පැපොල කියලා කිව්වා ගමන් ඔයා බය වුණා කියලා මම දන්නවා.හැබැයි මේ රෝගය අපිට කොයි වෙලාවේ හරි හැදෙන්න ඉඩ තියෙනවා.ඉස්සර නම් මේ Chicken fox කියන්නේ දෙයියන්ගේ ලෙඩක් කියලා තමයි හැමෝම කිව්වේ.මොකද මේක Virus එකක් නිසා ඉක්මනින් බෝ වෙනවා.ඒ විතරක් නෙමෙයි සමේ බිබිලි ඇති වෙනවා.හැබැයි Chicken Fox වැළඳුන රෝගියෙක් කිසිම Treatment එකක් නැතුව ඉන්නවා නම් සමහරවිට ‘පැපොල ‘ රෝගයේ ඇතිවන බිබිලි ආසාදනයට ලක්වී නොයෙකුත් සංකුලතා ඇති වෙන්න ඉඩ තියෙනවා
01) පැපොල ඇති කරන වෛරසය
Varicella zoster වෛරසය මඟින් පැපොල රෝගය ඇති කරනවා
02) පැපොල රෝගයේ රෝග ලක්ෂණ

- සිරුරේ පුරා දිය බිබිලි හට ගැනීම
- හටගත් බිබිලි දින දෙක තුනකට පසු සිරුර පුරා පැතිරෙනවා
- මුහුණ,පපුව සහ කොන්ද ආශ්‍රිතව බිබිලි ඇති වී පසුව අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වෙනවා
- අධික ලෙස ඇඟපත වේදනාව
- උණ
- අධික හිසරදය
- Joints Pain
- කෑම අරුචිය
පැපොල දෙපාරක් හැදෙනවද
පැපොල කියන්නේ වෛරසයක් නිසා එක වරක් රෝගය ඇති වුණහම ජිවිත කාලය පුරාවටම immunity එක තියෙනවා.ඒ නිසා normally දෙපාරක් රෝගය වැළදෙන්නේ නැහැ.හැබැයි ඔයාට එක පාරක්වත් පැපොල ඇති වෙලා නැත්නම් හරි chicken fox සඳහා vaccine එක අරගෙන නැත්නම් හරි පැපොල ඇති වෙන්න ඉඩ තියෙනවා.
රෝගය බෝවෙන ක්‍රම
- ශ්වසනය මඟින්
- පැපොල රෝගියකු හා සංසර්ගයෙන්
- රෝගය වැලඳී ඇති කෙනෙක් ස්පර්ශයෙන්
- රෝගියාගේ ඇඳුම් ඇඳීම
Chicken Fox වැඩියෙන්ම වැළඳීමේ අවදානම තියෙන්නේ කාටද?

- මහළු අයට
- කුඩා දරුවන්ට
- ගැබිණි මවුවරුන්ට
- ප්‍රතිශක්තිය අයට
- රෝහල් වල සේවය කරන රෝහල් කාර්ය මණ්ඩල වලට
ප්‍රතිකාර මොනවාද ?
- රෝගය වැළඳුන විට ප්‍රති වෛරස ඖෂධයක් ලෙස acyclovir ඖෂධය ලබා දෙනවා
- මුල් දින කීපය තුළ සිරුර ජලයෙන් සිසිල් කිරීම නොකළ යුතුය.එවිට බිබිලි කැඩී යාමට ඇති අවස්ථා වැඩිවන අතර නිව්මෝනියා වැනි රෝග තත්ත්වයට පත්වීමට ඉඩ තියෙනවා
- ශරීරය පිරිසිදුව පවත්වා ගන්න .
- ඇඟ සිසිල් කරගැනීම ගැනීම අවශ්‍ය නිසා අමු කහ කොහොඹ කොළවලින් සිසිලස ලබා ගන්න පුළුවන්.
- ඒ වගේම කොහොඹ කොළ සහ අමු කහ විෂ බීජ නාශකයක් නිසා රෝගියා තුළ තිබෙන විෂ බීජවලින් රෝගය බෝවීම වැළක්වීමේ හැකියාව තිබෙනවා.
පැපොල රෝගයේ Side Effect
සාමාන්‍යයෙන් Young කෙනෙක්ට හරි ළමා වියේදී හරි රෝගය ඇති වුණොත් අතුරු ආබාධ නැතිව සම්පුර්ණයෙන් සුව වෙනවා.නමුත් කුඩා දරුවන්ට ,මහළු අයට සහ ගැබිණි මවුවරුන්ට immunity එක අඩු නිසා side effect ඇති වෙන්න ඉඩ තියෙනවා
ගොඩක් වෙලාවට side effect විදිහට Skin එකේ ඇතිවන තුවාල, බැක්ටීරියා, ආසාදනවලට ලක්වීමේ සිට නිව්මෝනියාව සහ මොළයට විසබීජ ඇතුළුවීම දක්වා බරපතළ වෙන්න පුළුවන්
මෙවැනි අතුරු ආබාධ ඇතිවන අවස්ථාවලදී වගේම රෝග ලක්ෂණ අඩුකර ගැනීම සඳහා ද පැපොල වෛරසයට විරුද්ධව Antibiotics වෛද්‍ය උපදෙස් මත ලබා ගන්න පුළුවන්.
රෝගයෙන් වැළකෙන්නේ කොහොමද ?
- රෝගය වැළදෙන්නට පෙර varicella-zoster එන්නත ලබා ගත යුතුයි
- රෝගය සහිත පුද්ගලයින්ගෙන් ඈත් වී සිටිය යුතුයි
ඉතින් ඔයා chicken fox නම අහලා තිබුනට disease එක ගැන මේ තරම් දේවල් දැනගෙන හිටියේ නැහැ කියලා මම දන්නවා.ඒ නිසාම තමයි මම අද ඔයාට මේ ගැන කියලා දුන්නේ. ඔයාට දැන් මේ රෝගය වැළඳිලා නැත්නම් හැදෙන්න කලින් vaccine එක ලබා ගන්න.එතකොය්ට ඔයාට පුළුවන් මේ රෝගයෙන් බේරෙන්න



