මම හිතන්නේ දැන් Wedding පහු වුණ අය Wedding වලට Ready වෙනවා ඇති.Beauty Treatment කරනවත් ඇති.හැමදේටම Ready වෙන්න ඕනේ නිසා වැඩත් ගොඩ වෙලා ඇති.හරි ඒ කොහොම හරි ඔයා මේ දවස් වල Beauty Treatment කරන නිසා මම කියන්නම් Skin එකට ගොඩක් හොඳ Scrub එකක් ගැන.ඔයා දන්නවනේ Coffee Powder වලට Skin එක Glow කරන්න පුළුවන් කියලා.ඔන්න ඉතින් ඒ නිසා මම අද කියන්නම් Full body එකම glow කරන Coffee Scrub එකක් ගැන
අවශ්‍ය ද්‍රව්‍ය

- කෝපි තේ හැඳි 05ක්
- සීනි Cup 1/2
- ඔලිව් හෝ අමන්ඩ් Oil තේ හැඳි – 04ක්
සාදාගන්නා ආකාරය

- භාජනයකට කෝපි තේ හැඳි 05 දමාගන්න
- එයට සීනි, ඔලිව් හෝ අමන්ඩ් Oil එකතු කරලා Mix කරගන්න
- දැන් හදාගත්ත මිශ්‍රණය මුහුණේ සහ සිරුරේ ආලේප කරන්න
- ඊටපස්සේ විනාඩි 30කින් සෝදන්න
- සතියට දවස් 2 – 3ක් මේ Treatment එක කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි
මෙන්න මේ විදිහට ඔයාට මේ Scrub එක කරන්න පුළුවන්. මේ Scrub එකෙන් Skin එකේ තියෙන මැරුණු සෛල ඉවත් කරනවා. ඒ වගේම skin එක glow කරනවා.
ගෙදරදී මේ දේවල් හදාගන්න අමාරුයි නම් ඔයාට පුළුවන් වෙළඳපොලේ තියෙන හොඳ ප්‍රමිතියක් සහිත Scrub එකක් මිලදී ගන්න.ඒ වගේ එකක් මිලදී ගන්නවා නම් විශේෂයෙන්ම olive oil, almond සහ apricot අඩංගු scrub එකක් මිලදී ගන්න. එමඟින් ඔයාගේ සමේ කොලැජන් සෛල වර්ධනය කර තරුණ පෙනුම රැකදීම, සම සිසිනිදු කර දිදුලන පැහැයක් ලබාදීම, අහිතක හිරු එළියෙන් සම ආරක්ෂා කිරීම, සමේ තෙතමනය ආරක්ෂා කිරීම සහ කුරුලෑ ඇති වීම පාලනය කරනවා .
ඔයා හිතනවට වඩා ගොඩක් හොඳ Result එකක් මේ Scrub එකෙන් ලබා ගන්න පුළුවන්.wedding එකට දින ලං වෙනකන්ම Traetment එක දිගටම කරන්න අමතක කරන්න එපා.



