Like
Like Love Haha Wow Sad Angry
3

Nail arts කියන්නේ අපි හැමෝම කැමති දෙයක්නේ.nails වල තියෙන ලස්සන තවත් ලස්සන වෙන්නේ nail polish ආලේප කිරීමෙන්.සමහර වෙලාවට අපි nail polish ආලේප කලත් ලස්සන නැති වෙන්න පුළුවන්.ඉතින් ඒ නිසා කැත වෙන්නේ නැතුව ලස්සනට nail polish ආලේප කරන්නේ කොහොමද කියලා මම අද ඔයාට කියලා දෙන්නම්.

01st Step

මුලින්ම nail polish ගලවන්න කලින් දෑත් සෝදා හොඳින් පිසගන්න.සාමාන්‍යයෙන් තෙත ගතියක් සහ oily ගතියක් තියෙන නියපොතු මත නිවැරදි ලෙස Nail polish ආලේප කිරීම අපහසුයි.ඒ වගේ අත් වල cream ආලේප කරලා තියෙනවා නම් ඒවාත් සෝදන්න අමතක කරන්න එපා.

ඊළඟට කරන්න ඕනේ අත් සෙලවෙන්නේ නැති වෙන්නේ නැති විදිහට මේසයක් වගේ සමතලා බිමක අත් තියාගන්න එක. එතකොට ඔයාට කරන්න පුළුවන් පුටුවක වාඩි වෙලා මේ වැඩේ කරන්න.

02nd Step

දැන් Qutex ගානකොට නියපොතු වල වගේම ඇඟිලි වලත් ගැවෙනවා.එතකොට මොකද කරන්නේ.ඒකට කරන්න තියෙන්නේ නියපොතු වටා සමේ වැස්ලින් හරි ගම් හරි ආලේප කරන්න.ඊට පස්සේ Qutex ගෑවට පස්සේ පිට ප්‍රදේශ වල තැවරුණු Nail polish ලේසියෙන්ම ඉවත් කර ගන්න පුළුවන්.

Special Tricks

Nail polish ගාන්න කලින් මේක නම් හොඳට මතක තියාගන්න ඕනේ දෙයක්.ඒ තමයි Base Coat එක.කෙලින්ම Nail polish Nail වල apply කළොත් Qutex එකේ තියෙන Chemicals වර්ග ඔයාගේ nail වලට හානි ඇති කරන්න පුළුවන්.ඒ නිසා Qutex ගාන්න කලින් Base Coat එක apply කරන්න.

ඒ විතරක් නෙමෙයි Nail polish ආලේප කලාට පස්සේ Top Coat එකක් apply කරන්න.එහෙම කළොත් ඔයාට ඔයාගේ nail polish සීරෙන එක ,ගැලවිලා යන එක නතර කරගන්න පුළුවන්.

ආ…. ඊළඟට වැදගත් දෙයක් තියෙනවා.අපි සාමාන්‍යයෙන් nail polish ආලේප කලට පස්සේ සතියකටත් වඩා තියාගෙන ඉන්නවානේ.ඒ වැඩේ නම් හරියන එකක් නෙමෙයි.අපි සාමාන්‍යයෙන් දවස් තුනකට සැරයක්වත් nail polish remove කරන්න ඕනේ

දැන් ඔයාටත් පුළුවන් ලස්සනට nail polish කරගන්න,වෙනදා වගේ අත පුරාම ගාගන්නේ නැතුව ලස්සනට apply කරගන්නේ කොහොමද කියලා මම ඔයාට කියලා දුන්නනේ.ඒ විදිහට කරලා බලන්න.එතකොට ඔයාට හිතාගන්නවත් බැරි තරම් ලස්සනට finish එකක් කරගන්න ඔයාට පුළුවන්

Like
Like Love Haha Wow Sad Angry
3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here