Like
Like Love Haha Wow Sad Angry
2

Fashion කියන්නේ අපේ ජිවිතයේ විශේෂ කොටසක්නේ.ඉතින් මේ කොටසට අයත් දෙයක් තමයි අපේ කොන්ඩේ කියන්නේ.කොන්ඩෙත් එක්ක සෙල්ලම් කරන්න බැහැනේ.මොකද හිසකෙස් ගැලවෙන්න පුළුවන් ,Damge වෙන්න පුළුවන් නිසා.එහෙම නැත්නම් අපි කොන්ඩේ කඩාගෙන ඉන්නකොට ඉක්මණින් ඇවිස්සෙනවා.එහෙමත් නැත්නම් අවුල් වෙනවා.ඒ නිසා අපිට ඕනේ විදිහට ලස්සනට Hair Style එකක්වත් දාන්න විදිහක් නැහැ.ඒ නිසා මම අද කියන්නම් කොන්ඩේ අව්ල් වෙන්නේ නැතුව ලස්සනට තියාගන්න Tips කිහිපයක් ගැන

හැමදාම Shampoo භාවිතා කරන්න එපා

කොන්ඩේ නිතරම අවුල් වෙන්නේ හිසකෙස් Dry නිසා.Dry වෙන්න හේතුව තමයි දිනපතා Shampoo කිරීම.එහෙම නැත්නම් ඔයාගේ කොන්ඩේ Dry කියලා දැන දැනමත් හැමදාම Shampoo කරන එක.එහෙම කරන එකෙන් වෙන්නේ කොන්ඩේ තව තවත් Dry වෙන එක.ඒ නිසා හැමදාම නාලා Shampoo දාන්න එපා.දැන් ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ රස්නේ දවස්වල නාන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන එක.නැහැ නැහැ නාන්න එපා කියලා නමෙයි කිව්වේ.හැමදාම Shampoo දාන්න එපා කියලා.ඔයා කොණ්ඩෙට Shampoo දාන්න ඕනේ සතියකට දින 03ක් විතරයි

Shampoo සහ Conditioner

අපි ගොඩක් වෙලාවට කරන්නේ Shampoo අරගෙන හිස්කබලට වැඩෙන විදිහට තමයි Shampoo කරන්නේ.හැබැයි ඒක නම් හොඳ වැඩක් නෙමෙයි,ඒ විදිහට කරන්න ගියොත් ඔයාගේ කොන්ඩේ අවුල් වෙන්න බලනවා.ඉතින් හිසකෙස් අවුල් වෙන එක නතර කරගන්න නම් හිස කෙස් මුල විතරක් Shampoo කිරීම ප්‍රමාණවත්.ඒ වග්ම Shampoo එකක් ගන්නකොට sulfate අඩංගු වෙලා තියෙන Shampoo එකක් ගන්න

ඒ වගේම Conditioner එකක් Use කරන්නත් ඕනේ.සාමාන්‍යයෙන් Conditioner එකකින් කරන්නේ හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කරන එක.ඒ නිසා Shampoo දාන හැම වෙලාවකම Conditioner දාන්නත් අමතක කරන්න එපා. හැබැයි ඒ වගේම ඔයා conditioner භාවිතා කරද්දී හිස් කබලේ ගෑවෙන්න නැති වෙන්න වග බලාගන්න.

Silicone Oil එකක් නිතරම භාවිතා කරන්න.

හිසකෙස් වල තියෙන Dry ගතිය නැති කරන්න Silicone Oil වලට පුළුවන්. මේ oil එක හිස කබලට වදිනවට වඩා වැඩිනම් අවශ්‍ය වෙන්නේ හිසකෙස් වල ආලේප කරන එක. ඒ විතරක් නෙමෙයි කොන්ඩේ පීරනකොට දැති ලොකු පනාවක් භාවිතා කරන්න.

තව රහසක් තියෙනවා.ඒ තමයි පනාවේ දැති වලට Silicone Oil Spray කරලා කොණ්ඩය පිරුවොත් පහසුවෙන්ම අවුල් ඉවත් කර ගන්න පුළුවන්.

මෙන්න මේ දේවල් කළොත් ඔයාට පුළුවන් කොන්ඩේ අවුල් වෙන්නේ නැතුව ලස්සනට තියාගන්න.එකනේ ඉතින් දැන් අපිට අවශ්‍යම වෙන්නේ.මේ විදිහට අවුල් නැති කොණ්ඩයක් ඕනේ නම් මම අද ඔයාට කියාලා දුන්න දේවල් කරන්නම වෙනවා

Like
Like Love Haha Wow Sad Angry
2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here