සබඳතාවයක් කියන්නේ එයා එක්ක තියෙන සම්බන්දය විතරක් නෙමෙයි.අම්මා ,තාත්තා ,අයියා, අක්කා වගේ පවුලේ අයත් එක්ක තියෙන affair එකත් වැටෙන්නේ සබඳතා වලට.හැබැයි love affair එකක් කියන්නේ නම් පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක්.මොකද love affair එකක් කියන්නේ sensitive දෙයක්.ඒ කොහොම වුණත් මේ ඕනෙම Affair එකක් ශක්තිමත් කරගන්න වගේම දීර්ඝ කාලයක් පවත්වාගෙන යන්න සබඳතාවය ඇතුලේ තියෙන්න ඕනේ දේවල් කිහිපයක් තියෙනවා.ඒ මොනවද කියලා මම අද ඔයාට කියලා දෙන්නම්.
මුලින්ම Trust එක

trust එක කියන්නේ පවුලක් ඇතුලේ තියෙන සතුට වගේම healthy life එකටත් ගොඩක් වැදගත් දෙයක්.ඉතින් ඔයා එයාව විශ්වාස කරන්නේ නැත්නම් family එක ඇතුලේ සතුටක් තියෙන්න විදිහක් නැහැ.කවුද අකමැති සතුටින් ඉන්න.ඒ නිසා ඔයා affair එකක් පටන් ගන්න හිතනවා නම් අනිවාර්යයෙන්ම එයාව විශවාස කරන්න පුරුදු වෙන්න
ඒ වගේම ඔයාට මොකක්ම හරි දෙයක් ගැන සැකයක් තියෙනවා නම් ඒ ගැන අහන්න. එයත් එක්ක කතා කරලා ඔයාගේ ප්‍රශ්නේ clear කරගන්න.නැත්නම් ඔයාගේ ප්‍රශ්නේ හිතේ තියාගෙන එයා ගැන සැක කර කර ඉන්න ගියොත් වෙන්නේ ප්‍රශ්නේ කවදාවත් විසඳ ගන්නත් බැරි වෙනවා.ඒ විතරක් නෙමෙයි ඒ ගැන හිත හිත දුක් වෙන්නත් වෙනවා.ඔයාගේ ලඟින්ම ඉන්න කෙනත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නේ මොකටද? ඒ නිසා ඕනෙම දෙයක් කතා කරලා විසඳගන්න එක තමයි හොඳම වැඩේ.
එකිනෙකාට ගරු කරන්න

ඕනෙම කෙනෙක් කැමති තමන්ට ගරු කරනවා නම්.හැබැයි කොච්චර ගරු නම්බු නාම ලබාගන්න ආසාව කැමැත්ත තිබ්බත් වැඩක් නැහැ.මොකද තමන්ට බැරි නම් තව කෙනෙක්ට ගරු කරන්න.ඒ විතරක් නෙමෙයි විවේචන කරන්නත් පුරුදු වෙලා ඉන්නවා.ඒක නම් හොඳ දෙයක් නෙමෙයි.
තව දෙයක් තමයි එයාව ඔයාට ඕනේ විදිහට වෙනස් කරන්න යන එක.මේකෙන් වෙන්නේ ඔයාලා දෙන්නා අතරේ ප්‍රශ්න ඇති කරන එක.ප්‍රශ්න කියන්නේ ජීවිතේට එන දේවල් තමයි.හැබැයි අපි විසින්ම ඇති කරගන්න ප්‍රශ්නත් ඕනේ තරම් තියෙනවනේ.සතුටින් family life එක ගත කරන්න ඕනේ නම් එහෙම කරගන්න එපා.happy එකේ family life එක ගත කරන්න හිතනවා නම් ඔයා කරන්න ඕනේ එයා ගන්න තීරණ සහ අදහස් වලට ගරු කරන එක.හැබැයි ඒ අදහස් වල වැරද්දක් තියෙනවා නම් ඔයා එයත් එක්ක කතා කරලා ඒ දේවල් settle කරගන්න.
ආදරයත් ඕනෙමයි

8iop[
2. `ඔයාලා දෙන්නා අතර ආදරයක් නැත්නම් affair එක දිඟටම පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ නැහැ.affair එක ශක්තිමත්ව ගෙනියන්න නම් අනෙත් කෙනා ගැන ආදරය වගේම ප්‍රශංසාව ගැන හැඟීමක් තියෙන්න ඕනේ.ආදරය විතරක්ම නෙමෙයි ජීවිතය කියන්නේ.ඔයාට එයා ගැන දැනෙන විදිහ වගේම ඔයාට එයාව ජිවිතයට කොච්චර වටිනවද සහ වැදගත්ද කියලා ඉඳලා හිටලා එයාට කියන්න.එතකොට ඉතින් එයාගේ ආදරෙත් එලියට එයි,නැත්නම් හැමදාම ඒකාකාරිව ඔහේ life එක ගෙවෙනවා.එහෙම නොවී life එක change කරගන්න try කරන්න.
Please Attention

ඔයා සමහර වෙලාවට එයා කියන කිසිම දෙයක් ඇහුනත් ඇහුනේ නැහැ වගේ ඉන්නවා.ඔයා එයාව ගණන් ගන්නේ නැහැ කියලා දැනුනහම එයාට සමහරවිට තරහ යන්නත් ඇති.එහෙම නැතුව ඔයා එයා කියන හැමදෙයක් ගැනම ඇහුම්කන් දීලා අහගෙන ඉන්න.එයා සමහරවිට කැමති ඇති ඔයත් එක්ක කතා කර කර ඉන්න.එහෙම වෙලවට ඔයා එයත් එක්ක කතා කරන්න.ඒ වගේම දවසේ වුණ හැමදෙයක්ම එයත් එක්ක කතා කරන්න.ඔයා එයාගෙනුත් අහන්න අද දවස් කොහොමද කියලා.එතකොට තමයි affair එකක් strong වෙන්නේ
හොඳම Communication එක

සන්නිවේදනය කියන්නේ කෙනෙක්ව සතුටු කරන්න වගේම හිතක් රිද්දන්නත් පුළුවන් දෙයක්.ඔයා හිතුවේ නැති වුණාට සන්නිවේදනය කියන්නේ affair එකකට වැදගත්ම දෙයක්.ප්‍රශ්නයක් වුණත් විසඳගන්න ඕනේ කතා කරලානේ.එහෙම නැත්නම් හිතේ තියාගෙන ඉදලා වැඩක් නැහැ.කිසිම දෙයක් විසදෙන්නෙත් නැහැ.ප්‍රශ්නම විතරක් නෙමෙයි ඔයාගේ හිතේ තියෙන හැඟීම් වගේ දේවල් එයාට කියන්න.නැත්නම් එයා ඔයා ගැන වැරදියට හිතන්න පුළුවන් එහෙමත් නැත්නම් අවිශ්වාස කරන්න පුළුවන්.ඒ නිසා ඔයාට දැනෙන හැඟීම් දැනීම් එයාට කියන්න.
ඉතින් ඕනෙම affair එකක් දිගු කාලයක් පවත්වාගෙන යන්න නම් ආදරය තමයි වැදගත් වෙන්නේ.ඒ විතරක් නෙමෙයි විශ්වාසය ,එකිනෙකා කෙරෙහි ඇති ගෞරවයත් වැදගත්.මම ඔයාට කියලා දුන්න පොඩි පොඩි tricks කරලම බලන්නකෝ.එයාටයි ඔයාටයි වෙනදට වඩා ආදරේ දැනෙයි



