දැන් ඔන්න Wedding එකත් ළඟ ළඟම එනවා.ඉතින් ළඟ ළඟම ආවාට මොකක්ද අඳින්නේ කියල තාම හිතුවේ නැහැ නේද?ඒක ටිකක් සංකීර්ණ වැඩක්.ඒත් අඳින එක මොකක්ද කියලා හරියටම Decide කරගන්න එක නම් කරන්න ඕනේ.මොකද දන්නවද.නැත්නම් Wedding එක දවසට ඔයා අඳින dress එක ඔහේ කමක් නැහැ කියලා ඇඳගෙන ගියොත් වෙන්නේ ලොකු ප්රශ්නයක්.ඔයාට ඔයාගේ Wedding photos වල කැතට පෙනෙයි.එහෙම නැත්නම් Wedding එක දවසට Dress කරනකොට ඒක ඔයාට පෙනෙයි.ඉතින් ඒ වගේ දුක් වෙන්නේ නැතුව කරදර වෙන්නේ නැතුව කලින් Plan කරන්න.ඊට පස්සේ Match වෙන එකක් Select කරගන්න.දැන් කොහොමද Match වෙන එක හොයාගන්නේ.අන්න ඒ ප්රශ්නෙට උත්තරේ මම අද ඔයාට කියන්නම්.
අපි මුලින්ම බලමු මොනවද අපේ body shape වර්ග කියලා
- පෙයාර්ස් හැඩයේ ත්රිකෝණාකාර සිරුරකට
- ඇපල් හැඩයේ සිරුරකට
- වැලි ඔරලෝසු හැඩයේ සිරුරකට
- කොටු හැඩයේ සිරුරකට
පෙයාර්ස් හැඩයේ සිරුරකට

ඔයාට තියෙන්නේ පෙයාර්ස් හැඩයේ සිරුරක් නම් උරහිස් වල ප්රමාණය කුඩා වන අතර ඊට සාපේක්ෂව උකුලේ ප්රමාණය විශාල වෙනවා.ඔයා frock එකෙන් select කරගන්නවා නම් උරහිස් වල ප්රමාණය විශාල කර පෙන්වන උකුලේ ප්රමාණය අඩු කර පෙන්වන dress එකක් select කරගන්න.ඒ විතරක් නෙමෙයි ගවුමේ කර ටිකක් ගැඹුරු කැපුමක් එක්ක තියෙන එකක් වෙන්නත් ඕනේ.ඊට පස්සේ ඒකට ගැලපෙන ලස්සන necklace එකක් දාන්නත් අමතක කරන්න එපා.
ඇපල් හැඩයේ සිරුරකට

ඇපල් හැඩති සිරුරක් තියෙන ඔයාගේ ඉණ ප්රදේශය විශාල වෙන අතර අත් සහ කකුල් සිහින්ව තමයි පිහිටලා තියෙන්නේ.මේ වගේ යුවතියක් තෝරා ගන්නා ගවුමේ කර V shape වෙන්න ඕනේ.ඉතින් මේ වගේ V shape කරකින් ඔයාගේ සිරුරේ ඉනෙහි විශාලත්වය වෙත නෙත යොමු වීම වැළකෙනවා.ඉන උසට දමා, සාය කොටස ඉහල සිට දිගට ඇති Frock එකක් select කර ගන්න.A shape සාය ඔබේ ඉණෙහි විශාලත්වය සඟවනවා.
වැලි ඔරලෝසු හැඩයේ සිරුරකට

ඔයා මේ වගේ සිරුරක් හිමි කෙනෙක් නම් ඔයාගේ ඉණ ටිකක් සිහින්.ඉතින් ඔයාගේ උකුලේ ප්රමාණයත් උරහිස් වල ප්රමාණයත් එක සමානයි.ඒ නිසා ඔයා low-cut neckline එකක් තියෙන ගවුමක් තෝරා ගන්න.ඉතින් මේ වගේ සිරුරක් තියෙන කෙනෙක්ට ගැලපෙන්නේ A shape සාය හෝ සිරුරේ ප්රමාණයටම ඇති දිගු සාය සහිත ගවුමක් තමයි.
ඉතින් ඔයාටත් තියෙන්නේ මේ මම කියපු විදිහේ body shape එකක් නම් ඔයාටත් පුළුවන් මම කියපු දේවල් ගැන හිතලා බලන්න.මොකද එතකොට තමයි ඔයාට පුළුවන් හරියටම match වෙන dress එක මොකක්ද කියලා හොයාගන්න.නැත්නම් ඉතින් වෙන්නේ wedding එක දවසට ලස්සන නැහැ කියලා දුක් වෙන්න තමයි.එහෙම වෙන්න ඕනේ නැහැනේ,ඒ නිසා මෙහෙම කරන්න



