන්ම ඇහිබැම ක්‍රමවත්ව සහ neat විදිහට සකස්කර ගන්න.spex Use කරන කෙනෙකුගේ ඇහිබැම පිටතට නිදහසේ නිරාවරණය වෙනවා.මේ නිසා වඩා ක්‍රමවත්ව ඇහිබැම සකසා ගැනීම වැදගත්.
ඇස කියන්නේ සංවේදී වගේම ලස්සන ඉන්ද්‍රියක් .ඔයා හිතාගෙන හිටියේ spex දාන අයට eye make up දාන්න බැහැ, ලස්සන නැහැ කියලනේ.ඔන්න ඉතින් දැන් ඔයාට මම කියලා දුන්නා spex දාන ඔයාට ලස්සන වෙන්න ක්‍රමයක් .eye make up දාන්න බය වුණ දැන් ඉවරයි

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here