Like
Like Love Haha Wow Sad Angry

Wedding එක කියන්නේ ඔයාගේ Life එකේ වැදගත්ම දේ.wedding එකේදී තමයි ඔයා එක්ක හැමදාම ඉන්න කෙනා ගැන ලෝකයට කියන්නේ.ඔයා partner කෙනෙක් තෝරා ගන්නේ හැමදාම ඉන්නනේ.ඒ විතරක් නෙමෙයි සතුටින් ඉන්න.ඉතින් විවාහය වෙනකන් තිබ්බ සතුට විවාහ වෙලා මස 03 ක් යන්නත් කලින් නැති වෙන්න හේතු ගොඩක් තියනවා.ඒ පුංචි වැරදි ලොකු වෙන්න කලින් Understanding අරන් හදාගන්න ඕනේ.මොනවද ඒ වැරදි.මම ඔයාට කියලා දෙන්නන් කොහොමද ඔයයි එයයි හැමදාම සතුටින් ඉන්නේ කියලා.

01) කේන්ති ගන්න එපා

මේක නම් ඔයා අතින් වෙන්න ඕනේ ප්‍රධානම දෙයක්.ඇයි මේක ප්‍රධාන වෙන්නේ.? අපි මිනිස්සුනේ, අපි අතින් වැරදි වෙනවා. සමහර දේවල් නම් පොඩි පොඩි දේවල්.සමහර වෙලාවට ලොකු ලොකු වැරදීම් වෙන්නත් පුළුවන්.ගොඩක් වෙලාවට wife ගේ අතින් හොද්දට ලුණු පොඩ්ඩක් වැටිලා උයන කෑම එක රස නැතිවෙන්න පුළුවන්. husband අතින් පොඩි පොඩි දේවල් අමතක වෙන්න පුළුවන්.ඒ වගේ පොඩි දේවල් වලට මහා ලොකුවට තරහ අරන් විසඳන්න ගියාම තමයි ප්‍රශ්න වැඩි වෙලා දුර දිග යන්නේ.ඔයාට ගොඩාක් තරහ යනවා නම් ඔයාම හිතලා ඒක control කරගන්න try කරන්නම වෙනවා.ඒ වගේම තමයි ඔයාගේ husband ඉක්මනින් තරහා ගන්න කෙනෙක් නම් ඔයාට සිද්දවෙනවා අනිවාර්යෙන්ම එයා cool down වෙනකන් ඉවසන් ඉන්න.එහෙම වුණේ නැත්නම් ඔයාලගේ සතුට නැතිවෙයි.දෙන්නටම බැරි නම් එක්කෙනෙක් හරි මේ දේවල් හිතට ගන්න ඕනේ.

02) දෙන්නත් එක්ක කතා කරන්න

මම කළිනුත් කිව්වේ ජීවිතයේදී ප්‍රශ්න ඇතිවෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්.අඬනවා, හිනා වෙනවා,රණ්ඩු වෙනවා,යාළු වෙනවා, තරහ යනවා, මේ හැම දෙයක්ම වෙන්නේ ඔය දෙන්නා අතරනේ.එක එක Feeling එක්ක මේවා ඇතිවෙනවා.හැබැයි මේ වෙලාවට ඔයා අනිත් කෙනාව තේරුම් ගන්න එක නම් වෙන්නම ඕනේ.අනිත් කෙනාට ප්‍රශ්නයක් තියනවද කියලා මේ හැඟීම් වලින් ඔයාට තේරුණොත් ඔයා එයා එක්ක ඒ ගැන කතා කරන්න.සාකච්ඡා කරන්න.දෙන්නම එකතු වෙලා ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ඒ වගේම ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඔයාගේ husband ට කියන්න ලැජ්ජා වෙන්නවත් බය වෙන්නවත් එපා.ඒ වගේම ඔය දෙන්න අතරේ රණ්ඩු, ප්‍රශ්න තියෙනවා නම් ඒකට හොදම answer එක දෙන්නත් එක්ක කතා කරන එක.

03) ඉවසීමෙන් සැනසීම

ඉවසීම කියන්නේ Marry කරපු අයට විතරක්ම නෙමෙයි ඔයාට සාමාන්‍ය ජිවිතේ හැම වෙලාවේම කොතනක හිටියත් ඕනේ වෙන දෙයක්.ඔයාගේ marriage life එකට නම් අනිවාර්යෙන්ම ඕනේ වෙනවා.මේක සම්බන්ධ වෙන්නේ ගොඩක් මම මුලදී කියපු තරහ පාලනයත් එක්ක.husband ගොඩක් හේතුවක් නැතුව තරහ ගන්නවා නම් wife කරන්න ඕනේ husband ට වැඩිය ලොකුවට තරහ ගන්න එක නෙමෙයි.ඉවසන එක.ඉවසීමෙන් සැනසීම ලැබෙනවා වගේ ඔයාට සැනසීම හම්බ වෙයි.හැබැයි ඉතින් එයා හරි ඔයා හරි ගොඩාක් තරහ ගන්න එකෙත් සීමාවක් නැත්නම් ඔයාට එයා එක්ක කතා කරලා විසඳුමක් හොයාගන්න වෙනවා.ඒ විතරක් නෙමෙයි.අනිත් කෙනා අතින් වැරද්දක් වුණහම පලවෙනි පාර නම් ඔයාට ඒක ඉවසන්න වෙනවා.හැබැයි එකම වැරැද්ද නැවත නැවත ඒ වැරැද්ද කරනවානම් තමයි ඔයාට එයා එක්ක කතා කරලා විසඳුමක් හොයාගන්න වෙන්නේ.

04) වෙලාව වෙන් කරන්න

ඔයා ලෝකේ ලොකුම job එක කළත් ඔයා married නම් ඔයාට ඔයාගේ family එක වෙනුවෙන් වෙන් කරපු time එකක් තියෙන්නම ඕනේ.හැමදේටම වඩා කෙනෙක්ට ආදරය පෙන්නන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඔයා එයා වෙනුවෙන් time එක වෙන් කරන එක.දවසකට නියමිත වෙලාවක් ඒ වෙනුවෙන් තියෙන්න ඕනේ.ඒ වගේම ඔයා හරි එයා හරි ලෙඩ වුණහම, ප්‍රශ්නයක් ඇති වුණහම,හදිස්සියකදී එයා වෙනුවෙන් වෙලාව වෙන් කරන්න ඔයාට හැකියාවක් තියෙන්නම ඕනේ.එතකොට ඔයාගෙයි එයාගෙයි ආදරෙත් වැඩිවෙයි.

05) පරණ දේවල් අමතක කරන්න.

සාමාන්‍යයෙන් හැමෝටම වගේ love affairs තියෙනවා.ඔයා Meet වෙන්න කලින් එයාගෙත් affairs තියෙන්න ඇති.ඔයාගෙත් affairs තියෙන්න ඇති.ඒත් ඔයාලා දෙන්නා Marry කළාට පස්සේ පරණ දේවල් මතක් කර කර ඉන්න එපා.ඒ වගේම ඒ දේවල් ගැන කතා කරන්නත් එපා.පරණ දේවල් මතක් කරලා ඒ දේවල් හේතුවක් කරගෙන රණ්ඩු ඇති වෙලා තියෙන family ඕනේ තරම් තියෙනවා.ඒ නිසා පරණ දේවල් අමතක කරන්න පුළුවන් නම් තමයි ගොඩක් හොඳ.ඔයාලා marry කරනවා කියන්නේ එකිනෙකා වෙනුවෙන් ජිවිත කාලය පුරාවටම ඉන්නවා කියලා කැමැත්තෙන්ම පොරොන්දුවක් දීලා බැඳෙන බැඳීමක්.ඉතින් ඒ බැඳීමට යනකොට පුළුවන් තරම් ඔයාගෙයි එයාගෙයි පරණ දේවල් ගැන මතකය අමතක කරන්න.ඒවා මතක් වුණත් ඒවා මතක බව හරි ඒවායේ වැදගත්කම හරි කාටවත් කියන්නවත් මතක් කර කර ඉන්නවත් හදන්න එපා.ඒවා අතීතයට තියලා ඔක්කොම අමතක කරලා දාන්න.

ඉතින් ඔන්න ඔයා marry කරන්න ඉන්නව් නම් මේ දේවල් අනිවාර්යෙන් හිතේ තියාගන්න.ඔයා දැනටත් marry කරලා නම් ඔය දේවල් අනිවාර්යෙන්ම හිතන්න ඕනේ.ඒ දේවල් ගැන හොඳට හිතලා ඉවසීමෙන් කටයුතු කරන්න.එතකොට ඔයාගේ marriage life එක තවත් ලස්සන වෙනවා වගේම boring වෙන්නෙත් නැහැ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here