Lemon කියන්නේ ගොඩක් හොඳ පළතුරක්.ඔව් ඔව් හොඳ විෂබීජ නාශකයක්.ඒ විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් ලෙමන් වලින් කරන්න පුළුවන්.හැබැයි ඒ මොනවද කියලා ඔයා දන්නේ නැහැනේ.ලෙමන් වල result ගැන ඔයා දන්නවා ඇතිනේ.හැබැයි තව දේවල් තියෙනවා.මම ඒවා ගැන ඔයාට අද කියලා දෙන්නම්.මොකද ලෙමන් කියන්නේ හිතන තරම් ලේසි පහසු වැඩ තොගයක් කරන කෙනෙක් නෙමෙයි.අපිට හිතා ගන්නවත් බැරි තරම් වැඩ ගොඩක් ලෙමන් වලින් සිද්ද වෙනවා.අපි බලමුද ඒ මොනවද කියලා
ලෙමන් වලින් වෙන්නේ මොනවද ?
01) ආහාර ජීරණය කිරීමට උපකාර කිරීම
ඒකට නම් කරන්න තියෙන්නේ උදෑසන නැගිට්ට ගමන් මොකුත් කන්නේ බොන්නේ නැතුව උණුසුම් ලෙමන් යුශ වීදුරුවක්, මී පැණි සමඟ පානය කරන්න. ආහාර ජීර්ණය පහසු කරන්න වගේම immunity එකටත් ගොඩක් හොඳයි.
02) Health එකටත් ගොඩක් වැදගත්
ලෙමන් යුශ විදුරු භාගයකට, පිරිසිදු ජලය දාලා ඒකට බේකින් සෝඩා තේ හැන්දක් එකතු කරන්න. සති දෙකක් සෑම උදෑසනකම පානය කරන්න. ඉන්පසු තවත් සති දෙකක් එම පානයෙන් වලකින්න.
මේකෙන් ඔයාගේ ජිර්ණ හැකියාව පහසු කිරීම, අනවශ්‍ය කොලෙස්ටෙරෝල් මට්ටම පාලනය කිරිම, පරිවෘත්තිය හැකියාව පහසු කිරීම සිදු කරනවා
03) අත් යට කළු වීම පාලනය කිරීම
මේක ඉතින් අපි හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක්නේ , ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට ලෙමන් ක්‍රියා කරනවා.නාන්න කලින් ලෙමන් කැබැල්ලකින් අත් යට අතුල්ලන්න. දවස් 7කින් ඔයාට හොද Result ලබා ගන්න පුළුවන්.
04) Infections වලටත් ගොඩක් හොඳයි
සමේ ආසාදනවලට, ආහාර විෂවීම හා ඇල්කොහොල් ආසාදන වලට ලෙමන් ගොඩක් හොඳ ඖෂධයක්.ඇල්කොහොල් නිසා සිරුරට ඇති වන අපහසුතා අඩු කරන්නට ලෙමන් පානය කරන්න පුළුවන්. ආහාර විෂවීම මෙන්ම ආසාදන නිසා සුව වෙමින් සිටින රෝගීන්ට ද ලෙමන් පානයෙන් සුවයක් ලැබෙනවා.ලෙමන් මිශ්‍ර ජලය පානය කිරීමෙන් මේ result ගන්න පුළුවන්.
05) බර අඩු කිරීම
ගොඩක් අයට දරුණුවටම තියෙන ප්‍රශ්නයක්නේ.මේ අධික බර කියන එක.ඒකට ඔයාට පුළුවන් ලෙමන් යුෂ පානය කරන්න.ලෙමන් වලින් සෞඛ්‍යට ගොඩක් benefit ලබා දෙනවා.රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමද සිදු කරනවා
06) ප්‍රතිශක්තීකරණය
ලෙමන්වල, ඉහළ ප්‍රතිශක්තීකරණය ගුණයක් තියෙනවා.ලෙමන් වල තියෙන ප්‍රතිබැක්ටීරියාකාරක හා ප්‍රතිවෛරස නිසා, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂා කරනවා.ඒ වගේම කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාවට ගොඩක් හොදයි.
07) වකුගඩුවල ගල් හා මුත්‍රාශ ගල් පාලනය
ලෙමන් තුළ අන්තර්ගත වන පොටෑසියම් ප්‍රමාණය මගින්, මුත්‍රාශයේ “citrates”ප්‍රමාණය වැඩිකර “oxalate” වළකා, වකුගඩුවල ගල් සෑදීම පාලනය කරයි. එසේම, ලෙමන් යුෂ පානය කිරීමෙන්, මුත්‍රාශයේ ගල් ද පාලනය වේ.
08) කුරුලෑ
උදෑසන ලෙමන් යුෂ පානය කිරීමෙන් කුරුලෑ සුව කරගන්න පුළුවන්
09) සම පැහැපත් කරන්නත් පුළුවන් ?
අවශ්‍ය වෙන්නේ
- දෙහි ගෙඩියක්
- මී පැණි තේ හැඳි දෙකක්
මෙහෙමයි හදාගන්නේ
- දෙහි යුෂ භාජනයකට එකතු කරගන්න.
- එයට මී පැණි එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
- මිශ්‍රණය සම මතුපිට හොඳින් ආලේප කර විනාඩි 15ක් තියලා සාමාන්‍ය ජලයෙන් සෝදාහරින්න.
- මෙය දිනකට දෙවතාවක් බැගින් ප්‍රතිඵල ලැබෙන තුරු කරන්න.
මීට අමතරව ඔයාට පුළුවන් ලෙමන් විතරක්ම අන්තර්ගත වෙලා තියෙන soap එක use කරන්න.මොකද ලෙමන් කියන්නේ oily skin එකක් තියෙන අයට ගොඩක් හොඳ result දෙන දෙයක්.skin එකේ තියෙන අධික oily ගතිය නැති කරලා සම පැහැපත් කරනවා.අනිත් විශේෂම දේ තමයි බ්ලිචින් ආසාදන සුව කරනවා.
ඉතින් දැන් ඔයාට පුළුවන් බය නැතුව ලෙමන් use කරන්න.මොකද ලෙමන් කියන්නේ ඖෂධිය ගුණය ගොඩාක් තියෙන පළතුරක්.ඔයාගේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට උත්තර අද ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා



