සම්මුඛ පරීක්ෂණ එහෙමත් නැත්නම් Interview වලට අපි ජීවිතයේ ඕනේ තරම් Face කරලා ඇති.සමහර ඒවා Pass වෙනවා ,තවත් ඒවා Fail වෙනවා.සමහර ඒවා Pass වෙන්නත් ගොඩක් ඒවා Fail වෙන්නත් හේතු තියෙනවා.ඒ මොනවද කියලා අපිට හිතාගන්නවත් බැරි වෙන්න පුළුවන්.ඒ Fail වීමට හේතුව සමහරවිට පුංචිම පුංචි වැරද්දක් හරි අඩුපාඩුවක් හරි වෙන්න පුළුවන්.කවුද කැමති ආසාවෙන් Apply කරපු Job එකේ Interview එකෙන් Fail වෙන්න නේද ? අන්න ඒ නිසා Interview එකකට යන්න කලින් හොඳ Ready වෙලා යන්න ඕනේ. කොහොමද Ready වෙන්නේ කියලා හිතන්න එපා.මම කියන්නම්.
කළින් දවසේ කරන්න ඕනේ දේවල්

Interview එකට කලින් දවසේ ඔයා ඇඳගෙන යන්නේ මොකක්ද ? මොනවද ගෙනියන්න ඕනේ කියන හැමදෙයක්ම ලෑස්ති කරලා තියාගන්න.Interview එක තියෙන දවසේ මේ සේරම හදිස්සියේ ලැස්ති කරගන්න ගියොත් වෙන්නේ අවශ්‍ය හැමදෙයක්ම අරගෙන යන්න බැරි වෙන එක,එහෙමත් නැත්නම් පිළිවෙලකට යන්න බැරි වෙන එක.ඒ නිසා Interview එකට කළින් දවසේ හැමදෙයක්ම හොඳට බලලා arrange කරගන්න
වෙලාවට වැඩ

Interview එකකට යනකොට දීලා තියෙන වෙලාවට වඩා පැය භාගයකටවත් කළින් යන්න ඕනේ.මොකද වෙලාවට වැඩ කරන අයට තමයි හැමෝම කැමති.අනිත් එක වෙලාවට කළින් ගියහම ඔයාගේ හිතේ තියෙන බය නැති නැති කරගෙන සැහැල්ලු වෙලා කිසිම Tension එකක් නැතුව Interview එකට Face කරන්න පුළුවන්.
හැසිරෙන විදිහ

Interview එකකට යනවා නම් ඔයා අනිවාර්යයෙන් හැසිරෙන විදිහ පොඩ්ඩක් හදාගන්න වෙනවා.එතැනදී මුලින්ම ඔයාගේ ඇඳුම් ,පැළඳුම් ,ගමන බිමන ,කතා බහ කියන හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න ඕනේ.ඒ කියන්නේ වෙනදා කතා කරන විදිහට නැතුව සංවරව ,ආචාරශිලිව හැසිරෙන්න.නැත්නම් ඒ දේවල් වලිනුත් ඔයාගේ ලකුණු කැපෙන්න ඉඩ තියෙනවා.අනිත් කාරනාව තමයි Interview එකකට යනවා නම් චාම් වගේම සරල සාරි එකක් ,එහෙමත් නැත්නම් Office Kit එකක් ඇඳගෙන යන්න.
පැහැදිලිව කතා කරන්න

Interview එකකදී විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතයේදීත් අපි පැහැදිලිව වගේම කෙලින් කතා කරන්න පුරුදු වෙන්න ඕනේ.ඒක හොඳ පෞර්ෂ ලක්ෂණයක්.ඉතින් Interview එකට ගියාට පස්සේ Interview Bord එක අහන ප්‍රශ්න වලට පැහැදිලිව උත්තර දෙන්න.එහෙ මෙහෙ බලන්නේ නැතුව ප්‍රශ්නය අහන කෙනාගේ ඇස් දිහා කෙළින් බලාගෙන නිවැරදි පිළිතුරු ලබා දෙන්න.
අඳින්නේ කොහොමද?

Interview එකකට යන්න කලින් ඇඳන් යන ඇඳුම ගැන ගොඩක් වෙලාවට ඔයා වද වෙනවා. හිතාගන්න බැහැ නේද මොකක්ද අඳින්නේ කියලා. හැබැයි ඔය මොන ඇඳුම ඇන්දත් අනෙක් අයට අලස පෙනුමක් හෝ ඔබ කිසිදු උත්සාහයක් ගෙන නැති ආකාරයට වැරදි හැඟීමක් ඇති වන ආකාරයට නම් අඳින්න එපා. ඔයා අඳින ඇඳුම මිල අධික එකක් වෙන්නත් ඕන නැහැ. පිරිසිදු, බුද්ධිමත් හා පිළිවෙලට පෙනෙන ඇඳුමක් අඳිනවා නම් හොඳටම ඇති. මේ සඳහා ඔයාට smart casual අඳින්න පුළුවන් හැබැයි ඕනෑම උපාධිධාරී රැකියා සම්මුඛ පරීක්ෂණයකට නම් සාරියක් හෝ ඔසරියක් අඳින්න අමතක කරන්න එපා.
ඉතින් මම ඔයාට කියලා දුන්නේ අපේ ජීවිතේට ගොඩක් වැදගත් වෙන දෙයක්.දැන් ඕනේ නැති වුණත් කවදාහරි ඔයාට මේ දේවල් වැදගත් වෙයි.ඒ නිසා Interview එකකට යන්න කලින් මේ දේවල් ගැන හොඳින් සැලකිලිමත් වෙන්න



